• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවසට දහස් ගණනක් පඬුරු අතුරුදන් වන හාස්කම් පිරි කිරිඅම්මා උල්පත I Sri Lanka Latest News

August 25, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොයි තරම් තාක්ෂණය අතින් ඉදිරියට ගියත්, විද්‍යාව කොයි තරම් දියුණු වුණත් අපේ රටේ තවමත් ගුප්ත විශ්වාසයන් බොහොමයක් පවතිනවා. පරම්පරාවෙන් පරම්පරාවට පැවැත එන ඒ විශ්වාසයන් තාක්ෂණයට ගෝචර නොවන බව පවසා බැහැර කළ නොහැකි අවස්ථා ඕනෑ තරම් ඇති බව ඒ පිළිබඳ පර්යේෂණ සිදුකරන පිරිස් පෙන්වා දෙනවා.(Sri Lanka Latest News)

ඔබට මේ කියන්නෙත් එවැනි විශ්වාසයක් මත පදනම්ව බොහෝ දෙනකුට සෙත සලසන ස්ථානයක් ගැන කතාවක්. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම කියන අතිශය රමණීය පරිසර කලාපයේ පිහිටා ඇති ‘කිරිඅම්මා උල්පත’ කියන මේ සුවිශේෂ ස්ථානය ගැනයි අපි කතා කරන්නේ. මේ කතාව අපි උපුටා ගත්තේ Nilame යූටියුබ් නාලිකාවෙන්.

මේ තැන ගොඩක් විශේෂයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් මෙතැනට දිනපතාම එනවා. මේක පිහිටා තියෙන්නේ රක්ෂිත වනාන්තරයක් ඇතුළේ. උදෑසන කාලයේ තමයි මෙතැනට ජනතාව වැඩි වශයෙන් පැමිණෙන්නේ. පත්තිනි මෑණියන් උදෙසා කැපවුණු මේ භූමිය පුරාම දකින්න ලැබෙන්නේ රූස්ස ගස්. ඒ ගස් නිසාම අඳුරු සහ ගුප්ත හැඟීමක් එහි යන අයගේ සිත් තුළ ඇතිවන්නේ නිරායාසයෙන්මයි.

පත්තිනි මෑණියන් වෙනුවෙන් පුද පූජා බාරහාර පවත්වන දේවාල භූමියක් විදියට මේ ස්ථානය හඳුන්වන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් දේවාලයක් විදියට සලකන කුඩා කාමරයක් හෝ ශාලාවක් මෙහි දකින්න ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට තැන් තැන්වල ගල් තුනක් එක්කර සෑදූ ළිප් විශාල ප්‍රමාණයක් සහ ඒ ළිප් ආශ්‍රිතව ලී දඬුවලින් සෑදූ කුඩා අට්ටාල දැකිය හැකියි. පත්තිනි මෑණියන් වෙනුවෙන් කිරි ඉතිරවීමටත්, පූජා භාණ්ඩ තැන්පත් කිරීමටත් ඒවා යොදාගැනෙනවා.

දේවාල බිමේ ඇති එක් විශේෂිත දෙයක් ගැනයි දැන් සඳහන් කරන්නේ. එය අපූරු ජල උල්පතක්. පොළොව මත ඇති කුඩා දිය කඩිත්තකින් විශාල ජල බුබුළු පිටතට පැමිණෙන අයුරු විස්මය දනවනවා. සාමාන්‍ය පරිසරයේ අපට දකින්න ලැබෙන්නේ නැති මේ ජල උල්පත නිසාත් මේ ස්ථානයේ ඇති යම් අදෘශ්‍යමාන ශක්තියක් පිළිබඳ බොහෝ දෙනා තුළ විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. ඒ නිසාම එම උල්පත වටා ආරක්ෂිත වැටක් ඉදිකර ඇති ආකාරයත්, එහි පඬුරු ගැටගසා ඇති ආකාරයක් දැකගන්න පුළුවන්. ඒ වගේම මෙහි පැමිණෙන බැතිමතුන් දැඩිව විශ්වාස කරන දෙයක් තිබෙනවා.

ඒ තමයි යම් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගැනීම සඳහා බුලත් කොළයක පඬුරක් තබා එය දිය උල්පත මත තැබිය යුතුයි කියලා. තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා නම් ඒ පඬුර උල්පත මතදීම ගිලී අතුරුදන් වන බවත්, ඉෂ්ට වන්නේ නැති නම් එය දිය පහර ඔස්සේ පහළට ගලායන බවත් බැතිමතුන් අතර පවතින මතයක්. ඒ විදියට දිය බුබුළ මත විස්මිත ලෙස බුලත් කොළයක් සහ පඬුරක් ගිලී අතුරුදන් වන අයුරු අපටද දැකගන්න ලැබුණා. ඒ වගේම දිනපතා දහස් ගණන් බැතිමතුන් මේ ස්ථානයට පැමිණිලා කොයි තරම් පඬුරු සහ බුලත් කොළ මේ දිය බුබුළ මතට දැම්මත් එම පඬුරු සහ බුලත්කොළවලට සිදුවන්නේ කුමක්ද කියා කිසිවකුට අදටවත් සිතාගන්නට බැහැ. ඒ බුලත්කොළ නිසා උල්පතේ දිය පහරට කිසිම හානියක් සිදුවන්නේද නැහැ.

ඒ අපූරු සිදුවීම දැකබලාගත්ත අපි දැන් සූදානම් වෙන්නේ කිරිඅම්මා උල්පතේ අතීත කතාව ගැන දැනගන්න. අපට හමුවුණා මේ ස්ථානයට නිතර යනෙන මහත්මයෙක්.

මාමේ අපට කියන්න මේ ස්ථානය ගැන විස්තර ටිකක්…?

‘මේ තැනට කියන්නේ දාවැවිල්ල කියලා. අතීතයේ මේ කැලේ මැද පත්තිනි දෙවියෝ වැඩඉඳලා තියෙනවා. ඒ කාලේ මේ ගමට එහා පැත්තේ ගෙවල් දොළහක් විතර තිබිලා තියෙනවා. ඒ මිනිස්සු තමයි මෙතැන පුද පූජාවන් කරලා තියෙන්නේ. ඔය කාලේ මේ ස්ථානයේ තිබුණු පොකුණේ ජීවත් වෙලා තියෙනවා ආඳෙක්. ඒ ආඳාව අර මිනිස්සු මරාගෙන කාලා තියෙනවා. ඊට ටික දවසකට පස්සේ ඒ සතාව ආහාරයට ගත්තු ගමේ හැම කෙනෙක්ම ලේ බඩ ගිහින් මැරිලා තියෙනවා. මේ භූමියේ තියෙන ශක්තිය නිසයි එහෙම වෙලා තියෙන්නේ. දේව ශාපය වැදිලා ඒ අය මැරිලා තියෙන්නේ. මෙතැනට එහා පැත්තේ තියෙනවා වී බුසල් විසිපහක විතර කුඹුරක්.

ඉස්සර මිනිස්සු මෙතැනට ඇවිත් පුද පූජා තියලා ගිහින් කුඹුරු වැඩ කළා. එතකොට ඒ ගොවිතැනට කිසිම සතෙක්ගෙන් හානියක් වෙලා නෑ. බොහොම ජයට අස්වනු ලැබිලා තියෙනවා. ඒ වගේම මිනිස්සු ගොයම් කපන්න කලින් මෙතැනට ඇවිත් කන්නලවු කළාම ඒ අයට අවශ්‍ය දෑකැති පවා මේ ඈත තියෙන ගල උඩින් ගෙනල්ලා තියනවාලු. මිනිස්සු ඒ දෑකැති අරගෙන ගිහින් ගොයම් කපලා ආපහු ඒවා එතැනින්ම ගෙනල්ලා තියනවලු. දවසක් මනුස්සයෙක් ඒ දෑකැති හොරකම් කරගෙන ගිහින්. එදා ඉඳලා ඒ බලය අතුරුදන් වෙලා තියෙනවා….’

‘එක අවස්ථාවක මේ ස්ථානය මැදින් පාරක් කපන්න කියලා ඩෝසර් එකක් ආවා. ඒක කැඩුණා. ඊට පස්සේ තව ඩෝසර් එකක් ගෙනාවා. ඒකත් කැඩුණා. ඔය විදියට ඩෝසර් කිහිපයක්ම ගෙනාවා. නමුත් ඒ එකකින්වත් පාර කපන්න බැරිව ගියා. ඊට පස්සේ මහවැලි එකෙන් නියෝගයක් දුන්නා මේ කැලේ කිසිම වෙනසක් කරන්න එපා. ස්වභාවිකත්වය රැකෙන විදියට තියෙන්න අරින්න, මිනිස්සුන්ට පුද පූජාවන් කරන්න ඉඩ දෙන්න කියලා. අදටත් මෙතැන ඒ විදියටම රැකිලා තියෙනවා. මෙතන විශේෂත්වය තමයි වතාවත් කරන්න කපුමහත්තුරු නැති එක. බැතිමතුන් ඇවිත්, තමන් විසින්ම ප්‍රාර්ථනාව කරලා ඒ වතාවත් කරලා යනවා….’

මාමේ මෙතැනට එන්න කලින් පේවෙලා එන්න ඕනෙ කියන්නේ ඇත්තද?

‘ඔව්. මස්, මාළු, බිත්තර වගේ කිළි ජාති කාලා මෙතැනට එන්න එපා. එහෙම ආවොත් විවිධ අනතුරුවලට ලක්වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතැන නඩුහබවලට, දරුඵල නැති අයට බොහොම අනුහස් ලැබෙන තැනක්. අවුරුදු පහළොවක් තිස්සේ දරු සම්පත් බලාපොරොත්තුවෙන් හිටපු දෙන්නෙක් ඇවිත් එක පාරක් බාරවෙලා ගියා. ඊට අවුරුදු දෙකහමාරකට පස්සේ ඒ අය දරුවත් එක්ක ආවා. ඇවිත් බාරය ඔප්පු කළා. ඒ වගේ විශාල පිරිසකට තමන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මෙතන උපකාර වෙලා තියෙනවා….’

ඒ අය මෙතැනට ඇවිත් තමන්ගෙ බාරය ඔප්පු කරන්නේ කොහොමද?

‘බාරය ඔප්පු කරන්නේ හිරු දෙවියන්ට කිරි උතුරුවලා. පුද පූජා පවත්වන්නේ පත්තිනි දෙවියන් ඇතුළු දේව මණ්ඩලයට. ඒ දෙවිවරුත් පින් අනුමෝදන් වෙනවා…’

අද අපි දැනගත්තේ ලංකාවේ අපට සොබාදහමෙන් ලැබුණු දායාදයක් වන් අපූරු ස්ථානයක්. ඒ වගේම දේව හාස්කම් සපිරි තැනක් විදියටත් විශ්වාස කරන පූජා භූමියක්. මේ කිරිඅම්මා උල්පත කියන අපේ උරුමය අනාගත පරපුරට අපි රැකගත යුතුයි. ඒ නිසාම මෙහි යන එන ඔබ මේ ස්ථානය ආරක්ෂා කරන්න, එහි සොබාවිකත්වය රැකගන්න කියන ඉල්ලීමත් අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.

Nilame යූටියුබ් නාලිකාවෙන් උපුටාගන්නා ලද්දකි

SendShareShare
Previous Post

අවුරුදු 500ක් හිමාලයේ ජීවත් වන මහාවතාර් බාබාජී ගැන දන්නවාද I Sri Lanka Latest News

Next Post

ඉස්සෙල්ලා සහකාර ගෘහ පාලකයා! දැන් ගෘහපාලන සහායක! පාර්ලිමේන්තුවේ දෙවැනි අනංගයාත් ගෙදර යවයි! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.