ඉන්දීය ව්‍යාපාරිකයන් පිරිසක් අද දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග ආයෝජන සම්බන්ධයෙන් සාකච්ජාවක නිරත විය.
මේ පිළිබදව විපක්ෂනායකවරයා තබා තිබූ සටහන මෙසේය.
‘ඉන්දීය ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් පිරිසක් අද (17) විපක්ෂ නායක කාර්යාලයේදී හමුවිය. වසර සිය ගණනකට වැඩි ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සබඳතා පිළිබඳව ඇත්තේ ඓතිහාසික වටිනාකම් රැසකි. තව දුරටත් මෙරට තුළ ආයෝජනය කිරීමටත් ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරීමටත් ඉන්දීය ව්‍යාපාරික පිරිස දිරිමත් කරන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටි අතර ව්‍යාපාර වල තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීමටත් ව්‍යාප්ත කිරීමටත් අවශ්‍ය වටපිටාව සකස් කළ යුතු බවටද අවධාරණය කරනු ලැබීය.’