• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරානයත් අතදාන්න සූදානම්… ඇමෙරිකාවත් අත දාන්න ලෑස්තියි… ඊශ්‍රායලය පටන්ගත්තේ තුන් වැනි ලෝක යුද්ධයද? I Sri Lanka Latest News

January 1, 2024
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලොව මිනිසුන් කෙතරම් ඛේදනීය තත්ත්වයකට ඇදවැටෙන්නේ දැයි සිතෙන්නේ මෙම දසුන් දකින විටදීය. සෑම අතකින්ම දිස්වන්නේ බියකරු දසුන්ය. තැන තැන අහිංසක මිනිසුන් මැරී වැටී සිටින ආකාරය දෙනෙත් අදහාගත නොහැකිය. ලේ පෙරෙමින් තුවාල වුණු කුඩා දරුවන් වඩාගත් මවුපියන්, සිහිය විකල්වී රෝහල් සොයා දිවයන ආකාරය සෑම තැනකින්ම දක්නට හැකිය. ඒ දරුවන් මර ළතෝනි තබමින් හඬන ආකාරය දකින මිනිසුන්ගේ හදවත හත් කඩකට පැලී යයි.(Sri Lanka Latest News)

කිරි දරුවන්ගේ මුහුණුවලින් දිස්වන්නේ මාරයා දැක බියපත්වූ විලාසයක්ය. නගරයේ තැනින් තැන තම ආදරණීයයන්ගේ නිසල සිරුරු කරතබාගත් මිනිසුන් අවසන් කටයුතු සඳහා පියමං කරන ආකාරය අතිශය ශෝචනීයය. නගරයේ සතර දෙස පෙනෙන්නේ පොළොවට සමතලා වුණු විශාල ගොඩනැගිලිය. මේ දසුන් සියල්ලක්ම ඇති තෝතැන්නේ බොහෝ තැන්වලින් නැගෙන ගිනි ජාලාවන් සහ දුම් වලාවන් අහස් තලයද සිපගනිමින් සිටියි. බල තණ්හාවෙන් පිරුණු නායකයන්ගේ කුරිරු යුද්ධය නිසා මිනිසුන් අපායට වැටී ඇත.

කුමක්ද මේ ශෝචනීය වදන් පෙළ සහ එමගින් දර්ශනය වන බියකරු ජවනිකාව? මෙම ඛේදනීය දසුන් මෙම කියන මොහොතේදීත් ඒ ආකාරයෙන්ම දිස්වෙමින් ඇත. අප රටට සැතපුම් දහස් ගණනක් දුරින් මෙම දසුන් මැවෙන්නේ අදට හරියටම දින 85ක කාලයක් ගතව ඇති ඊශ්‍රායල-පලස්තීන යුද්ධයෙනි. මෙම බියකරු යුද්ධය ඇරැඹුණේ 2023 ඔක්තෝබර් 07 වැනිදාය. එනම් මෙම ලිපිය පළවන අද වන විට හරියටම දින 85ක් සම්පූර්ණ කර ඇත.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද්ධය යනු අද ඊයේ ඇතිවූවක් නොවේ. එය කලින් කලට ඇරැඹෙන, ඉන් පසු කලින් කලට තිත තැබෙන රටවල් දෙකක් අතර වූ යුද්ධයකි. එමෙන්ම මෙම කුරිරු යුද්ධයට දැනට වසර 75කට අධික ඉතිහාසයක් තිබේ. 1948 වැනි වසරකදී ඇරැඹි යුද්ධය අදටත් විටින් විට ඇවිලෙමින් තිබෙන ආකාරය දක්නට හැකිය. මෙම යුද්ධයන් පෙර සමයකට වඩා මෙම කාලයේදී අතිශය බියකරු වන්නේ වර්තමානයේදී රටවල් විසින් භාවිත කරනු ලබන යුද උපක්‍රමයන් බොහෝ දියුණු හෙයිනි. එවැනි වටපිටාවකදී භාවිත කරනු ලබන යුද අවි ආයුධ පවා බොහෝ නවීන ඒවා වෙයි. එහෙයින් එකලට වඩා මෙකල යුද්ධයකදී ඇතිවන විනාශය බොහෝ උග්‍රය.

පසුගියදා ඇරැඹි ඊශ්‍රායල-පලස්තීන යුද්ධය තවත් ආකාරයකින් හඳුන්වන්නේ ඊශ්‍රායල-හමාස් යුද්ධය වශයෙනි. එයට හෙය්තුව වන්නේ පලස්තීනයේ අනුග්‍රහයෙන් සිටින සන්නද්ධ සටන්කාමීන් කණ්ඩායම හඳුන්වන්නේ හමාස් සංවිධානය වශයෙන් වන හෙයිනි. මෙම සංවිධානය ප්‍රධාන වශයෙන් ස්ථාපිතව සිටින්නේ එම රටවලට අයත් ගාසා නමැති මුහුදු තීරයක් ආශ්‍රිත බිම්කඩකය. එහෙයින් ඊශ්‍රායලය තම යුද පහරදීම් සිදුකරන්නේ මෙම ප්‍රදේශය ඉලක්ක කරගෙනය.

මෙම යුද්ධයේ බොහෝ තතු ඔබ පසුගිය කාලය පුරා අසන්නට දකින්නට ඇතිය. එහෙයින් ඒ සියල්ලක්ම නැවත ආවර්ජනය කිරීම අවශ්‍ය නොවේ. එසේ වුවද මෙම කුරිරු යුද්ධයේ ආදීනව නිසා මෙතෙක් ඝානයට ලක්වූ මිනිස් ජීවිත ගණන දසදහස් ගණනකි. මෙවර මෙමයුද්ධය මුලින්ම ආරම්භ කරනු ලැබුවේ පලස්තීනයේ හමාස් සංවිධානයේ සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ සාමාන්‍ය වැසියන්ට ප්‍රහාරයක් එල්ල කිරීම මගිනි. ඉන් පසුව එදින සිටම ඊශ්‍රායලයේ හමුදා විසින් පලස්තීනයේ ගාසා තීරය වෙත දරුණු ප්‍රහාර එල්ල කරන්නට විය. හමාස් සටන්කාමීන් එල්ල කරගෙන මෙම ප්‍රහාර දියත් වුවද මේ මගින් සිදුවූයේ බහුතරයක් අහිංසක වැසියන් මරණයට පත්වීමය.

දැනට තිබෙන දත්තවලට අනුව මේ වන විට මෙම යුද්ධයෙන් ඊශ්‍රායලයේ වැසියන් 2,000ක් සහ පලස්තීනයේ වැසියන් 22,000ක් ඝාතනයට ලක්ව ඇත. තවත් වැසියන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇත. මෙම කුරිරු යුද්ධයේදී අපට පෙනීයන කරුණක් නම් ලෝකයේ ප්‍රබල ධනවත් රටවල් කිහිපයක්ම ඊශ්‍රායලය වෙත තම සහයෝගය දක්වන අතර, පලස්තීනය වෙත අරාබි රටවල් කිහිපයක්ම තම සහාය දක්වන ආකාරය පෙනීයයි. මෙහිදී ඊශ්‍රායලය වෙත තම සහාය දක්වන ප්‍රධාන රටක් වශයෙන් පෙනීයන්නේ ලෝකයේ ප්‍රධාන බලවතා වූ ඇමෙරිකාවයි. ඇමෙරිකාව ප්‍රධාන බටහිර රටවල් කිහිපයක්ම එම සහාය සඳහා ඉදිරිපත්ව සිටියි. එහිදී පෙනීයන අනෙක් කරුණ නම් පලස්තීනය වෙත සහාය දක්වන ප්‍රධාන රටක් ලෙස දැනට මැදපෙරදිග බලගතුම යුද ශක්තිය ඇති ඉරානය කටයුතු කරන ආකාරයද පෙනීයයි. දෙපැත්තකින් මෙලෙස බලවතුන් යුද්ධයට වක්‍ර ආකාරයකින් සම්බන්ධ වී තිබීම ඉවත දැමිය හැකි වගතුගක් නොවේ.

මෙවැනි වටපිටාවක් යටතේ යම් හේතු සාධකයක් මත හෝ ඉරානය මෙම යුද්ධයට සම්බන්ධ වුවහොත් ඇතිවන තත්ත්වය ඉතා බරපතළ බව මේ වන විට දේශපාලන විචාරකයන් මෙන්ම යුද විශ්ලේෂකයන්ද කරුණු ප්‍රකාශ කර ඇත. මේ වන විට දැනට දින 85ක් ගතව ඇති මෙම යුද සමයේදී ඉරානයේ වත්මන් උත්තරීතර නායක අයතුල්ලා අල් කුමෙයිනි විසින් පලස්තීනයේ වත්මන් ජනාධිපති මහමුද් අබ්බාස් සහ පලස්තීනයේ හමාස් සන්නද්ධ සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ සමග සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත.

මෙහිදී ඉරානයේ උත්තරීතර නායකයා ප්‍රකාශ කොට ඇත්තේ වත්මන් යුද්ධය සඳහා දේශපාලනික වශයෙන් පලස්තීනයට සහ හමාස් සංවිධානයට සහාය ලබාදෙන බවය. මෙයට පෙර 2023 ජුනි මාසයේදීද ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි විසින්ද පලස්තීන ත්‍රස්තවාදී හමාස් නායක ඉස්මයිල් හනියේ හමුවී ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී දීර්ඝ සාකච්ඡා පවත්වා තිබිණි. කෙසේ හෝ මෙම ඊශ්‍රායල-පලස්තීන යුද අර්බුදය ගැන බොහෝ දැඩි අවධානයකින් පසුවන ප්‍රධානතම රට වන්නේ ඉරානයයි. දැනට මෙම රටවල් දෙක අතර පැවැති සාකච්ඡාවලදී තවද ඉරානය මෙම යුද්ධයට යුදමය වශයෙන් මැදිහත් වීමක් තීරණය කර නොමැත.

එහෙත් ඉදිරි කාලයේදීද ඊශ්‍රායලය දරුණු ආකාරයකින් යුද්ධයට අවතීරණ වන්නේ නම් ඉරානයේ ස්ථාවරය කුමක් වේදැයි සිතාගැනීමට නොහැකි වනු ඇත. යම් හෙයකින් ඉදිරියේදී ඉරානය යුද්ධයට සන්නද්ධ ලෙස මැදිහත් වුවහොත් එම තත්ත්වය ඉතාමත් බරපතළ වනු ඇත. එවිට පලස්තීනයට සහාය වීමට තවත් අරාබි රටවල් කිහිපයක්මද එකතු වනු ඇත. එවිට ඉරානය ප්‍රමුඛ අරාබි දේශ සන්ධානයක් බිහිවනු ඇති අතර, ඊශ්‍රායලයට සහයෝගය දැක්වීම සඳහා බලගතු බටහිර රටවල් කිහිපයක්මද එකතු වනු ඇත. එය ඇමෙරිකාවේ නායකත්වය යටතේ සිදුවෙයි.

මැදපෙරදිග කලාපයේ අංක එකට යුද ශක්තියක් ඇති සුපිරි බලවතා ලෙස සැලකෙන ඉරානය ගැන යම් තොරතරුැ ටිකක් සොයා බලමු. කෝටි 87ක සුවිශාල ජනතාවක් වෙසෙන ඉරානයේ බහුතරය සිටින්නේ ඉස්ලාම් ආගමිකයන්ය. බොර තෙල් සම්පතින් ඉතා ධනවත් වූ ඉරානයේ 2023 වසරේ දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 367ක් පමණ වෙයි. එය ලෝකයේ රටවල් අතර 42 වැනි ස්ථානය ගනියි. එසේ වුවද ඉරානයේ ඒකපුද්ගල ආදායම යම් පහත අගයක් ගන්නා අතර, එය ඇමෙරිකානු ඩොලර් 4,234ක් වෙයි.

එයට හේතුව වන්නේ අතිවිශාල ජනගහනයක් සිටින හෙයිනි. මෙවැනි වටපිටාවක් තිබෙන ඉරානයේ යුද ශක්තිය ඉතා ඉහළ තත්ත්වයක පවතී. එනම් එය ලෝකයේ රටවල් 145ක් අතරින් ගත්කල 17 වැනි ස්ථානයෙහි සිටින බව දත්ත පෙන්වා දෙයි. මේ බව සඳහන්ව ඇත්තේ 2023 නවතම වාර්තාවලය. එසේම මැදපෙරදිග රටවල් සියල්ල අතරින් යුද ශක්තිය අතින් අංක එක ස්ථානයෙහි සිටියි. ඉරානයේ සියලු සන්නද්ධ හමුදාවන් තුළ ස්ථිර ලෙස සේවය කරන සාමාජිකයන්ගේ සංඛ්‍යාව 6,10,000ක් වන අතර, ස්ථිර නොවන සාමාජිකයන්ගේ සංඛ්‍යාව 3,50,000කි.

මේ අනුව බලන කල හමුදා පිරිස් බලය මිලියනයකට ආසන්න වෙයි. මෙයට අමතරව ඉරාන හමුදාව සියලු නවීන යුද අවි ආයුධවලින් මෙන්ම න්‍යෂ්ටික බලයෙන්ද සමන්විතය. පසුගිය 2021 වසරේදී පමණක් ඉරානය තම හමුදාමය කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක අති විශාල මුදලක් වැයකර ඇත.

මේ ආකාරයට බලන විට ඉරාන හමුදාවේ බලය ඉතා උච්ච තත්ත්වයක ඇත. යම් හෙයකින් ඊශ්‍රායල-පලස්තීනයට ඉරානය පය තැබුවොත් එය සත්‍ය ලෙසම තෙවැනි ලෝක මහා යුද්ධයක් වනු ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

2024 දෙවැනි දේශපාලන පෙරළියත් වෙයි! ජී.එල්.-ශාන් ලාල්-ඩිලාන් විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් ප්‍රශ්න විසඳන්න අලි සබ්‍රිලා හදපු වාර්තාව ජනාධිපතිට බාර දෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.