• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩු පාතාලයේ මහ කෙරුමන් දෙන්නා වූ හරක් කටායි කුඩු සළිඳුයි මැඩගස්කරයේදී අල්ලයි! ඇවිත් තියෙන්නේ ප්‍රයිවට් ජෙට් එකකින්! මිලියන 32ක සල්ලිත් තිබිලා! සුපිරි ධනවතුන් වගේ පෙනී ඉඳලා! අල්ලනකන් මෙහේ අය දන්නෙත් නෑ!

March 7, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
කුඩු පාතාලයේ මහ කෙරුමන් දෙන්නා වූ හරක් කටායි කුඩු සළිඳුයි මැඩගස්කරයේදී අල්ලයි! ඇවිත් තියෙන්නේ ප්‍රයිවට් ජෙට් එකකින්! මිලියන 32ක සල්ලිත් තිබිලා! සුපිරි ධනවතුන් වගේ පෙනී ඉඳලා! අල්ලනකන් මෙහේ අය දන්නෙත් නෑ!
Share on WhatsAppShare on Facebook

මෙරට මත්කුඩු ජාවාරමේ ඉහළින්ම සිටින ප්‍රබල පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සහ සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සළිඳු ඇතුළු 08 දෙනකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් ඉකුත්දා (01) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම ගැන මැඩගස්කරයේ ප්‍රධාන මාධ්‍ය ජාලයක් වන L’EXPRESS වෙබ් අඩවිය ඊයේ (06) වාර්තාකර ඇති ආකාරයට අනුව මොවුන් 08 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මැඩගස්කරයේ ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීය. ඒ අය අතර හරක් කටාගේ බිරිඳ බව කියන තැනැත්තියක්ද සිටින බවයි. එම වෙබ් අඩවිය වාර්තාකර ඇති ආකාරයට අනුව ඇය මැලගාසි ජාතික තැනැත්තියකි.

මෙම වෙබ් අඩවිය වාර්තාකරන ආකාරයට අනුව හරක් කටා ඇතුළු 05 දෙනෙක් පසුගිය පෙබරවාරි 12 වෙනිදා එරට “නොසි බි” ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇතැයි පැවසෙන්නේ පෞද්ගලික ජෙට් යානයකිනි. පසුදින මේ අය අභ්‍යන්තර ගුවන් යානයකින් එරට ඇන්ටනානාරිවෝ ගුවන්තොටුපොළට පැමිණ ඇති බවද එහි සඳහන්ය. පසුගිය 01 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් නැවත මැඩගස්කරයෙන් පිටව යාමේදී බව එරට මාධ්‍ය වාර්තාවලට අනුව පෙනී යයි.

අත්අඩංගුවට ගන්නා විට හරක් කටා පෙනී සිට ඇත්තේ සුපිරි ධනවතෙක් ලෙසිනි. ඔහු නිල්පැහැති යුරෝපීය ඇඳුමකින් සැරසී සිට ඇත. ව්‍යාපාරික සංචාරයක් ලෙස ඔහු එරටට ඇතුළු වී ඇති බවද පෙනී ගොස් තිබේ. කුඩු සළිඳු ඇතුළු සෙසු පිරිස හරක් කටාගේ සහායකයින් මෙන්ම ආරක්ෂකයින් ලෙස පෙනී සිට ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණ මගින් ලබාගත් නියෝග හා පොලිස් වාර්තාවන්ට අනුව ජාත්‍යන්තර පොලිසිය මඟින් හරක් කටා සහ කුඩු සළිඳු ඇතුළු පාතාලයේ අපරාධකරුවන්ට එරෙහිව රතු නිවේදන නිකුත්කර තිබී ඇත. ඒ මිනිස් ඝාතන, මත්කුඩු ජාවාරම සහ ආවි ආයුධ ජාවාරම් සම්බන්ධයෙනි.

මෙහිදී මැඩගස්කර ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයට අනුව පැහැදිලිවම හඳුනාගෙන ඇත්තේ හරක් කටාව පමණි. කුඩු සළිඳුව හඳුනාගෙන ඇත්තේ ප්‍රශ්න කිරීම් හා විමර්ශන ඔස්සේ බව කියැවෙයි.

මැඩගස්කරයට පැමිණි හරක් කටා ඇතුළු පිරිස ඉවාටෝ සහ අම්බෝහිමංගකේලි හි පිහිටි සුඛෝපභෝගි හෝටල්වල නවාතැන් ගෙන සිට ඇති බවද අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ විමර්ශනවලින් හෙළිවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම හෝටල්වල ඇති ආරක්ෂක කැමරා දර්ශනවලට අනුව ඔහුගේ හැසිරීම් ගැන මෙන්ම තවත් බොහෝ දේවල් ආරක්ෂක අංශ මේ වන විට නිරීක්ෂණය කරමින් විමර්ශන පවත්වන බව සඳහන්ය.

ඉවාටෝ ගුවන්තොටුපොළ වෙත හෝටලයේ සිට හරක් කටා ඇතුළු පිරිස පැමිණ ඇත්තේ සුඛෝපභෝගි මෝටර් රථ දෙකක නැඟී බවද එම රථවල වර්ගයන්ද සමඟ එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

එම මාධ්‍ය වාර්තාවලට අනුව මෙම පිරිස සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිට අවසානයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන්ගේ සියලුම ජංගම දුරකතන මෙන්ම ඔවුන් ගුවන්තොටුපොළට පැමිණි වාහනද සමඟිනි. හරක් කටාගේ බිරිඳ බවට පෙනී සිටින කාන්තාව සතුව තිබී එරට මුදල් මිලියන තිස් දෙකක් ද තිබී සොයාගෙන තිබේ. එම මුදල් රාජසන්තක කළ බවද එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇති ආකාරයට අනුව හරක් කටා ඩුබායි, මලයාසියාව, සිංගප්පූරුව, සීෂෙල්ස්, මාලදිවයින සහ මැඩගස්කරය යන රටවල මත්කුඩු බෙදා හරින බවය. හරක් කටා ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

හරක් කටා, කුඩු සළිඳු ඇතුළු අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර මෙරට තවත් මත්කුඩු ජාලයට සම්බන්ධ පිරිසක් සිටින බවට තොරතුරු නිල නොලත් මෙරට ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇත. එහෙත් මෙම අත්අඩංගුවට ගැනීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජත්‍යන්තර පොලිස් ශාඛාවට නිල වශයෙන් ලැබී තිබුණේ නැත. හරක් කටා සහ කුඩු සළිඳුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන ලබාගැනීමට කටයුතු කළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පවා මේ ගැන තොරතුරු ලැබී තිබුණේ නැත. මේ ගැන කළ විමසුමකදී වගකිවයුතු උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ මෙම අත්අඩංගුවට ගැනීම ගැන මැඩගස්කරයෙන් තොරතුරු විමසා බලා මෙම අත්අඩංගුවට ගැනීම ගැන කරුණු තහවුරුකර ගන්නා බවය.

එම කරුණු තහවුරුකර ගැනීමෙන් අනතුරුව එරට සමඟ නිල වශයෙන් සාකච්ඡා පවත්වා සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද එම නිලධාරියා කීය. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට මෙන්ම රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එරටට යැවීමට පවා එහිදී සිදුවනු ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙයට පෙරත් හරක් කටාව ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයකට අනුව ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඒ 2022 වසරේ අගෝස්තු 11 වෙනිදාය. ඩුබායි සිට මලයාසියාව බලා යාමට ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගත්තේය. එම අවස්ථාවේදීද ඔහු සමඟ කුඩු සළිඳු සිටි අතර ඔහු ඒ වන විට රැඳී සිට ඇත්තේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකිනි. එසේම හරක් කටාගේ බිරිඳ බව සඳහන් කාන්තාවක්ද එදාත් ඔහු සමඟ රැඳී සිටියේය.

එදා හරක් කටාව ඩුබායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා විට ඔහු භාවිතකරමින් සිටියේ එම්. 6692136 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයයි. හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සකස්කර තිබුණු විදෙස් ගමන් බලපත්‍රකින් පෙනී සිටි හරක් කටාව එසේ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් එම විදෙස් ගමන් බලපත්‍ර අංකය හඳුනාගෙන ජාත්‍යන්තර පොලිසියට කර තිබුණු දැනුම් දීමකට අනුවය. එසේ අත්අඩංගුවට ගත් හරක් කටාව මෙරටට පිටුවහල්කර ගැනීමට අවශ්‍ය වූ නීතිමය කරුණු නිසි ලෙස සම්පූර්ණ කිරීමට නොහැකි වූ බැවින් ඩුබායි පොලිසිය ඔහුව ඔක්තෝබර් 03 වෙනිදා නිදහස්කර තිබුණි.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

අඳුරටම සාප නොකර තමන්ගේ පහන් දැල් වූ මිනිස්සු…

Next Post

ජවිපෙ සජිත්ගේ මවට ගහපු මඩකට සජබෙන් උත්තර දෙයි! නිල වාහනය ගත්තද? නෑ! නිල නිවාසය ගත්තද? නෑ! බැකප් වාහනය ගත්තද? නෑ! සජිත්ගේ මවට මඩ ගහන්න ඉස්සෙල්ලා ජවිපෙ නිර්මාතෘ විජේවීරගෙ බිරිඳයි ළමයි 5 දෙනාටයි හරියට සලකලා ඉන්න! VIDEO

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.