• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුතේ මම ගඟට පැන්නට පස්සෙ ඔයා නංගිවත් අරගෙන පනින්න…

March 6, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
පුතේ මම ගඟට පැන්නට පස්සෙ ඔයා නංගිවත් අරගෙන පනින්න…
Share on WhatsAppShare on Facebook

‘පුතේ මම ගඟට පැන්නට පස්සේ ඔයා නංගිවත් අරගෙන පනින්න…’

මේ, පසුගිය 26 වැනිදා බෙන්තරින් ඇසුණු ඉතා කනගාටුදායක පුවතක්. බෙන්තර පාලමේ ආරක්ෂක වැටෙන් අඩි 40ක් පහළට පනින්න පෙර මවක් තම නොදරුවන්ට මෙලෙස පවසමින් බෙන්තර ගඟට පැන තිබුණා. ඒ අවස්ථාවේ ගඟ අසල බෝට්ටු ක්‍රියාකරුවකු වශයෙන් (අලුත්ගම රිවර් ඇඩ්වෙන්චර් වෝටර් ස්පෝර්ට් ඇන්ඩ ඩ්‍රයිව් ආයතනයේ) සේවය කළ චතුරංග සඳරුවන් දහවල් ආහාරය ගනිමින් සිටියේ පාලම යට බෝට්ටුවක් මත සිටය. ඔහුට එක්වරම පාලම උඩින් ‘අම්මේ…. අම්මේ…’ යනුවෙන් පවසන දරුවකුගේ කෙඳිරිලි හඬක් ඇසෙන්නට විය. ඒ වන විටත් දරුවන්ගේ මව ගඟට පැන තිබූ අතර, අම්මා වතුරේ ගසාගෙන යනු දුටු දරුවන් එලෙස කෑගසමින් සිටියා. දරුවන්ගේ කෑගැසීමත් සමග බෝට්ටු ක්‍රියාකරු දරුවන් සිටින ස්ථානයට වහා පැමිණි අතර, ඔහුට දැකගන්නට ලැබුණේ දරුවන්ගේ මව ගඟේ ගසාගෙන යන ආකාරයයි. වහා ක්‍රියාත්මක වූ චතුරංග මහතා ගඟට පැන්නේ තම දිවා ආහාරයද පැත්තකට දමමිනි. ඒ අවස්ථාවේ තමන් මුහුණ දුන් සිදුවීම බෝට්ටු ක්‍රියාකාරු චතුරංග මහතා විස්තර කළේ මේ ආකාරයටයි.

‘මම පාලම යට බෝට්ටුවක ඉඳගෙන දවල් ආහාරය ගනිමින් සිටියා. අම්මේ අම්මේ කියලා පොඩි දරුවෙක් පාලම උඩ ඉඳන් කෑගහනවා ඇහුණා. ගඟ දිහා බලනකොට කාන්තාවක් ගඟට වැටිලා ගසාගෙන යනවා දැක්කා. මම කෑම පිඟාන පැත්තකට වීසිකරලා ගඟට පැන්නා. ගඟට පැනලා වතුරේ ගසාගෙන යන ගැහැනු කෙනා පස්සෙන් පිහිනලා ගියා. එක අවස්ථාවක ඇය වතුරේ නොපෙනී ගියා. නැවතත් සුළු මොහොතකින් ඇය වතුරේ උඩට එනවා දැක්කා. මම නැවතත් ඇය පසුපස පිහිනා ගොස් ඇගේ අතින් ඇදගෙන ගොඩට ආවා. ඊට පස්සේ 1990 සුවසැරිය ගිලන් රථයකට කතා කරලා ඇයව ප්‍රතිකාර සඳහා බෙන්තර ප්‍රාදේශීය රෝහලට යැව්වා. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය බලපිටිය රෝහලට ඇතුළත් කළ බව දැනගන්නට ලැබුණා…’

තමන්ගේ අම්මා ගඟට පැනීම නිසා පාලම මත අසරණ වුණේ අවුරුදු එකහමාරක බිලිඳියක් සහ අවුරුදු නවයක නොදරුවෙක්. ඔවුන් අඬමින් කෑගැසුවේ තම අම්මාව බේරාදෙන ලෙස කියමිනි.
මෙලෙස ගඟට පැන තිබුණේ 33 හැවිරිදි චතුරාණි නමැති කාන්තාවක්. ඇය පදිංචි වී සිටියේ බළන්ගොඩ කලපේඬිගම වැලිපතයාය ගම්මානයේය. ඇය විවාහ වී සිටියේ බෙලිගස්වේල්ල ජෝන්කඩය ප්‍රදේශයේ පුද්ගලයකුය. ඔහු තම බිරිය සමග නිතර ආරවුල් ඇතිකරගෙන ඇති බවත්, දික්කසාද වීමට තීරණය කර බළන්ගොඩ අධිකරණයේ නඩු පවරා ඇති බවත් වාර්තා විය. එම නඩුවට පෙනී සිටීම සඳහා උසාවි ගොස් එන අතරමඟදී මෙම කාන්තාව ගඟට පැන ඇති බවද මේ වන විට හෙළිදරව් වී ඇත. එසේම සැමියා සමග සමාදානයෙන් ජීවත් වන ලෙස අධිකරණයෙන් ඇයට අවවාද කර තිබූ බවත්, ඒ අනුව ඇය දරුවන් සමග සැමියාගේ නිවෙසට පැමිණෙනවාට සැමියා අකැමැති වීම හේතුවෙන් දැඩි කලකිරීමට පත්ව සිට ඇති බවද වාර්තා විය. නිවෙසට නොපැමිණෙන ලෙස සැමියා විසින් ඇයට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවද හෙළිව තිබේ. මේ සිත්තැවුල හේතුවෙන් අදාළ කාන්තාව තම දරු දෙදෙනා බෙන්තර පාලමේ පදික වේදිකාව මත තබා අලුත්ගම සිට ගාල්ල දෙසට ඇති පළමු පාලමේ වම් පස කොටසේ සිට ඟගට පැන තිබුණේ ඇයට කළ හැකි වෙන කිසිවක් නොතිබූ නිසා වන්නට හැකිය. ගඟට පැනීමට මොහොතකට පෙර ඇය තම නව හැවිරිදි පුතාට ‘පුතේ මම ගඟට පැන්නට පස්සේ ඔයා නංගිවත් අරගෙන ගඟට පනින්න…’ යනුවෙන් පවසා ඇති බවයි පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එම දරුවා පවසා තිබුණේ.

මෙවැනි අඹුසැමි ආරවුල්, මවුපියන්ගේ අනුවණකම් හේතුවෙන් අසරණ වන්නේ අහිංසක නොදරුවන්ය. තමන්ට දාව උපදින දරුවන්ට යුතුකම් වගකීම් ඉටුකිරීම සියලු මවුපියන්ගේ වගකීමකි. තම දරුවන්ගේ අනාගතය ගැන වගකීම් දැරීමද සියලු මවුපියවරුන්ගේ කාර්යභාරයකි.

මෙලෙස ගඟට පැන දිවි නසාගැනීමට උත්සාහ දැරූ චතුරාණි මේ වන විට රෝහල්ගතව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින්නීය. ඇගේ ජීවිතය ගැන අනාවැකි කියන්නට කාට නම් හැකිද? මේ කනගාටුදායක සිදුවීමෙන් අසරණ වුණේ නොදරුවන් දෙදෙනායි. දරුවන්ට තම අම්මාගේ රැකවරණයක් තරම් ආරක්ෂාවක් සැනසීමක් ලෝකයේ කොහේවත් නැත. ගැහැනියක් වශයෙන් ඇයට දරුවන් ගැන හිතලා මේ දේවල් දරාගන්න තිබුණා. දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරන්න නම් තමන් ජීවත් විය යුතු බව ඇයට දහස් වරක් හිතන්නට තිබුණා.

අප කෙසේ කීවත් ඒ අවස්ථාවේ ඇය මුහුණ දුන් මානසික පීඩාව දන්නේ චතුරාණිම පමණයි. සිය සැමියාගේ පිටුපෑම හමුවේ දරුවන්ගේ සියලු වගකීම් ඇගේ කර මත වැටී ඇති අවස්ථාවක ආර්ථික ප්‍රශ්න ඇතුළු දහසකුත් එකක් ගැටලු සමග ඒ බර දරාගන්නට ඇය අපොහොසත් වන්නට ඇත. ඇතැම් විට මේ දරු පවුලට අසල්වැසියන්ගේ උපකාර පවා නොලැබෙන්නට ඇත. ඒ සමගම ඇගේ ජීවත් වීමේ ආශාව පවා මැලවී යන්නට ඇත.

කෙසේ වෙතත් මේ සිදුවීමෙන් අසරණ වූ දරු දෙදෙනාට පිහිටක් වන්නට අලුත්ගම පොලිසිය කටයුතු කළේ ඔවුන්ද මනුෂ්‍යත්වයෙන් පිරුණු හදවත් ඇති මිනිසුන් නිසයි. අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ කාන්තා පොලිස් කාර්යාංශය දරුවන් වෙනුවෙන් තම යුතුකම ඉටුකළේ ඔවුන්ට අවැසි ආහාර පාන ලබාදෙමිනි. තම දරුවකු මෙන් උණුසුමෙන් මේ නොදරුවන් වැලඳගෙන සෙනෙහස දෙන්නට පොලිස් කාන්තාවන් කටයුතු කරනු එහිදී දැකගත හැකි විය. කාකි නිල ඇඳුමෙන් සැරසී සිටියද, වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළද, ඔවුන්ද දරු සෙනෙහස හඳුනන සුන්දර මිනිසුන්මය. ආදරය, කරුණාව, දයාව ඔවුන්ගේ හදවත් තුළද නොඅඩුව ඇත. පොලිස් කාන්තාවන් එම දරුවන් සුරතල් කරන ඡායාරූප සමාජ මාධ්‍යයේ පළවීමත් සමග ඒ සම්බන්ධයෙන් සමිත සේනක අලුත්ගමගේ මහතා එක්කර තිබුණේ මෙවැනි සටහනකි.

‘නීතිය රකින නිල ඇඳුමට යටින් ඇති
පිරිසිදු පොලිස් මවු හදවත් සෙනෙහෙ කැටී
ගෙනදී සැබෑ දරු සෙනෙහස පාන සැටී
දැක තුටු කඳුළු පිරුණා දෙනෙතට වැටී’

33 හැවිරිදි චතුරාණි සහ දරු දෙදෙනා සම්බන්ධ මෙම සිදුවීම පිළිබඳ පොලිස් පරීක්ෂණ සිදුකරනු ලැබුවේ අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. ප්‍රියන්ත කුමාර සහ ළමා හා කාන්තා කාර්යාංශය මගිනි. දරු දෙදෙනා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඉන් ලැබෙන තීන්දුව අනුව දරුවන් සම්බන්ධ ඉදිරි පියවර ගැනීමට නියමිතව තිබේ.

බෙන්තර ගඟට පැන දිවි නසාගැනීමට තැත්කළ චතුරාණිගේ ජීවිතය බේරාගත් චතුරංග සඳරුවන් වැනි මිනිසුන් තවමත් මේ මිහිපිට සිටීම අප හැමගේ වාසනාවකි. චතුරාණිගේ සහ ඇගේ දරු දෙදෙනාගේ ජීවිත රැකගන්නට කටයුතු කළ ඔහුට අප හැමගේ ගෞරවය සහ නොමඳ ස්තුතිය පිරිනැමිය යුතුමය. ඔහු සැබෑම දක්ෂයෙකි. ආත්මාර්තකාමීත්වයෙන් තමන්ගේ ජීවිතය ගැන පමණක් ඔහු හිතුවා නම්, චතුරාණි සහ දරු දෙදෙනා මේ වන විට මියගොස් සිටින්නටද ඉඩ තිබිණි. ආත්මාර්ථකාමී මිනිසුන්ගෙන් පිරි ලොවක ඔහු මිහිපිට ජීවමාන උතුම් මනුෂ්‍යයකු ලෙස සැලකිමේ වරදක් නැත.

වත්මන් සමාජය ආර්ථික හා සමාජයීය වශයෙන් අන්තයටම පිරිහී ඇත. බොහෝ දෙනෙක් සියදිවි නසාගැනීම්වලට යොමුවන්නේ සිතුවිලි දූෂණය වීම හේතුවෙනි. ඒත් සමගම ජීවිතය ඉදිරියට එන දහසක් ගැටලු හමුවේ ජීවිත්වීමට ඔවුන්ට ආත්මශක්තියක් නොමැත. රට ආර්ථික වශයෙන් දැඩි අගාධයකට වැටී ඇති මොහොතක රජයක් මීට වඩා වගකීම්සහගතව ජනතාව පිළිබඳ සොයාබැලිය යුතුය යන්න අපගේ අදහසයි. ආර්ථික ප්‍රශ්න හමුවේ සියදහස් ගණනක් ජනතාව අන්ත අසරණව සිටින මොහොතක ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳ වගකිව යුත්තන් මීට වඩා අවධානය යොමුකළ යුතුව ඇත. එසේ නොවුණහොත් අකාලයේ ජීවිතය හැර යන පිරිස දිනෙන් දින ඉහළ යෑම වළක්වාලිය නොහැකිය.

නීතිය රකින නිල ඇඳුමට යටින් ඇති
පිරිසිදු පොලිස් මව් හදවත් සෙනෙහෙ කැටි
ගෙනදී සැබෑ දරු සෙනෙහස පාන සැටි
දැක තුටු කඳුළු පිරුණා දෙනෙතට වැටි

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

වීරකැටියේ පොලිසියයි ගමයි ගහගනී! එක පොලිස් නිලධාරියෙක්ට කන් දෙකම නැති වෙයි!

Next Post

අඳුරටම සාප නොකර තමන්ගේ පහන් දැල් වූ මිනිස්සු…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.