• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අඳුරටම සාප නොකර තමන්ගේ පහන් දැල් වූ මිනිස්සු…

March 7, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
අඳුරටම සාප නොකර තමන්ගේ පහන් දැල් වූ මිනිස්සු…
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය කියලා කියන්නේ සන්නිවේදනයේ නවමු ප්‍රවණතාව. ලෝකය සන්නිවේදනය ගැන කතා කරද්දී සමාජ මාධ්‍ය ගැන කතා කරන්නේ එහෙම. ජනමාධ්‍යයේ තාක්ෂණික දියුණුව ගැන කතා කරද්දී අපි කියනවා පැරැණි මාධ්‍යවලින් නව මාධ්‍යවලට මේ වන විට ලෝකය පරිවර්තනය වෙලා තියෙනවා කියලා. බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මේ පැරැණි මාධ්‍ය, එහෙම නම් රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් කියන ඒවායේ තිබුණු විශ්වසනීයත්වය, ආරක්ෂිත බව ඇතුළු බොහෝ ගුණාංග සමාජ මාධ්‍ය තුළදී නැතිවෙලා ගිහින් කියලා. ඒක නිසා බොහෝ දෙනෙක් හිතන්නේ මේ සමාජ මාධ්‍ය කියලා කියන්නේ සෙල්ලක්කාර, තරුණයන්ට ගැළපෙන, කලබලකාරී, විශ්වසනීයත්වයෙන් තොර, ඉක්මනින් ප්‍රතිචාර දක්වන දෙයක් කියලා. ඒක සමාජ මාධ්‍යවලට හානියක් කියන මතය තමයි වැඩිපුර අහන්න දකින්න ලැබෙන්නේ. ඔය කියන ලක්ෂණ සමාජ මාධ්‍ය තුළ තියෙනවා නම් හැබෑවටම සමාජ මාධ්‍ය තුළ යම් ප්‍රශ්නයක් තියෙන බව ඇත්ත. කොහොම නමුත් මේ අපි කතා කරන්න යන්නේ සමාජ මාධ්‍යවල නරක ගැන නෙවෙයි. ගොඩක් වෙලාවට අපි නරකයි කියන සමාජ මාධ්‍යවල තියෙන මහා පුදුමාකාර හොඳක් ගැනත් අපට කතා කරන්න සිදුවෙලා තියෙනවා.

මේ ගතවෙමින් යන්නේ මිනිස්සු හරිම අමාරුවෙන් ජීවත් වෙන කාලයක්. හුඟ දෙනකුට ආර්ථික අපහසුතා තියෙනවා. ජීවත් වෙන්න විදියක් නැතුව මිනිස්සු ගෙල වැලලා ගත්තු අවස්ථා, ණය ගෙවාගන්න බැරුව පවුල් පිටින් මියගිය අවස්ථා එකක් දෙකක් නෙවෙයි, විශාල ප්‍රමාණයක් අපට අහන්න දකින්න ලැබුණා. ඒ අස්සේ අපි මේ කතාව ලියන්න තීරණය කළා. ඇත්තටම මිනිහෙක් වීරයෙක් වෙන්නේ මියගියාට පස්සේ නෙවෙයි, ජීවත් වෙලා හිටියොත්. සමාජ මාධ්‍ය මේ වෙලාවේ මෙන්න මේ වීරයන්ගේ කතා සමාජගත කරමින්, ඒ අයට ශක්තියක් වෙන්න පුළුවන් විදියට වැඩ කරනවා කියලා අපට අහන්න දකින්න ලැබුණා. අපට දකින්න ලැබුණා ‘මනුසත් හද’ කියන ෆේස්බුක් පිටුවක තිබුණා මෙන්න මෙහෙම එකක්.

‘ඒලෙවල් ඉවර වෙලා ගෙදරට වෙලා නිකන් ඉන්නේ නැතුව තුනපහ බිස්නස් එකක් පටන් ගත්තු නිසා මම සතුටින්. කෑල්ලත් ඕනෙම දේකට උදව් කරන්න ඉන්න නිසා තවත් සතුටුයි. කිරිබත්ගොඩ ඉස්පිරිතාලෙට යන පාර ළඟ මම ඉන්නේ. ඔයාලත් බඩු ගන්න ආවොත් තවත් සතුටුයි….’

මේ සටහන යටින් ඒ නංගිගෙයි, මල්ලිගෙයි ඡායාරූපයකුත් පළකරලා තිබුණා. ප්‍රශ්නයක් වුණාම දෙන්නත් එක්කම එකටම එල්ලිලා මැරෙනවා වෙනුවට මේ කොල්ලයි, කෙල්ලයි දෙන්නම එකතු වෙලා මොළෙන් ගේමක් ගහපන් කියලා මනුසත් හද පිටුවේ පළකරලා තියෙනවා. ඇත්තටම මේ පින්තූර සහ කතාව සත්‍යයක් නම් (අපි ඒ පින්තූර සහ කතාව ලිපියත් සමග පළ කරනවා) මේ අපේ රටේ වීරයන්ගේ කතාවක්. ජීවිතේ පැරැදිලා පලායනවා වෙනුවට, අතහැරලා දානවා වෙනුවට ජීවිතේට හයියක් වෙන්න මේ විදියේ පෙම්වතියක් ලැබීම ගැන ඇත්තටම ඔහු සතුටු විය යුතුයි.

කොහොම වෙතත් ‘මනුසත් හදින්’ තවත් මේ විදියේ කතාවක් පළකරලා තිබුණු අවස්ථාවක් මේ. මේත් ‘මනුසත් හද’ පිටුවෙමයි. ‘මෙන්න කොල්ලෝ. මමත් දඹුල්ලේ කොළකැඳ බිස්නස් එකක් පටන් ගත්තා. ටෙක් යන්න පටන් ගන්න සල්ලි නෑ. අම්මලාගෙන් ඉල්ලන්නත් බෑ. ගමේ කොළ ටික එහෙම තියෙන නිසා ආවා අදහස. පොඩියට පටන් ගත්තා. ගමේ කොල්ලෝ ටික එහෙම පට්ට සප් එකක් දුන්නා. පළමු දවසේ ටෙක් පටන්ගන්නේ 8.30ට. උදේ 6 ඉඳලා 7.20 වෙනකල් පාර අයිනේ කොළකැඳ විකුණලා එහෙම්ම බස් එකේ නැගලා ටෙක් යනවා. දඹුලු ඔය හන්දියෙන් යන එන කෙනෙක් ඉන්නවා නම් උදේම කොළකැඳ වීදුරුවක් බීලා යන්න….’

ඔබත් දඹුලු ඔය පැත්තෙන් යන එනවා නම් ටිකක් වටපිට බලන්න. මේ කියන තරුණයා මේ තැන ඉන්නවා නම් ඔබටත් පුළුවන් කොළකැඳ වීදුරුවක් බීලා ඔහුට උදව් කරන්න. ඒක ඔබ ඔහුට කරන උදව්වක් විතරක් නෙවෙයි, ඔහු රටට හෙටට, අපේ අනාගතයට කරන ලොකු උදව්වක් බවට පත්වේවි. ඒ වගේම තවත් කතාවක් සමාජ ජාල වෙබ් පිටුවක තිබිලා අපට දකින්න ලැබුණා. ඒක පැතුම් කර්නර්ගේ ෆේස්බුක් පිටුවේ තමයි තිබුණේ.

‘උදේම කැඳ වීදුරුවක් බොන්න නතර කළේ මරු තැනක. මේ තියෙන්නේ අනුරාධපුරේ ශ්‍රාවස්තිපුර. අනුරාධපුර ඉඳලා කොළඹ එන්න කුරුණෑගල පාරට දාලා කිලෝමීටර් දෙකක් විතර යනකොට හමුවෙන වෙල් යාය අසල හමුවෙන ලස්සන කඩයක්. අයිතිකරු තරුණයෙක්. ඔහු නමින් මහිංසක. මහන්සි වෙලා තැන ලස්සනට හදාගෙන, පිළිවෙළට වැඩේ කරගෙන යනවා. උදේට කැඳ දෙන ගමන් හවස් වෙනකොට සුප්වලට මාරුවෙනවා. කුඹුරු යායේ සුන්දරත්වය කඩෙත් එක්ක මුහුකරගෙන ගලාගෙන යන ඇළ පාරයි, කුඹුක් ගස් හෙවණයි, හුළඟෙ වැනෙන ගොයමයි එක්ක උදෑසන හිරු එළිය වැටෙනකොට කුරක්කන් කැඳ කෝප්පෙට බඩයි හිතයි දෙකම පිරුණා. කැඳ විකුණුවත්, ඒකට දැක්මක් එකතු වුණාම ඒ දැක්මට මහන්සිය එකතු වුණාම පාරිභෝගිකයට විඳින්න තියෙන්නේ කෑමවල රසම විතරක් නෙවෙයි. කෑමට බඩ පිරෙන ගමන් ගතත් සිතත් පිරෙනවා නම් ආන්න නියම සේවයක් ඒ වෙළෙඳපොළ තුළ තියෙනවා. නිකන් පොඩියට කඩයක් කරනවට වඩා නිකන්ම පාරේ අයිනේ මොනවා හරි විකුණනවට වඩා පාරිභෝගිකයාගේ ගතත්, සිතත්, ඇසත්, කනත්, නාසයත් පිරෙන ආකාරයෙන් ඒක කිරීමෙන් ඔබේ වෙළෙඳපොළ සරු වේවි….’ කියලා ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවේ ඡායාරූපත් සමග පළ කරලා තියෙනවා. ඒ පින්තූර කිහිපයත් අපි මේ සමග පළකරනවා.

අපි මේ කියන්න හදන්නේ කතා දෙකක් එකට එකතු වුණාම ඒක හරි ලස්සනයි. එකක් තමයි සමාජ ජාලවලට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. තව කෙනකුට හිංසාවක් කරලා, අපහාස කරලා, ෆේස්බුක් බුලින්වලට මේක පාවිච්චි කරනවට වඩා, තව කෙනකුව විනාශ කරන්න පාවිච්චි කරනවට වඩා, ඔබට පුළුවන් නම් තව මිනිහෙක්ව හදන්න මේක පාවිච්චි කරන්න, ඒක ඔබට විතරක් නෙවෙයි රටටත් හෙටටත් හයියක් බවට පත්වේවි. අනෙක් කරුණ තමයි තරුණ ඔබට තාමත් මේ රට ඇතුළේ කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් විදියේ දේවල් ටිකක් ඉතිරි වෙලා තියෙනවා. ඔබට බලාපොරොත්තුවක් තියෙනවා කියන එකයි අපි මේ කියන්නේ. ඇත්තටම එක පාරටම රට අතහැරලා දාලා යනවද? එහෙම නැත්නම් රස්සාවක් නෑ කියලා ජීවිතේ කලකිරෙනවද? සමහර වෙලාවට ජීවිතේ නැති කරගන්න පවා පෙලඹෙනවද කියනවට වඩා ඔබට හිතා බලන්න පුළුවන්. මිනිස්සු නැගිට්ටේ තමන්ගේ ශක්තියෙන්. මිනිස්සුන්ට තව කෙනෙක් ශක්තියක් වෙලා, වාරුවක් වෙලා, හබලක් වෙලා ඔබව නැගිට්ටවනවට වඩා හොඳයි ඔබ තනිව කොල්ලෑවක් හදාගෙන ඔරුවක් වෙලා පාවෙලා යන එක. එහෙම වුණාම ඔබට ඕනෙ තැනක නතර වෙන්න පුළුවන්. ඕනෙ තරම් දුර යන්න පුළුවන්. එහෙම නැති වුණොත් සිදුවෙන්නේ කාගෙ හරි පිහිටෙන්, කාගෙ හරි උදව්වෙන් කොහෙ හරි මහා ගහක් යට හෙවණට ඉඳලා ගහ නැතිවුණු දාට අනෝරා වැස්සේ තෙමෙන්න. එහෙම වුණොත් උණ සන්නිපාතෙ හැදෙන එක නවත්තන්න කාටවත්ම බැරි වෙනවා. ඒ නිසා තමන් විසින් තමන්ට හෙවණක් හදාගන්න. ඒ හෙවණ හදාගත්ත මිනිස්සු ගැන ලෝකෙට කියන්න ඔබට පුළුවන් නම් ඔබ මෙවැනි කතා දන්නවා නම්, ඒවා අපට එවන්න. වරක් අපට මුණගැහුණා නුවර වැව අයිනෙදි කෙනෙක්. ඔහු විකුණන්නේ කූඩලු හෝ වෙනත් රට බීම වර්ගයක්. මේ බීම වර්ගය විකුණනකොට ඔහු කියනවා මට දවසකට විශාල ආදායමක් ගන්න පුළුවන් කියලා. ඔහුගේ ආදායම අපි නොලියන්නේ අපේ ආදායම් බදු එකේ මහත්තුරු එයාව හොයාගෙන ගිහිල්ලා, ඔහු උපයන මුදල අහලා, මේන්න මෙහෙම පත්තරේ තිබුණා කියලා ආදායම් බදු ගැහුවොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හින්දා. මොකද අපි දන්නේ නෑ අපිව හමුවුණාට පස්සේ ඔහුගේ ආදායම වෙනස් වුණාද කියලා. කොහොම නමුත් ඔහු කියනවා අපේ ගමේ ඕනෙ තරම් කූඩලු ගස් තියෙනවා. ඒ ගස්වල ඕනෙ තරම් ගෙඩි හැදෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන් කියලා. ඒක නිසා කොල්ලනි, කෙල්ලනි, උඹලා අපි නැගිටිනවා නම් තවමත් නැගිටින්න නම් බැරිකමක් නෑ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පුතේ මම ගඟට පැන්නට පස්සෙ ඔයා නංගිවත් අරගෙන පනින්න…

Next Post

කුඩු පාතාලයේ මහ කෙරුමන් දෙන්නා වූ හරක් කටායි කුඩු සළිඳුයි මැඩගස්කරයේදී අල්ලයි! ඇවිත් තියෙන්නේ ප්‍රයිවට් ජෙට් එකකින්! මිලියන 32ක සල්ලිත් තිබිලා! සුපිරි ධනවතුන් වගේ පෙනී ඉඳලා! අල්ලනකන් මෙහේ අය දන්නෙත් නෑ!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.