ඩෙංගු උවදුර වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති යාපනය දිස්ත්‍රික්කයට කොළඹින් යවා ඇති ඩෙංගු මර්දන ඒකකයේ කීට විද්‍යාඥයන් ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් ඩෙංගු කීටයන් ඇතැයි සැකකරන ස්ථාන 13,860ක් හදිසි පරීක්ෂාවට ලක්කළ බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
ජනවාරි මාසයේ පමණක් යාපනයෙන් ඩෙංගු රෝගීන් 2,374ක් හමුවී තිබේ.
අදාළ හදිසි පරීක්ෂණයේදී ඩෙංගු කීටයන් සිටින ස්ථාන 796ක් සොයාගෙන, ඊට අදාළ පුද්ගලයන් 629 දෙනකු සඳහා රතු නිවේදන නිකුත් කොට, තවත් 42 දෙනකුට විරුද්ධව නීතිමය පියවර ගත් බවද වෛද්‍ය සමරවීර මහතා පැවැසීය.
එම ක්ෂේත්‍ර පරීක්ෂාවේදී හෙළිව ඇත්තේ යාපනයේ වැඩබිම් ආසන්නයේත් ආගමික සිද්ධස්ථාන ආසන්නයේත් ඇතැම් නිවෙස් ආසන්නයේත් ඩෙංගු කීටයන් වැඩි වශයෙන් සිටි බවයි.
ඩෙංගු කීටයන් සිටි එවැනි ස්ථාන 5,097ක් පිරිසිදු කිරීමට පියවර ගත් බවද ඩෙංගු මර්දන ඒකකය පැවැසීය.
මෙම වසර ආරම්භයේදී එනම් ජනවාරි මාසය තුළදී දිවයිනේ හමුවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 10,417කි.
ප්‍රේමලාල් විජේරත්න










