• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරාගන්න බැරි දුක් කන්දක් මැද මහගිරි දඹ නැග A9ක් ගත් ඩොක්ටර් සාෆිගෙ වීර දුව…

December 5, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
දරාගන්න බැරි දුක් කන්දක් මැද මහගිරි දඹ නැග A9ක් ගත් ඩොක්ටර් සාෆිගෙ වීර දුව…
Share on WhatsAppShare on Facebook

වෛද්‍ය සාෆි කියපු ගමන් අපට මතක් වෙන්නේ වඳ බව. වඳ බෙහෙත්, වඳ කොත්තු, වඳ සැත්කම්. ඒත් එක්කම හිනහා යනවා. ඒත් හිනාවෙන්න හොඳ නෑ. ඒ වුණාට ඉතින් හිනා යනවා. මොකද ඔය චන්න ජයසුමන මහත්තයලා වගේ කට්ටිය තමයි රෙද්ද කරේ තියාගෙන අපිත් එක්ක සටනට ආවේ. සාෆි කියන්නේ තක්කඩි හොරෙක්, කාන්තාවන් වඳ කෙරුවා, ඕනෙ නම් ඔප්පු කරන්නම් කියලා ෆේස්බුක් එකේ එහෙම ඒගොල්ලෝ බොහොම දරුණු විදියට අපට පහර ගැහුවා. අපි කිව්වා මේ වඳ කතාව බොරුවක්, අහිංසක අපිව මුළා කරන්න මේ ගොල්ලො පාවිච්චි කරන සෙප්පඩ විජ්ජාවක් කියලා. එහෙම කියනකොට රටක් අපට විරුද්ධ වුණා. නැගිටින්න පටන් අරගත්තා.

ඡන්ද ප්‍රතිඵල කියනවා වගේ හැමදාම එක්කෙනා දෙන්නා දහදෙනා පහළොස්දෙනා ගානේ සාෆි නිසා වඳ වුණු කාන්තාවෝ කුරුණෑගල පොලිසියට ඇවිත් පැමිණිලි දාන්න පටන් අරගත්තා. එක්තරා ජාතික පුවත්පතක් සිය ජාතික කර්තව්‍යයක් විදියට මේ වඳ බව රටට ඔප්පු කරන්න, අකුර අකුර අමුණන්න පටන් අරගත්තා. අපි ගියා කුරුණෑගල. අපි ගියා නුවර. අපි රහසින් එළිපිට නොකියා, නොදන්වා, දන්වා ගිහිල්ලා සමහර කාරණා එකතු කරන්න පටන්ගත්තා. මේ කාරණා එකතු කිරීම අපි කළේ අපට ලැබෙන කිසිම වරප්‍රසාදයක් වෙනුවෙන් නෙවෙයි. අපි අප්‍රමාණව වෙහෙසුණේ අපට කිසිවක් ලැබෙන නිසා නෙවෙයි. අපි අපේ රටට නොලැබෙන දේවල් ගැන අපට අහිමි වෙන දේවල් ගැන අපට නැතිවෙලා යන මනුස්සකම ගැන අපි ගහමරා ගන්න එක ගැන, අල්ලපු වැටේ එන්න සහෝදර මුස්ලිම් ජාතිකයන් එක්ක අපේ රටේ සිංහලයෝ රණ්ඩු වෙන එක නවත්වන්න ඕනෙ නිසයි අපි පාරට බැස්සේ. අපි ඒ වෙනුවෙන් මාර කට්ටක් කෑවා. ඒ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමලාල් විජේරත්නත් හිටියා. ප්‍රේමලාල් මහත්තයලා පුළුවන් උපරිමයෙන් ඒ වෙනුවෙන් වෙහෙසුණා. ඒ කිසි දෙයක් ලැබෙන හින්දා නෙවෙයි. තවමත් වෛද්‍ය සාෆිව මේ ලියුම්කරු ඇහැකට දැකලාවත් නෑ. ලියුම්කරු කිසිම දවසක වෛද්‍ය සාෆිත් එක්ක එක වචනයක්වත් කතා කරලවත් නෑ. සාෆිගෙන් අපට ලැබෙන දෙයක් නෑ. නමුත් අපට සාෆිගෙන් නොලැබෙන දේවල් රටට වෙන්න යන නිසා තමයි අපි ඒ උත්සාහය දැරුවේ. ඒ උත්සාහය ඇත්තටම සාර්ථක වුණා කියලා ලියුම්කරුට සතුටින් මේ මොහොතේ කියන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව දේශපාලනික වශයෙන් එදා අපි ලියපු සත්‍යය පරාජයට පත්වුණා. අද මුළු ලෝකෙටම ඔප්පු වෙලා ඉවරයි මේ වඳ බෙහෙත් වඳ කොත්තු වඳ සැත්කම් කතන්දරය නිකන්ම නිකන් බොරුවක්, ඒක දේශපාලනික උපක්‍රමයක් කියලා. දැන් මිනිස්සු ඇත්ත දන්නවා. වෛද්‍ය සාෆිට සාධාරණය ඉටුකළ යුතුයි කියලා ශ්‍රී ලංකාවේ නීතිමය විදියට තීන්දු වෙනකොට දැන් සාෆි තවදුරටත් වැරැදිකරුවෙක් නෙවෙයි. ඔහු දැන් නිවැරැදිකරුවෙක්. අපි පත්තරකාරයෝ විදියට නිවැරැදිකරුවන් යැයි තර්ක කළ බොහෝ දෙනෙක් උසාවියේ, හිරගෙවල්වල ඉන්නකොටත් අපි කිව්වා නෑ මේ තීන්දුව අවසානයේදී වෙනස් විය යුතුයි කියලා. අධිකරණමය තීන්දු අභියෝගයට ලක්කරන්න අපට බලයක් නෑ සහ අපට වුවමනාවක් නෑ. නමුත් රටක් විදියට අපට තර්ක කළ හැකියි ඒක එසේ නොවිය යුතුයි කියලා. මෙන්න මේ තර්ක කිරීම පමණයි අපට කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි සාෆි සම්බන්ධයෙනුත් කළ තර්කය නිවැරැදි වුණා. සාෆි වෛද්‍යවරයෙක් විදියට එසේ නොකළ බවට අපි එකතු කළ කරුණු රටට, ලෝකයට, සමාජයට පෙන්වන්න පුළුවන්. අපි ඒ වැඩේදී ඉතා සාර්ථක වූ බව ඉතාම සතුටින් කියා සිටිනවා. කොහොම නමුත් අත්තටම අද වෙද්දී සාෆිගේ වඳ බෙහෙත් කතාව තවදුරටත් අසත්‍යයක් බව මුළු ලෝකෙම දැනගෙන ඉවරයි. දැන් අපට ආයෙත් ඒ ගැන ඕනෑවට වඩා කිය කියා ඉන්න දෙයක් නෑ. ඒත් ආයෙත් මේ වගේ කතන්දරයක් සමාජයට එන එක නවත්වන එක අපේ වගකීම සහ යුතුකම. ඔබේ වගකීම සහ යුතුකම. එහෙම දේවල් පිළි නොගෙන ඉන්න එක ඔබේ යුතුකම සහ වගකීම.

‘මට වැඩියෙන්ම සතුටක් දැනුණෙ සාමාන්‍ය පෙළ විභාගයට ් සාමාර්ථ නවයක් ලැබුණු බව දැනගත්ත වෙලාවේ නෙවෙයි, මගේ තාත්තා නිර්දෝශීයි කියලා අධිකරණය තීන්දු කරපු දවසෙයි…’
සාෆිගෙ දුව මේ ගැන ඉඉජ එකට කියලා තිබුණෙ මෙහෙම.

‘මේ සැරේ සාමාන්‍ය පෙළට මුහුණ දුන්න ගොඩක් දෙනෙක් ් සාමාර්ථ නවයක් ගත්තත් අද මගේ ් නවය ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ මම බාධක මැද්දේ, හැමෝම දන්නවා අපේ පවුලට වෙච්ච ප්‍රශ්න, එල්ල වෙච්ච දේවල්. ගොඩක් පීඩාවන්ට මුහුණදීලා තමයි අද මෙතැනට ඇවිත් ඉන්නේ. මගේ ජයග්‍රහණය ගැන මං අවංකවම ආඩම්බර වෙනවා. මේ ජයග්‍රහණය මම දකින්නේ වචනයකින් හරි මට උදව් කරපු සමාජයත් එක්ක මම ලබපු ජයග්‍රහණයක් විදිහටයි…’

පුංචි දරුවෙක්කට ඉස්කෝලෙන් ඉස්කෝලෙට මාරුවෙවී යන්න වෙන එක කොයි තරම් දුෂ්කර විදියට දැනෙන්න ඇත්ද? යාළුවො නැතිවෙලා, පරණ පාසල මතකයන් ඔක්කොම අත ඇරලා ඈට යන්න වෙනවා. දහස් ගණනක් දෙනා ඈ දිහා වැරදිකාරියක් වගේ බලන්න ගන්නවා.

‘කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් ආරම්භ වෙන්නෙ මගේ පාසල් දිවිය. ඊට පස්සෙ කුරුණෑගල මලියදේව බාලිකාව. ඊට පස්සෙ තාත්තාගේ ප්‍රශ්නවලින් පස්සෙ කොළඹ මුස්ලිම් කාන්තා විදුහල. ඊට පස්සෙ කල්මුණේ මහ්මූද් බාලිකා විදුහලට යන්න සිදුවෙනවා. අවසාන වශයෙන් මහනුවර බදියුදීන් මහ්මූද් කාන්තා විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ…’

‘කුරුණෑගලින් කොළඹට, කොළඹින් කල්මුණේට, කල්මුණෙන් ආයෙත් මහනුවරට ඇගේ පාසල් ගමන වෙනස් වෙනවා. මේ පාසල් එකින් එකට සමාජ තත්ත්වයන් විතරක් නෙමෙයි දේශගුණය පවා උඩුයටිකුරු වෙනවා.’

‘මලියදේවය කියලා කියන්නේ මට මගේ දක්ෂතා එළිදක්වන්න තිබුණ හොඳ තැනක්. ඇත්තටම පාසලට මම චෝදනාවක්වත්, විරුද්ධතාවක්වත් එල්ල කරන්න කිසිසේත්ම කැමති නෑ. මොකද, මම ඉහළින්ම ගරු කරන පාසලක් තමයි මලියදේවය කියන්නේ. ඒත් ඒ කාලෙ හිටිය ශිෂ්‍යාවන්ට පොවල තිබුණු විෂ, සමාජගත කරල තිබුණු දේ නිසා එයාලට ඇති වුණු මානසික තත්ත්වයත් එක්ක මට හිත රිදවීම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා….’

මේ කතා කරන්නෙ අවුරුදු තිහක හතළිහක පනහක හැටක මනුස්සයෙක් නෙමේ. අවුරුදු දාසයක පුංචි දරුවෙක්.

‘මේක මම කවදාවත් නොහිතපු දෙයක්. ඒ ඇති වුණු පීඩනය නිසා මම අධ්‍යාපනය ලබපු පාසල මට නැති වුණා. එදිනෙදා මගේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් මට ලැබුණේ නෑ. විශාල පීඩනයක්. තාත්තා ගෙදර නෑ. තාත්තාව නිදහස් කර ගන්න අම්මා වින්ද දුක, එතකොට මල්ලි, නංගි අපේ පවුල සීසීකඩ වුණා. මෙහෙම වෙද්දි පුංචි ළමයෙක් හැටියට මම ගොඩක් හිතින් කඩාගෙන වැටුණා. මගේ අම්මා තාත්තාව බේරගන්නත් මහන්සි වුණා. ඒ වගේම අපේ වගකීමුත් ඉටුකරන්න ඇය කවදාවත් අමතක කළේ නෑ. ඇය හින්ද තමයි මම හිතන්නෙ මම මනසින් ශක්තිමත් වෙලා ඉන්නෙ….’

ඈට ඒ පීඩනය දුන්න් ඔබ. දේශපාලන න්‍යාය පත්‍රවලට යටවුණු බත්බැලයො වෙනුවෙන් ඔබත් ඒක කළා. අපි ඒ මාෆියාවට එරෙහිව කෙළින් හිටගත්තා. මේ අවාසනාවන්ත පීඩනයට මුලින්ම වගකියන්න ඕනෙ අපේ පත්තර සගයො. දැන් එයාලට අඩුම තරමෙ ගෙදර මිනිස්සුන්ගෙවත් මූණ බලන්න පුළුවන්ද දන්නෙ නෑ.

මොහොමඩ් ෂාෆි ෆාතිමා සෙයිනම් සිංහල භාෂාව සහ සාහිත්‍යය ද ඇතුළුව සියලු විෂයයන්ට ් සාමාර්ථ අරගන්නෙ ඈ අපේම කෙනෙක් නිසා. ඒත් අපි ඈට කල්මුණේ විතරයි ඈට ආරක්ෂාව තියෙන්නෙ කියලා හිතෙන තැනට පත්කළා. ඈට මුස්ලිම් ඉස්කෝලයක් විතරයි ඈව බලාගෙන කියලා හිතෙන්න ඇරියා. දුවේ, සමාවෙන්න ඔයාව ඔය තරම් රිදෙව්වට…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආණ්ඩු පක්ෂ මැතිඇමැතිවරුන්ටයි නෝනලාටයි පාටි පිට පාටි! හෙට හවස 7.30ට වෝටර්ස් එජ් එකේත් ග්‍රෑන්ඩ් පාටියක්! පළමු වරට රනිල්-මහින්ද-බැසිල්-ගෝඨා හතරදෙනාම එනවා! EXCLUSIVE

Next Post

HNB අභියෝගාත්මක මුල් මාස 9 සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි…

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.