පසුගිය දා සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ සාමකාමී පාගමනට එල්ල කළ පොලිස් ප්‍රහාරය පිළිබඳව විරෝධතා උද්ඝෝෂණයක් ඊයේ (25) ජපානයේ ටෝකියෝ හි පවත්වා තිබෙනවා. ඒ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින්.
‘සමාජවාදී තරුණ සංගමයේ සාමකාමී පාගමනට රනිල් – රාජපක්ෂ දූෂිත පාළකයින් එල්ලකළ ප්‍රහාරයට එරෙහිව’ යනුවෙනුයි මෙම විරෝධතා උද්ඝෝෂණය පවත්වා තිබෙන්නේ. එය සංවිධානය කර ඇත්තේ ‘ජපානයේ ශ්‍රී ලාංකික එකමුතුව’ විසින්.