පසුගිය 2025 වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.8% ක් වූ අතර, එය මේ වසරේ පළමු කාර්තු-ව ත-ුළ 5.1% දක්වා ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News
2021 වසරට පසුව පළමු කාර්තුවක වාර්තා වූ ඉහළම ආර්ථික වර්ධනය මේ වසරේ වාර්තා වී තිබේ.
2026 වසරේ පළමු කාර්තු-ව අභියෝගාත්මක කාල පරිච්ඡේදයකි. පසුගිය වසරේ නොවැම්බර් අග රට දිත්වා සුළි කුණාටුවට මුහුණ දුන් අතර එහි ප්‍රතිවිපාක තවමත් අවසන් නැත. ඊට අමතරව, ඉරානය සහ එක්සත් ජනපදය අතර පෙබරවාරි මාසයේ අග හට ගත් යුදමය වාතාවරණය මේ දක්වා ඇදී යමින් පවතී.
පළමු කාර්තුව තුළ 5.1% ක ආර්ථික වර්ධනයක් රට අත්කරගෙන ඇත්තේ මේ සියල්ල මධ්‍යයේ ය.
කෙසේ වෙතත්, 2025 වසරේ තුන්වන කාර්තුවේ දී 5.4% ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා වී තිබුණි.
අදාල කාල පරිච්ඡේදය තු-ළ කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන සෑම අංශයකම ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබේ.
ඒ අනුව, කෘෂිකාර්මික අංශයේ වර්ධනය 1.1% කින් ද, කර්මාන්ත අංශයේ වර්ධනය 7.2% කින් ද, සේවා අංශයේ වර්ධනය 3.4% කින් ද වර්ධනය වී තිබේ.










