• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තායි අගමැති දවල් ලංකාවට ආවා! හවස ශ්‍රී ලංකා-තායිලන්ත‌ වෙළෙඳ ගිවිසුමට අත්සන් කළා! තවත් ගිවිසුම් කීපයක්ම ගහලා!  I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
තායි අගමැති දවල් ලංකාවට ආවා! හවස ශ්‍රී ලංකා-තායිලන්ත‌ වෙළෙඳ ගිවිසුමට අත්සන් කළා! තවත් ගිවිසුම් කීපයක්ම ගහලා!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා ඉදිරියේ අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.Sri Lanka Latest News

තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබන ලදී.

මිලියන 22ක ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ 37 වන අපනයන ගමනාන්තය වන තායිලන්තය මිලියන 71.6ක ජනගහනයකින් සමන්විත වේ. තායිලන්තය විසින් භාණ්ඩ සඳහා තීරුබදු අනුපාත කෝටාව වැනි වෙළෙඳ සිමාවන් පනවා ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනයන් වන තේ, ගම්මිරිස් සහ පොල්තෙල් ද ඊට ඇතුළත් වේ. ශ්‍රී ලංකාව විසින් 2022 වර්ෂයේ දී ඇ.ඩො.මි. 58.82ක් වටිනා භාණ්ඩ පමණක් තායිලන්තයට අපනයනය කර ඇත. 2022 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.බි. 495ක් වූ තායිලන්තය අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) දෙවන විශාලතම ආර්ථිකය හිමි රට වේ.
තායිලන්ත සමාගම් විසින් ඇ.ඩො.බි. 17.3ක් විදේශයන්හි ආයෝජනය කරමින් 2021 වර්ෂයේදී ආසියානු සංගමයේ විශාලම ආයෝජක රාජ්‍යයක් බවට පත්විය. 2005 සිට 2022 දක්වා කලය තුළ ශ්‍රී ලංකාව තුළ තායිලන්තය විසින් ඇ.ඩො.මි. 92කට අධික සෘජු විදේශ ආයෝජන සිදු කර ඇත. 2018 වසරේදී එවකට පැවති ද්විපාර්ශ්වික වෙළෙඳ වටිනාකම (ඇ.ඩො.මි. 550) වසර හතරක් ඇතුළත ඇ.ඩො.බි. 1.5 දක්වා තුන් ගුණයකින් වැඩි කිරීම අපේක්ෂා කෙරිණි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ ශක්‍යතාව තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ ප්‍රමුඛ අරමුණක් විය.
මෙම ගිවිසුම භාණ්ඩ වෙළෙඳාම, ප්‍රභවස්ථාන රීති, සනීපාරක්ෂක සහ ශාක සනීපාරක්ෂක පියවර, වෙළෙඳාමට ඇති තාක්ෂණික බාධක, වෙළෙඳ ප්‍රතිකර්ම, සේවා වෙළෙඳාම, ආයෝජනය, රේගු ක්‍රියාපටිපාටිය සහ වෙළෙඳ පහසුකරණය, ආර්ථික සහයෝගීතාව, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, මූලික ප්‍රතිපාදන, ආයතනික හා අවසාන ප්‍රතිපාදන, විනිවිදභාවය සහ ආරවුල් විසඳිම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පරිච්ඡේද 14කින් සමන්විත වන අතර පුළුල් සාකච්ඡා වට නවයකින් පසු වෙළෙඳ සාකච්ඡා නිම කර ඇත.
මේ අතර, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි. 1950 වසරේ එළැඹි ගිවිසුම ශක්තිමත් කරමින් මෙම නව ගිවිසුමට අත්සන් තැබුණු අතර දෙරට අතර ගුවන් සේවා සබඳතා සහ නියාමන රාමු වැඩිදියුණු කිරීම මෙමඟින් සිදු වේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ තායිලන්තය වෙනුවෙන් එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජකපොන්ග් සංග්මනී (Jakkapong Sangmanee) යන මහත්වරු ඊට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය (GJRTI) සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය (GIT) අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවබෝධතා ගිවිසුමකට ඉන් අනතුරුව අත්සන් තැබිණි.
ශ්‍රී ලංකාව සතු ඉතා උසස් තත්ත්වයේ මැණික් ජාත්‍යන්තරය තුළ මහත් ප්‍රසිද්ධියක් උසුළන අතර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දැනට සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටින තායිලන්තය එම සහයෝගීතාවයේ වැදගත්කම හඳුනා ගෙන තිබේ. ඒ අනුව දෙරටෙහි මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අත්සන් තැබුණු මෙම අවබෝධතා ගිවිසුම මඟින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ සහ පුහුණු ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කෙරේ.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් බී.ජී.ආර්.ඩබ්ලිව්. ගම්ලත් සහ තායිලන්තයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ අධ්‍යක්ෂ සුමෙද් ප්‍රසොන්ග්පොන්ග්චායි (Sumed Prasongpongchai) යන මහත්වරු ඊට අත්සන් තැබූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-02-03

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවට ග්‍රෙනේඩ් එකක් ගහපු වෙලාවේ තත්පර 30න් පාර්ලිමේන්තුව කල් තියපු හැටි… මිරිස් කුඩු-පුටුවලින් ගහගද්දි සභාව පවත්වා ගෙන ගිය හැටි… අරගලය වෙලාවේ පාර්ලිමේන්තුවට පනින්න ආපු අරගලකරුවන්ව බය කරපු හැටි… මන්ත්‍රීවරු සෙංකෝලය අරන් දුවද්දී ආරක්ෂා කරපු හැටි… පාර්ලිමේන්තුවේ අවුරුදු 42ක අත්දැකීම් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පළමුවරට රටට හෙළි කරයි I Sri Lanka Latest News

Next Post

තත්ත්වය හරි නෑ! කීට විද්‍යාඥයන් කොළඹින් යාපනයට ගිහින්! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.