සිංගප්පූරු පාර්ලිමේන්තුවේ විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහකාර මහාචාර්ය ජේම්ස් ලිම්ට අසභ්‍ය වචනයෙන් කතා කළ බවට වරද පිළිගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කතානායක ටෑන් චුවාන් ජින් සිය මන්ත්‍රී ධුරයෙන් සහ කතානායක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. (Sri Lanka Latest News)
පාර්ලිමේන්තුවේදී ශිෂ්ටසම්පන්න නොවන මෙන්ම පාර්ලිමේන්තුවට නොගැළපෙන අසභ්‍ය වචන ප්‍රකාශ කිරීමෙන් තමන් වැරද්දක් සිදුකළ බවත්, ඒ හේතුවෙන් කතානායක ධුරයෙන්, පක්ෂ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවත් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලෝන්ග් වෙත සිය ඉල්ලා අස්වීම භාරදෙමින් ටෑන් චුවාන් ජින් ප්‍රකාශ කර ඇත.
madyawediya