• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල බෙහෙත් සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකත් CIDයෙන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

March 1, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සමන් රත්නායක මහතා අද (01) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඒ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) කළ නියෝගයට අනුවය.

ඔහු පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ යළි විභාග කෙරුණේ මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ඉදිරියේය. 

ප්‍රශ්නගත එන්නත සම්බන්ධ සිදුවීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ මැදිහත්වීම කෙබඳු ද යන්න මහෙස්ත්‍රාත්වරිය මෙහිදි ප්‍රශ්න කළාය. 

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය එහිදී පැවසුවේ, නඩුවට අදාළ වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට ඊයේ පෙරවරුවේ CIDය හමුවේ පෙනීසිටින ලෙස ඔහුගේ කුරුණෑගල ස්ථිර ලිපිනයට ලිඛිතව දැනුම් දුන් බවය.

කෙසේ වෙතත්, පෙරේදා සිට ඊයේ උදෑසන දක්වාම රත්නායක මහතාගේ පෞද්ගලික ජංගම දුරකථනය ක්‍රියාවිරහිතව ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට ප්‍රකාශ කළාය. 

ඇය මෙහිදී පැවසුවේ, රත්නායක මහතා, තමා පෞද්ගලික කටයුත්තක් සඳහා පෙරේදා සහ ඊයේ නිවාඩු ගත් බවට විමර්ශන නිලධාරියෙකුට කෙටි පණිවුඩයක් යොමුකරමින් සඳහන් කර තිබූ බවය. 

එමෙන්ම තමා සිටින්නේ, වනාතවිල්ලුවේ බැවින් ප්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස ද එම කෙටි පණිවුඩය මඟින් ඉල්ලා තිබිණි. 

නමුත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මාළිගාකන්ද අධිකරණයට පැවසුවේ, දින දෙකක් නිවාඩු ගන්නා බවට පැවසුවත්, රත්නායක මහතා පෙරේදා සවස්වරුව වනතෙක්ම සිය කාර්යාලයේ රාජකාරී කර ඇති බවට අනාවරණ වූ බවය. 

එබැවින් මෙම සියලු කරුණු සලකා බලා අද පෙරවරු 9ට ප්‍රකාශයක් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස සමන් රත්නායක මහතාට නියෝගයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලීමක් කළාය.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ මහෙස්ත්‍රාත්වරිය පැවසුවේ කිසියම් පුද්ගලයෙකු විමර්ශන මඟහරින්නේනම් ඊට අදාළ නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියෝග කළේ, ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීමට අදාළ අනෙකුත් සියලු සැකකරුවන් දින 14ක් තුළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

SendShareShare
Previous Post

මිහිදු හිමි වැඩි බිම ඉපදුන නිවත්තකචේතිය පිං බිම I Sri Lanka Latest News

Next Post

මේක මහපොලොව නුහුලන අපරාධයක්… මගේ මහත්තයාට කවුද මේ අපරාධය කළේ? මගේ දරුවො තුන්දෙනාට දැන් තාත්තා කෙනෙක් කෝ? ඖෂධ මාෆියාව සේනක බිබිලේව මැරුවා… PHI රොෂාන්ව මැරුවේ කෑම සමාගම් මාෆියාවද? I Sri Lanka Latest News

MORE NEWS

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද සවස සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැති සත්‍යග්‍රහයේදී පොලිසිය විසින් අට්ටාල ඉවත් කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest...

Read more
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper