මැදපෙරදිග යුද්ධය උත්සන්න වීමත් සමග ඩොලර් සංචිතය පහත වැටීමේ අවදානමකට මුහුණ දීමට ලංකාවට සිදුව ඇති බව දැනගන්නට ඇත.Sri Lanka Latest News
විශේෂයෙන්ම යුද්ධය හමුවේ ආනයන වියදම ඉහළ යෑමත්, අපනයන ආදායම පහළ යෑමත් හේතුකොට ගෙන මෙරටට ලැබෙන ඩොලර් ප්‍රමාණය පහත වැටෙමින් ඇති අතර, ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් වෙන්කිරීමටද සිදුව තිබීම මීට හේතුවී ඇති බව වාර්තා වේ.
එමෙන්ම මැදපෙරදිග සේවය කරන ලක්ෂ 10කට ආසන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙතෙක් ලැබුණු ප්‍රේෂණ ශීඝ්‍රයෙන් පහත වැටීමද මේ සඳහා බලපා ඇති හේතුවක් වී තිබේ.
මීට අමතරව සංචාරක කර්මාන්තයේ පහත වැටීම හරහාද මෙරටට විදේශ විනිමය ලැබීම යම් තරමකට බිඳවැටී ඇති බවක් දැකගැනීමට පුළුවන.










