ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මිය අතර අතිශය තීරණාත්මක දුරකතන සංවාදයක් පසුගිය සිකුරාදා (05) දිනයේ සිදුව තිබිණි.Sri Lanka Latest News
මෙම දුරකතන සාකච්ඡාවේදී පරිපූරක ඇස්තමේන්තුවක් හරහා ගංවතුරෙන් සහ සුළි කුණාටුවෙන් හානි වූවන්ට මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බවක් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් එහිදී පරිපූරක ඇස්තමේන්තුවක් හරහා ආපදා කළමනාකරණයට මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියගේ වැඩි ප්‍රසාදයක් පළව නැති බවක්ද ‘මව්රට’ පුවත්පතට දැනගන්නට තිබේ.










