සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවෙමින් පවතින වංචා දූෂණ විෂමාචාර තුරන් කිරීමටත්, ඖෂධ අර්බුද, සෞඛ්‍ය උපකරණ හිඟය මෙන්ම ඖෂධ ප්‍රමිතිය මෙන්ම මිල ඉහළ යෑමට අදාළව ජනපති – අගමැති හදිසි හමුවක් ලබාගැනීමට පසුගියදා රැස්වූ රජයේ වෛද්‍යවරුන්ගේ විධායක කමිටු රැස්වීමේදී තීරණය කළ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
විශේෂයෙන් වෛද්‍යවරුන් රට හැරයෑමේ බුද්ධිගලනය කඩිනමින් නවතා ගැනීමට මින් පෙර රජයට ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳවද නව රජයට කරුණු ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කළේ.
වෛද්‍ය සේවාවන් සඳහා බලපා ඇති උපකරණ හිඟයන් නිසා ශල්‍යකර්ම පමාවීම නිසා හදවත් සැත්කම් වසර ගණනක් දිග්ගැසී යන තත්ත්වයක් මතුවී ඇති බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.
ඖෂධ හදිසි මිලදී ගැනීම්වලදී බලපා ඇති ප්‍රශ්න පිළිබඳවද රජයට කරුණු ඉදිරිපත් කිරීමට එම සංගමය තීරණය කොට තිබේ.
ප්‍රේමලාල් විජේරත්න










