බටලන්ද වධකාගාරය පිළිබඳ ඇසින් දුටු සාක්ෂි එළිදකින්නට පටන්ගෙන ඇති නිසා ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග පහසු වන බවත්, වසර ගණනක් තිස්සේ බටලන්ද වධකාගාරය ගැන හෙළිකළ කොමිෂන් වාර්තාව වසං කළ දේශපාලන හස්තයන් ගැනද විශේෂ විමර්ශනයක් සිදුකළ යුතුව ඇති බවට වූ යෝජනාවක්ද ආරක්ෂක බලධාරීන්ට ලැබී ඇති බවත් රජයේ ආරක්ෂක අංශ භාර උසස් නිලධාරියකු පැවැසීය.Sri Lanka Latest News
ඒ පිළිබඳ රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ විමර්ශන කොමිටියක් ළඟදීම පත්කිරීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
88-89 ක්‍රියාත්මක වූ බටලන්ද වධකාගාරයේ තිබූ එල්ලා පහරදීමේ රහස් ක්‍රියාන්විතයට මැදිවී වධබන්ධනයට ලක්වෙමින් සිටියදී ගම්පහ ප්‍රදේශයේ එවක සිටි දේශපාලනඥයකු පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වක් නිසා ජීවිතය බේරාගත් අයකු පවා එම සිද්ධිය මෑතදී මාධ්‍ය හමුවේ හෙළිකර තිබිණි.
ජාත්‍යන්තර වශයෙන් හෙළිදරව් වූ මෙම බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කොට තිබේ.
ප්‍රේමලාල් විජේරත්න










