රජයේ දිසා රෝහල් සහ ප්‍රාථමික රෝහල්වල පවතින අනාරක්ෂිත තත්ත්වයන්ට කඩිනමින් විසඳුම් ලබාදෙමින් වෛද්‍යවරියන් ඇතුළු සෞඛ්‍ය සේවාවේ යෙදී සිටින සියලු කාන්තා නියෝජනයන්වල ආරක්ෂාව තහවුරු කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇතැයි එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News
දුෂ්කර පළාත්වල සේවය කරන වෛද්‍යවරියන්ගේ නිල නිවාස, නිල කාමර සහ පොරොත්තු සේවාවන් ලබාදෙන නිල කාමර පහසුකම්ද ආරක්ෂිත අයුරින් සකසා දීමේ අවශ්‍යතාව පැනනැගී ඇති බවත්, ඒ සඳහා වූ කතිකාවක් වහා අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අනුරාධපුර මහරෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට අදාළව ඇයට එම සිද්ධියට මුහුණ පෑමට සිදුවූයේ රාජකාරි අවස්ථාවක හෙයින් ඇයට ඒ සඳහා රාජ්‍ය මට්ටමින් සාධාරණයක් ඉටුකරන ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයද රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
රජයේ රෝහල්වල පවතින එම අඩුපාඩු පිළිබඳ තම සංගමයද විමර්ශනය කොට සකස් කරන ලද වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදී ඇති බවද වෛද්‍ය විජේසිංහ මහතා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










