ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරුන් සහ බිරින්දෑවරුන් වෙනුවෙන් හෙට දිනයේදී තවත් සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා ආරාධනා ලැබී ඇති බව වාර්තා වේ.
මෙම රාත්‍රී භෝජන සංග්‍රහය හෙට රාත්‍රී 7.30ට බත්තරමුල්ලේ පිහිටි වෝටර්ස් එජ් හෝටලයේ පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
ඒ සදහා පළමු වරට හිටපු ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන සිවුදෙනාම සහභාගී වනු ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේද අරලිය ගහ මැදුරේදී ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් සහ බිරින්දෑවරුන් වෙනුවෙන් මෙවැනිම ආකාරයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණ.