• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආඩම්බරකාර කෝටිපති හිඟන්නො I Sri Lanka Latest News

July 18, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘හිඟන්නා’ යැයි කියනකොට බොහෝ විට අපේ සිහියට හෝ ඔළුවට එන්නේ ඔලොගුවක් කරේ එල්ලාගත් කිළිටි ඇඳුම් ඇඳගත් මිනිසුන් කොටසකි. මීට ටිකක් විතර ඈත කාලයේදී එකී ස්වභාවයෙන් පෙනීසිටින හිඟන්නන් කියන පිරිස් ගෙවල් ළඟට ඇවිදින් ගේට්ටුවලට ගසමින්, ‘පිනට මොනවත් දෙන්න නෝනා මහත්තයා…’ කියමින් ඉතා අසරණ විදියට අතපාමින් කන්නලව් කරන සිරිතක් මෙන්ම කලාවක්ද තිබුණා මතකය.(Sri Lanka Latest News)

පිරිමින් මෙන්ම ගැහැනු කට්ටියද කරන මෙම හිඟාකෑම තුළ වැඩිපුරම කල්ගෙවන්නේ පිරිමින්ය. උදෙන්ම ගෙවල් ගානේ යන්නට පටන්ගන්නා මේ හිඟන්නෝ ගොම්මන් අඳුර වැටීගෙන එන විට තම තමන් විසින් තනාගත් ගුබ්බෑයම්වලට වී රෑ එළි කරති. ඒ ගුබ්බෑයමට අම්බලම කියන නමද භාවිත වන අතර, හිඟන්නාට කියන වැදගත් නම වන්නේ යාචකයාය. මොන තාලෙට හැඳින්වුවද හිඟන රස්සාවෙහි නියැළෙන මොවුන් ගෙවල්වලට ඇවිදින් ගේට්ටුවට ගසා හිඟමන් යදින කලාව මෑතක සිට අතහැර දමා ඇත.

අද මේ වන විට හිඟන රස්සාව කෙරෙන්නේ කල්ලි ක්‍රමයටය. කවුරුන් හෝ වේවා අත පය යහමින් එහා මෙහා වීසිකර චණ්ඩි පාට් දාන්නට පුළුවන් හිඟන නායකයෙක් හිඟන්නන් කණ්ඩායමක් තමා වටා ඉදිකරගෙන තමන්ට රිසිසේ උන්ව පාලනය කරති. ලංකාවේ බොහෝ ප්‍රදේශවල යන්න එන්න බැරි ආබාධිත හිඟන්නව පවා හිඟන ජාවාරමෙහි යොදවමින් හරිහම්බ කරගන්නා ඔවුහු තම තමන්ගේ මඩිය තර කරගනිති.

මොන ක්‍රමයට කළද කුමන තාලේ විලාසිතාවක් අනුගමනය කළද හිඟන සේනාව හිඟන සේනාවමය. හිඟන්නා හිඟන්නාමය. හිඟන්නාට කිසිදු තත්ත්වයක් නැත. ආචාරධර්ම නැත. පිළිවෙළක් නැත. හෙටක් කියා දවසක් නැත. හීන හෝ සැලසුම් නැත. බැංකු ගිණුම් නැත. කිසිවකු ගෙදරින් එළියට බහිනකොට හෝ සුබ ගමනක් යනකොට හිඟන්නෙක් තමන් ඉස්සරහට මුලිච්චි වෙනවාටත් කැමැති නැත. උසස්ය කියන සමාජයට නම් හිඟන්නන් අරහංය.

‘හිඟන්නා’ යන පුද්ගලයා ගැන සමාජයෙහි මුල් බැසගත් සම්මත යැයි පිළිගත් සිතුවිලි සහ හැඟීම් එහෙමය.

හැබැයි, ඒ හැඟීම්, ඒ සිතුවිලි සහ එම සම්මතය සමාජය තුළින් අතුගා දමන කාලයක් දැන් දැන් උදාවෙමින් තිබෙන බව නම් නොකියා බැරි තැනට කරුණු කාරණා සිද්ධ වෙමින් පවතින්නේය.

ඇයි එහෙම කියන්නේ? හිඟන්නා රජ වෙන කාලයක් උදාවෙලාවත්ද?

ඔව්, අතපානකොට හිඟන්නකුට යමක් දෙන දානපති මිනිස්සුන්ට වැඩිය හිඟන්නා රජවෙන කාලයකයි අපි මේ දවස ගෙවන්නේ.

දැනටත් හැමෝම වාගේ දන්නවා මේ පොට පාදන්නේ ඉන්දියාවේ භාරත් ජෙයින් ගැන කතන්දරය කියන්නයි කියලා.

කවුද ඔය කියන භාරත් ජෙයින්?

‘භාරත් ජෙයින්’ කියන්නේ සුපිරි පන්තියේ බිස්නස්කාරයෙක් නෙවෙයි. ඔෆිස් එකක ඒ.සී. කරපු වීදුරු කාමරයක වැඩකරන එක්සෙකටිව් කෙනෙකුත් නෙවෙයි. බෑන්ක් මැනේජර් කෙනෙක් හෝ සමාගම් නිලධාරියෙකුත් නෙවෙයි.

නමුත් භාරත් ජෙයින්ගේ මාසික ආදායම දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල්වලින් ලක්ෂ දෙක පන්නනවා. සමහර මාසවල ඔහු ලක්ෂ තුන හෝ තුනහමාරට කිට්ටු වෙන්නත් සල්ලි හොයනවා. භාරත් ජෙයින්ගේ රැකියාව හිඟාකන එකයි. දවසට පැය දහයක් දොළහක් අතර කාල වේලාවක් හිඟමනට වැයකරන ඔහු අවම වශයෙන් රුපියල් පහළොස් දහසක පමණ මුදලක් තම පසුම්බියට පුරවා ගන්නා බව ආරංචියි.

ඔන්න බලමු ඉතිං පිළිවෙළක් ඇති ජීවිතයක් ගෙවන වැදගත් යැයි සම්මත මිනිස්සු තමා දකින්නවත් අකැමැති අතපාන කොට අහක බලාගෙන යන හිඟන්නාට ගිය කල.

භාරත් ජෙයින්ගේ වත්කම කොහොමද?

ඔහුගේ බැංකු ගිණුම්වල වත්කම දැනට රුපියල් කෝටි විසිඅටකි. විවාහකයකු වූ භාරත්ගේ දරු දෙදෙනා, බිරිය සහ මාපියන් සමග ඔහු පදිංචිව සිටින දෙමහල් නිවෙසෙහි වටිනාකම කෝටි ගණනකි. වෙළෙඳසල් සඳහා මොහු බද්දට දී තිබෙන ගොඩනැගිලි දෙකක්ද වේ. එයින් මසකට ඉන්දියානු රුපියල් හැටදහසක ආදායමක් ලැබෙන බව සමාජ ජාල වෙබ් අඩවිවල සඳහන්ව ඇත. ඉකොනොමික්ස් ටයිම් සඟරාව පවසන අන්දමට භාරත් කියන්නේ හිඟන රස්සාවෙන් සුපිරියට ගොඩගිය ඉන්දියානුවෙකි.

හිඟන රස්සාව ඒ තරමටම වාසනාවක්ද?

සෑම හිඟන්නාටම නොවේය. භාරත්ලා වැනි කෙරුම්කාර හිඟන්නන්ට ඒක එහෙමය. පොල් ගහකට නැග්ගහම කලටි පොල් මොනවද, ගුන්දිරා හෝ කුරුම්බා මොනවාද, හොඳට පැසුණු පොල් මොනවාදැයි හඳුනාගැනීමේ යම් කලාවක් තිබෙන්නේය. ගස් නගින්නා ඒ කලාව නොදන්නේ නම් වතු හිමියාට පොල් කැඩිල්ල විශාල පාඩුවක් වන්නේය. හිඟාකෑමද ඒ වගේ කලාවකට අනුව කළ යුතු බව හොඳින් දැනගෙන භාරත් හිඟන රස්සාවට බහින්නට ඇත.

සල්ලි කීයක් හෝ ලැබෙන විදියට අතපාන්නේ කොහොමද? දානපතියන්ට ඉවත බලාගෙන යන්න නොදී තම අතට පයිසා එකක් හෝ ලබාගන්නේ කොහොමදැයි යන උප්පරවැට්ටි සියල්ල භාරත් ‘අ’ යන්නේ සිටම ඉගෙනගන්නට ඇත. නැත්නම් ඉතින් එදා වේල පමණක් යන්තමට පිරිමසා ගන්නා දහසකුත් එකක් හිඟන්නන් අතර භාරත්ලා වැනි හිඟන ඔස්තාර්ලා ඉන්නට විදියක් නැත.

ලස්සන වැඩේ කියන්නේ හිඟාකෑමෙන් කෝටිපතියකු වුවද භාරත් තවමත් එය අතහැර නැති එකය. හරිහම්බ කරගත් දෙයින් කුමක් හෝ ව්‍යාපාරයක් කරගෙන වැදගත්කමට පිළිවෙළක් ඇති ජීවිතයක් ගතකරන්නට තවමත් ඔහු හිතලා නැත. අදටත් මේ කෝටිපති හිඟන්නා වීදි පුරා හිඟන රස්සාවේ යෙදෙමින් සල්ලි හරිහම්බ කරන්නේය. ජැණ්ඩිපහට ඇඳගෙන වටිනා වාහනයක යන්න පුළුවන්කම තිබියදී කාෂ්ටක අව්වේ පිච්චි පිච්චී කිළිටි ඇඳුම් ඇඳගෙන හිඟාකන්නේය.

හිඟන රස්සාව ඒ තරම් සැපයක්ද?

බොහෝ විට එහෙම වන්නට ඇත. හරියට හොර දේශපාලුවන් කරන දේශපාලන ගේම්වල රසය වාගේය. හොට බිම ඇනුණත් පරම්පරා ගණනකට හරිහම්බ කළත් උන් දේශපාලන තනතුරුවලින් සමුගන්නේ නැත. හිඟන කෙරුවාවෙන් කෝටිපතියකු වූ භාරත්ටද ඇත්තේ එහෙම තණ්හාවක් වන්නට ඇත.

ඉන්දියාවේ භාරත් ජෙයින්ලා විතරක් නෙමේය. පළමු පන්තියේ සුපිරි ධනවත් රටවලද මෙවැනි කෝටිපති හිඟන්නෝ සිටිති. වෙනසකට ඇත්තේ ඔවුන් ක්ලීන් සූට් ඇඳ පැලඳ එය අමුතුම කලාවකට කිරීමය. ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය සහ ලන්ඩනයේද ක්ලීන් සූට් ඇඳගෙන හිඟන රස්සාවෙහි නියැළෙන වයස්ගත මිනිසුන් තවමත් දකින්නට පුළුවන. එහෙම සොයාබැලීමේදී යම් පුවත්පතකින් වාර්තා වී තිබුණේ ලන්ඩන් නුවර මැන්චෙස්ටර් නගරයෙහි උමං මාර්ගයක් අසල හොඳින් හැඳපැලඳගෙන හිඟාකන මිනිසකු ගැන කතාවකි.

පුටුවක ඉඳගෙන බෝඩ් එකක් අතින් අල්ලාගෙන ඔහු දවස පුරාම හිඟන රස්සාවෙහි යෙදෙන්නේය. ‘ඔබට හැකිනම් කරුණාකර මට යමක් දෙන්න’ යනුවෙන් බෝඩ් එකෙහි තරමක ලොකු අකුරින් ලියා ඇත. එතැනින් යන එන හැමෝම වාගේ වයස අවුරුදු හැටපහක් හැත්තෑවක් පමණ වන මෙම වැදගතාට අනුකම්මා කොට මුදල් ඔහු අත තැබීම පුරුද්දක් කොට ගත්තේය. කාලයාගේ ඇවෑමෙන් මේ වැදගත් හිඟන්නා සුපිරි වාහනයක්ද මිලට ගෙන තිබිණි.

ඒ කතන්දරයෙහි හොඳම හරිය වන්නේ අන්තිමේදී ඔහු හිඟාකෑම සඳහා අර කී සුපිරි වාහනයෙන්ම පැමිණීමේ සිදුවීමය. වාහනයේ පැමිණෙන ධනපති මේ හිඟන මිනිසා වාහනය රථ ගාලෙහි දමා හිඟාකෑමෙන් පසුව එහි නැග සිය නිවෙසට යෑම දිගින් දිගටම පුරුද්දක් කොට ගත්තේය. සල්ලිද සුපිරියටම හරිහම්බ කළේය. කොයි තරම් හම්බ කෙරුවද හිඟාකෑමද ජය පහට කරගෙන ගියේය.

මේ සුපිරි සුදු ජාතික හිඟන්නා සතියකට පවුම් දහදාහක් දොළොස් දාහක් කිසිම මහන්සියක් නැතුව තම පින් පෙට්ටියට එකතු කරගැනීම පුරුද්දක් කරගෙන සිටියි. විම් බෙල්ඩන්වලින් ලස්සන නිවෙසක්ද පසු කලෙක ඔහු විසින් මිලට ගෙන තිබිණි. දවස පුරා පුටුවක ඉඳගෙන හිඟන රස්සාව කරන මොහු හවස් ජාමෙට ගෙදර ගිහින් සීත බියර් වීදුරුවක රස බැලීමද පුරුද්දක් කරගෙන තිබූ බව ආරංචිය.

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නිවලද මේ ජාතියේ ක්ලීන් සූට් අඳින හිඟන්නෝ සිටිති. ඔවුන්ද හැම දෙනකුම වාගේ අවුරුද්දකට ඩොලර් පනස් දාහට වඩා උපයන බව කියැවේ.

ඇත්තටම මෙහෙම සිදුවීම් දිහා බලනකොට මේක මහ පුදුම ලෝකයකි. ඒ කාලේ නම් හිඟාකෑම කියන්නේ කිසිවක් කරකියා ගන්නට බැරි මිනිස්සුන්ට පමණක් වෙන්වූ තුට්ටුවට දෙකට ගිය අසරණ රස්සාවකි. ඒ රස්සාව ඔවුන් කරන්නේ මහා ලොකු කැමැත්තකින් නෙමේය. ජීවිතය ගෙන යෑමට බත් කටක් කන්නට වෙන මගක් නැති නිසා ඔවුන් එදවස හිඟාකෑවේය.

අද ඊට වඩා හිඟාකෑමේ කලාව බොහෝ වෙනස් වී ඇත. අද එය ෆැෂන් එකකි. ජාවාරමකි. ඇබ්බැහියකි. භාරත් ජෙයින්ලා වැනි අරුම පුදුම මිනිසුන් ගැන ලියන්නට සිදුව ඇත්තේද යූටියුබ් වැනි ජනප්‍රිය මාධ්‍ය තුළ ඔවුන් කරණම් ගහන්නේද ඒ හින්දාය.

තුන්වැනි ලෝකයේ රටවල බොහෝ යාචකයෝ ජීවත් වීමට අවැසි නිසා හිඟාකන්නට පාරක් පාරක් ගානේ ඇවිද යති.

ඒ අසරණයන් අතර භාරත් ජෙයින්ලා වැනි අතපය හයිය ඇති යෝධ කූට මිනිසුන් හිඟාකෑම බිස්නස් එකක් කරගැනීම සඳහා ජීවත්ව සිටිති. ලබුත් තිත්ත වෙන අබුද්දස්ස කාලේ මෙහෙම කතා අහන්නට වෙන එක ගැන මොනවයි කියලා කියන්නද ඉතිං.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මාස 4ක බිළිඳියකුත් එන්නතක් ලබාදීමෙන් පසු මියයයි! Sri Lanka Latest News

Next Post

සිංගප්පූරු කතානායක ඉල්ලා අස්වෙයි! කුණුහරුප කතා කරලා! තරුණ මන්ත්‍රීවරියක් එක්ක යාලුවෙලා! වැරදි දෙකම පිළිගනී! Sri Lanka Latest News

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.