• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධයේ වීරයාට එළව එළවා පහරදීම හෙවත් නොනවතින ෆොන්සේකා දඩයම…

August 17, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
යුද්ධයේ වීරයාට එළව එළවා පහරදීම හෙවත් නොනවතින ෆොන්සේකා දඩයම…
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ හොඳම චරිත සහතිකය දුන්නේ සරත් ෆොන්සේකාටය. ඒ, ලෝකයේ හොඳම හමුදාපති ඔහු බවටය. ඒ ආකාරයේ සහතිකයක් ලබාදී ඊළාම් යුද්ධය දිනූ සතුට සමරා ඒ වෙනුවෙන් කේක් එකක්ද කැපූ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රජය දින කිහිපයකට පසු සරත් ෆොන්සේකා දඩයම් කිරීම ආරම්භ කළේය.

දහසක් බාධා කිරීම් සහ පළිගැනීම් හමුවේ යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගත් සරත් ෆොන්සේකා ඊළඟට පය තබනුයේ දේශපාලන පිටියටය. රාජපක්ෂවරුන්ට ඍජුව අභියෝග කරමින් දේශපාලනයට පිවිසි සරත් ෆොන්සේකා, මහින්ද රාජපක්ෂ සමග 2010 වසරේ ජනධිපතිවරණයටද තරග කරන්නේය. වාර්ගික වශයෙන් සමාජය බෙදමින්, යුද ජයග්‍රහණයේ ගෞරවය එහි සැබෑ හිමිකරුවාගෙන් කොල්ලකමින් ගෙන ගිය දූෂිත මැතිවරණ ප්‍රචාරය හමුවේ සරත් ෆොන්සේකා එවර ජනාධිපතිවරණය පරදින්නේය. ඒ සමගම රාජපක්ෂවරුන්ගේ වෛරී පළිගැනීම් ඔහු හඹා එන අතර එහි අවසානය ඔහු බන්ධනාගාරගත කිරීමය.

ඔහු බන්ධනාගාර ගත කළ පාර්ශ්වයම ඉන් නිදහස් කිරීමට කොන්දේසි පනවන්නේය. සමාව ඉල්ලන්නේ නම් ජනාධිපති සමාව ලබාදෙන්නට හැකි බවට පණිවුඩ පිට පණිවුඩ යැවූවද සරත් ෆොන්සේකා ඒවා ප්‍රතික්ෂේප කරන්නේය. සිය දඬුවම ගෙවා දමා බන්ධනාගාරයෙන් එළියට එන ෆොන්සේකා එතැන් සිට ලංකාවේ දේශපාලනයේ සක්‍රීය චරිතයක් බවට පත්වන්නේය. රාජපක්ෂවරුන් ද්වේශසහගතව උදුරාගත් සියලු තනතුරු, පදක්කම් ඔහුට යළි ලබාදෙන්නට කටයුතු කරන යහපාලන රජය, අවසන ඔහුව ‘ෆීල්ඩ් මාර්ෂල්’ තනතුරට ඔසවමින් එතෙක් සිදුවූ වැරැදි නිවැරැදි කරන්නේය.

යුද පිටියේ රාජකාරිය ටක්කෙටම කෙරූ මේ සෙන්පතියා දේශපාලනඥයකු වශයෙන්ද මේ වන විට රටේ නමක් දිනාගෙන අවසන්ය. ජනපති, අගමැති සහ විපක්ෂ නායක යන තිදෙනා හැරුණු කල රටම කතාකරන දේශපාලනඥයා වනුයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. ඊට ප්‍රධාන හේතුව අද වන විට තවත් වටයකින් සරත් ෆොන්සේකා දඩයම කරළියට පැමිණ තිබීමය.

මේ වන විට ආණ්ඩුවේ පමණක් නොව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නියෝජනය කරන විපක්ෂයේ පිරිස්ද සරත් ෆොන්සේකා දෙශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ දරමින් සිටී. මෑතකදී ඔහු ගාලුමුවදොර අරගල භූමිය පිළිබඳ දැක්වූ අදහස් සහ අරගලකරුවන් සමග ගොඩනඟාගත් සබඳකම් මෙන්ම අරගල බිමේ තරුණයෝ ඔහු සම්බන්ධව දක්වන ධනාත්මක ආකල්පද දෙවැනි වරටත් සරත් ෆොන්සේකා දඩයම් කිරීම කඩිනම් කිරීමට හේතු වූ බව පැහදිලිය.

අප්‍රේල් නව වැනි දින ඇරඹූ අරගලයට ඉන් පසුව ගෙවුණු සෑම නම වැනිදාවක්ම සුවිශේෂ විය. ඒ සෑම නම වැනිදාවකම අරගලය කුමක් හෝ සාර්ථක බවක් අත්කර ගැනීම නිසාය. ජූලි නව වැනිදා ගෝඨාභය නෙරපා හැරීමෙන් පසු ඔවුනට ඉතිරිව තිබුණේ අගෝස්තු නව වැනිදා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීමය. එහෙත් සිවු දෙසින් හඹා එන්නට වූ මර්දනය සහ පවතින නීතිමය තත්ත්වයන් ඉදිරියට දමා සිදුකරමින් සිටි අත්අඩංගුවට ගැනීම් නිසා අරගලයට අපේක්ෂා කළ ප්‍රතිඵලය අගෝස්තු නව වැනිදා අත්පත් කරගත නොහැකි බව පෙනෙන්නට තිබිණි. අගෝස්තු නව වැනිදා අරගලය කැඳවන්නට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරියට එන්නේ මේ අවස්ථාවේය. මාසයක් හෝ නතර වීමට සූදානම්ව අගෝස්තු නව වැනිදා කොළඹ එන ලෙස ඔහු ජනතාවට ඇරයුම් කරන්නේය. මෙකී ඇරයුම ඇල්මැරෙමින් තිබූ ජනතා අරගලයට යම් ජීවයක් කැවීමට සමත් විය. එහෙත් අගෝස්තු නව වැනිදා අරගලය නිමාකර අරගලකරුවන් ගෙදර යැවීමට යෝනිසෝ මනසිකාරයෙන් සිටි ආණ්ඩුවත්, හොරෙන් ඊට ආශීර්වාද කරමින් සිටි විපක්ෂයේ ඇතැමුනුත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දඩයම් කරන්නට අගෝස්තු නව වැනිදා අරගලකරුවන් කොළඹට කැඳවමින් ඔහු කළ ප්‍රකාශය යොදාගන්නට කටයුතු කළහ.

සරත් ෆොන්සේකා මේ වන විට හොබවමින් සිටිනුයේ ෆීල්ඩ් මාර්ෂල් ධුරයයි. ‘ෆීල්ඩ් මාර්ෂල්’ යනු කිසියම් නිශ්චිත වයස් කාණ්ඩයකදී විශ්‍රාම ලබන හෝ නිශ්චිත කාල සීමාවකදී විශ්‍රාම යන ධුරයක් නොව එය දරන තැනැත්තාගේ ජීවිත කාලය පුරා පවතින තනතුරකි. තවත් සරල කොට කියන්නේ නම් ෆීල්ඩ් මාර්ෂල් යනු ජීවිතාන්තය දක්වා සක්‍රීය තනතුරකි. එය දරන්නා හමුදාවේ සක්‍රීය චරිතයකි. එවන් පුද්ගලයකුට ආණ්ඩුවක් පෙරළන්නට එන්නැයි කැරලිකරුවන් කැඳවිය නොහැක. ඔහුගේ රාජකාරිමය සහ නෛතික බැඳීම රාජ්‍ය ආරක්ෂා කිරීමය. මේ තර්කය පෙරට දමමින් ආණ්ඩුවෙ ඇතැමුන් සහ ඊට සහාය දක්වන පිරිස් යෝජනා කරන්නේ ෆොන්සේකාගෙන් ෆීල්ඩ් මාර්ෂල් ධුරය ගැළවිය යුතු බවයි. මේ වූ කලී අලුත් තත්ත්වයක් නොව යුද්ධය නිමාකළ මුල් යුගයේ සිට මේ සෙන්පතියා හඹා ආ පළිගැනීම් මාලාවේ තවත් එක් දිගුවක්ය.

සරත් ෆොන්සේකා සහ රාජපක්ෂවරු අතර අරෝව එකී පළිගැනීම් මාලාවේ ආරම්භයය. එල්.ටී.ටී.ඊ. සංවිධානය හා රජයේ හමුදා අතර අවසන් ගැටුම පැවැතියේ නන්දිකඩාල් කළපුවේය. එහිදී ලද යුද ජයග්‍රහණයේ කීර්තිය ප්‍රධාන වශයෙන් ශීර්ෂයන් තුනක් වෙත බෙදී යන ලදී. දේශපාලන නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිවූ අතර, පරිපාලන නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් වූ ගෞරවය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට හිමිවිය. එහෙත් යුද පිටියේ ප්‍රායෝගිකව හමුදාවට නායකත්වය ලබාදීමේ සදානුස්මරණීය ගෞරවය හිමිවූයේ එවක හමුදාපති සරත් ෆොන්සේකාටය. දේශපාලන පැවැත්ම උදෙසා රාජපක්ෂවරයෙක් නොවන කෙනකුට යුද ජයග්‍රහණයේ ගෞරවයෙන් වැඩි කොටසක් හිමි වීම නොරිස්සූ එවක පැවැති රජය, සුදු කොඩි චෝදනාව පෙරට දමා සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේය. වර්ෂ 2010 පෙබරවාරි 08 වැනි දින රාත්‍රියේ සිදුවූ මෙකී අත්අඩංගුවට ගැනීම අදටත් විවාදාපන්නය. තමා අණදුන් නිලයන් විසින්ම සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේදී ඔහුට හිමි නිසි ගෞරවය ලබා නොදුන් බව කියවේ. නඩු අසා හිරේ දැමූ ෆොන්සේකාට බන්ධනාගාරයෙදීද බොහෝ අකටයුතුකම් සිදුවිය. එල්.ටී.ටී.ඊ බෝම්බයකින් එලොව ගොස් මෙලොව ආ ඔහුට, එකී තුවාල නිසා සාමාන්‍ය ජීවිතය අදටද ගතකළ නොහැක. එහෙයින් බන්ධනාගාරයේදී ඔහුට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවිය. නිදාගැනීමට මෙට්ටයක් සහ ව්‍යායාම කිරීමට අවසරය පවා අධිකරණ විනිසුරුවරුන්ගේ මැදිහත් වීමෙන් ලබාගැනීමට ඔහුට සිදුවිය.

සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ගෞරවය දිනා සිටි සෙන්පතියාට ජම්පර් ඇන්දවීම රාජපක්ෂවරුන්ට දේශපාලන පාරාවළල්ලක්ම වූයේය. ‘ෆොන්සේකාට කළ වැඩේ හොඳ නැති බව’ මහින්දට සහාය දුන් අය පවා පවසන්නට වූ අතර, ඔහු නිදහස් කර එකී ජනතා වෛරයෙන් ගැළවෙන්නට ආණ්ඩුවට අවශ්‍ය විය. එහෙයින් සමාව ගන්නැයි ඔහුට පණිවුඩ කිහිපයක් යවන්නට ආණ්ඩුව කටයුතු කරන ලදී. එහෙත් සරත් ෆොන්සේකා ඊට එකඟ වූයේ නැත. සමාව ගන්නට තමා වරදක් කර නැති බව ඔහුගේ මතය විය. අවසන එළියේ සිටි ෆොන්සේකාට වඩා තමන් ඇතුළට දැමූ ෆොන්සේකා බලවත් වන බව රාජපක්ෂවරු වටහා ගත්හ. එහෙයින් ඔහු වටා අනාගතයේ ගොඩනැගෙන සිවිල් බලයට අභියෝග කිරීමට ක්‍රමයක් කල් තබා සොයාගන්නට ඔවුන්ට අවශ්‍ය විය.

අවසන් සටන ජයග්‍රාහීව මෙහෙයවූ මේ සෙන්පතියා සදාකාලිකව දේශපාලන පිටියේදී පරාජය කිරීම රාජපක්ෂවරුන්ගේ අරමුණ විය. යුද ජයග්‍රහණයෙන් පසු ලෝකයේ හොඳම සෙන්පතියා ලෙස හැඳින්වූ සරත් ෆොන්සේකාට යුද හමුදාව පාවාදුන් බවට චෝදනා එල්ල වීම පිටුපස තිබුණේ එකී වුවමනාවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුගේ ක්‍රියාකාරීත්වය අන් මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව වෙනස් විය. එය බොහෝ විට දැඩි ආක්‍රමණික ස්වරූපයක් ගත් අතර, ඍජු ප්‍රකාශවලින් සමන්විත විය. එය රාජපක්ෂ හිතවාදීන්ට බොහෝ සේ ගැටලු මතු කරනට සමත් වූයේය. එහෙයින් දේශපාලනිකව ෆොන්සේකා විනාශ කිරීමට ඔවුනට අත්‍යාවශ්‍ය විය. අරගලකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම පසුබිම් කොට රාජ්‍ය විරෝධී චෝදනා එල්ල කර ඔහු දේශපාලන පිටියෙන් ඉවත් කිරීමට රාජපක්ෂවරුන්ගේ ජෛව පිටපතක් බඳු වික්‍රමසිංහ ආණ්ඩුවට වුවමනා වී ඇති බව පැහැදිලි වෙයි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඉන්දීය ආයෝජකයන් පිරිසක් සජිත්ව මුණගැහෙන්න එයි! ආයෝජන කරන විදිහ ගැන කතා කරයි! (PHOTOS)

Next Post

තෙල් ගහන්න විදිහක් නෑ! ගුවන් සමාගම් 7ක් එක සතියට ලංකාවට ආ ගුවන් වාර 56ක් කැන්සල් කරලා! ඉතින් කොහෙද රටට ඩොලර් එන්නේ! (VIDEO)

MORE NEWS

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

Load More
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

“අපනයනකරුවෝ ඩොලර් ලංකාවට ගේන්නේ නැතුව සිංගප්පූරුවේ පාක් කළොත් අපි තවත් අමාරුවේ වැටෙනවා” - මහ බැංකුවේ අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව...

Read more
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.