‘ඔය කතා ගිහිල්ලා කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියාපල්ලා’ යැයි අපූරු කියමනක් අපගේ ජනශ්‍රැතියේ ඇත. මෙම කියමන කාලයක් පුරාම අප ජන සමාජයේ මුල් බැසගත් එකකි. මෙම වදනින් අර්ථවත් වන්නේ යමෙකු පවසන ප්‍රකාශයක් මගින් තවත් යමෙකු නොරැවටෙන බවත්, එලෙස රැවටෙනවා නම් එම රැවටීමට ලක්කළ හැක්කේ ‘කොණ්ඩේ බැඳපු චීනෙකු’ පමණක් බවත්ය. මෙලෙස අපූරු කියමනක් ගෙතීමට තවත් ප්‍රධාන හේතුවක් වූයේ, ආදි කාලයක සිට ලංකාවට වෙළෙඳාම් කටයුතු සඳහා චීන ජාතිකයන් රාශියක් පැමිණි හෙයිනි. මෙම චීන පිරිස් බොහෝදෙනකු එකල තම හිසකෙස් දිගට වවා සිට ඇති අතර, එය ගෙඩියක ආකාරයට බැඳගෙන සිටි බවටත් අතීත සාධක මගින් හෙළිවෙයි. එසේම මෙම පිරිස් එකල පහසුවෙන් රැවටීමට ලක්කළ හැකි බැව්ද ප්‍රකාශ විය.
එහෙත් අද වත්මන් ලෝකයේදී චීන්නුන්ට රැවටෙන්නේ අපිය. අප පමණක් නොව අද මුළුමහත් ලෝකයම චීන්නුන්ට රැවටී ඇත. තවද අද චීනයේදීවත් කොණ්ඩේ බැඳපු චීනෙකු සොයා ගන්නට නැතිය. බහුතරයක්ම ඇත්තේ තම කොණ්ඩය හොඳට කෙටියට කපාගත් චීන්නුය. කෙටි ව්‍යවහාර වදනින් හඳුන්වන ‘චීනා’ නොහොත් ‘චීන ජාතිකයා’ යනු අද ලෝකයටම ඇතුවත් බැරි, නැතුවත් බැරි ජාතියකි. අද චීනය නම් මහා විශාල රාජ්‍යය මුළු ලෝකය පුරාම තම බලය, ශක්තිය පෙන්වමින් සිටියි. ලෝකයේ මහ බලවතා වන ඇමෙරිකාවද සිටින්නේ චීනය ගැන යම් බියකිනි. මෙලෙස කාලය ගතවී යද්දී චීනය විසින් මුළු ලෝකයටම තෑගි කළ ‘මහා ත්‍යාගය’ නම් අප කවුරුත් හොඳින් හඳුනන ‘කොරෝනා’ මාරයායි. දැනට කෝටි භාගයකට අධික මිනිසුන් පිරිසක් ඝාතනයට ලක්කළ මෙම කොරෝනා මාරයාද චීනය විසින් නිර්මාණය කරන ලද මාරක වෛරසයක් යැයි, තවද මති, මතාන්තර ප්‍රචලිත වෙමින් ඇත. රෝගයක් ස්වභාවිකව ඇති වන්නටද හැකිය. එහෙත් එවැන්නක් නිර්මාණය කිරීමේ හැකියාවක්ද නවීන විiාවට තිබෙයි. කෙසේ හෝ දැන් වසර දෙකකට අධික වූ කාලයක් පුරා මුළු ලෝකයම කොරෝනා මාරයා විසින් ඩැහැගෙන ඇත. තවද එයින් ගැලවීමක් නැත.
මෙවැනි වටපිටාවක් ගැන කතා වෙමින් තිබියදී, මෙයට දින කිහිපයකට පෙරදී නැවැතත් චීනයෙන් අසන්නට ලැබුණේ තිගැස්සෙන පුවතකි. එනම් තවත් මාරක වෛරසයක් චීනයෙන් සොයා ගැනීමේ පුවත එය විය. මෙය ‘කොවිඩ්-19’ වසංගත රෝගයට අමතරව වෙනත් නවතම වෛරස රෝගයක් බවට එළිදැක්වීම ඉතා භයානක තත්ත්වයක් බවට පත්වී ඇත. එහෙත් කෙසේ වුවත් එය කොවිඩ් රෝගයට අනුබද්ධිත සබඳකම්ද පෙන්වන බැව් ප්‍රකාශ වෙයි. ‘කොවිඩ්-19’ රෝගය යම් ආකාරයකට සමනය වීමකට පත්වී තිබෙන විටදී චීනය විසින් ලෝකයට ලබාදෙන මෙම අලුත්ම මාරක තෑග්ග කුමක්ද?
මෙම නවතම මාරක වෛරසයට, චීන වෛරසවේදී විශේෂඥයන් විසින් නම තබා ඇත්තෙ, ‘නියෝකොව්’ (Neo Cov) ලෙසිනි. නියෝ ( Neo) යන්නෙහි අර්ථය වන්නේ ‘නව’ හෝ ‘අලුත්’ යන්නය. චීන පර්යේෂකයන් විසින් මෙතෙක් සිදුකරන ලද පර්යේෂණවලට අනුව ප්‍රකාශ කර ඇත්තේ මෙම නව වෛරසය ‘කොවිඩ්-19’ රෝගය ඇරැඹීමෙන් පසුව බිහිවී ඇති භයානකම වෛරසය බවයි. එනම් මෙය තවත් ‘කොවිඩ්-19’ ප්‍රභේදයක් නොවන අතර, මෙය මුළුමනින්ම නව වෛරසයක් වන බැව් චීන පර්යේෂකයන් ප්‍රකාශ කර සිටියි. ඒ හෙයින් මේ මගින් ලෝකයට අලුතින් නව මාරක වසංගතයක් බිහි කිරීමේ හැකියාව පහසුවෙන්ම ඇති බැව් ප්‍රකාශ වෙයි. යම් හෙයකින් හෙට අනිද්දාම එවැන්නක් ඇති වුවහොත් එය දැනට පවතින ‘කොවිඩ්-19’ වසංගතයටද වඩා ප්‍රබල, මාරක තත්ත්වයකට පත්වනු ඇතැයි චීන වෛරසවේදීන් ප්‍රකාශ කර ඇත. එනම් මෙහි මාරාන්තික තත්ත්වය කෙතරම් බියකරුද යත්, මෙම වෛරසයෙන් රෝගීවනු ලබන පුද්ගලයන් 03 දෙනෙකුගෙන් එක් අයකු අනිවාර්යයෙන්ම මරණයට පත්වෙයි. එහෙත් ‘කොවිඩ්-19’ වසංගත තත්ත්වයේදී රෝගීන්ගෙන් මරණයට පත්වන ප්‍රමාණය 3.4%ක ප්‍රතිශතයකි. ලොවට කොරෝනා රෝගය ඇරැඹි සමයේ මෙම ප්‍රතිශතය මෙයට වඩා ටිකක් ඉහළ අගයක් ගත්තද, දැනට වර්තමානයේ එම අගය අවම වී ඇත. මේ අනුව බලන කල ‘නියෝකොව්’ නැමැති නව වෛරසය මගින් මාරාන්තික රෝග වසංගතයක් ඇති වුවහොත් එය යම් විටක ලෝකයේ අවසානයක්ද වන්නට ඉඩ ඇතිය. මේ මගින් රෝගීවන පුද්ගලයන්ගෙන් අති බහුතරයක් මරණයට පත්වනු ඇතිය. එසේම මෙම වෛරසය පැතිර යෑමේ වේගයද පෙර වෛරසයට වඩා වේගවත් වනු ඇතිය.
මෙම නව මාරක වෛරසය වන ‘නියෝකොව්’ චීන වෛරසවේදීන් විසින් සොයාගෙන ඇත්තේ කෙසේද? කොවිඩ් වසංගතයේ නිර්මාතෘ රට වන්නේ චිනය වන හෙයින්, ඔවුන් බොහෝ විට මෙම මාරක වසංගතය පිළිබඳව පර්යේෂණවල නිරත වී සිටිති. එවැනි වටපිටාවකදී හදිසියෙන්ම මෙවැනි මාරක වෛරසයක් සොයා ගැනීමට හැකිවී ඇත. චීනයේ තිබෙන විශාලතම සහ නවීනතම වෛරස් පර්යේෂණාගාරය වන වූහාන් නගරයේ පිහිටා ඇති ‘වූහාන් ඉස්ටිටියුට් ඔෆ් වයිරෝලොජී’ (Wuhan Institute of Virology) නැමැති ආයතනයේ වෛරසවේදීන් මෙම වෛරසය සොයාගෙන ඇත. ‘කොවිඩ්-19’ මාරක වෛරසය මෙම පර්යේෂණාගාරය තුළදී නිර්මාණය කෙරුණු එකක් යැයිද, ලෝකයේ රටවල පාර්ශ්ව කිහිපයක් විසින් පසුගිය කාලයේ චෝදනා නැඟීය. කෙසේ හෝ මෙම නව වෛරසය මුලින්ම සොයාගෙන ඇත්තේ වවුලන්ගේ ශරීර තුළිනි. එනම් චීනයේ වෙසෙන වවුලන් විශේෂයක් තුළ තිබී මෙම මාරක වෛරසය සොයාගෙන ඇත. චීනය තුළ විවිධ වවුලන් විශේෂ 150ක් පමණ වෙසෙති. ‘වවුල් මාංශ’ නොහොත් ‘වවුල් මස්’ යනු චීන ජාතිකයන්ගේ ඉතාමත් රසවත් ආහාරයකි. ඔවුන් නොයෙකුත් වවුලන් විශේෂ රැසක්ම එදිනෙදා ආහාරයට ගනිති. කොරෝනා වෛරසයේ මූලික ප්‍රභේදයන් පවා සොයා ගත්තේ වවුලන්ගේ ශරීර තුළිනි. එනම් චීනයේ වෙසෙන වවුලන්ගේත්, අප්‍රිකාවේ වෙසෙන වවුලන්ගේත් ශරීරවල තිබී කොරෝනා වෛරසය සොයා ගත්තේය. දැනට චීනයේ වනාන්තරවල ඇති විශාල ගල්ගුහා සහ ගස්වල මෙම වවුල් විශේෂ සිය ගණනක් වෙසෙති. පසුගියදා චීන වෛරසවේදීන් විසින් සිදුකරන ලද වවුලන් ආශ්‍රිත නවතම පර්යේෂණවලදී මෙම නව මාරක වෛරසයද සොයාගත්තේය. දැනට සිදුකර ඇති පර්යේෂණ දත්තවලට අනුව වවුලන් මගින් මෙම ‘නියෝකොව්’ (Neo Cov) මාරක වෛරසය තවත් සත්ව වර්ග කිහිපයකට පැතිර ගොස් ඇත. එනම් වවුලන් තුළ ඇති වෛරසය ඉතාමත්ම ප්‍රබල ලෙස ජාන විකෘති සිදුකරනු ලබන අතර, ඒ හේතුවෙන් වෛරසය අනෙක් සත්ව විශේෂවලට සංක්‍රමණය වීම සිදුවී ඇත.
දැන් එසේ නම් මෙම මාරක වෛරසය මිනිස් ශරීර තුළට ඇතුළු වන්නේ කෙසේද?
පසුගියදා චීන පර්යේෂකයන් විසින් එම නවතම සොයා ගැනීම සිදුකළේය. එනම් මෙම ‘නියෝකොව්’ වෛරසය මිනිස් ශරීරයට ඇතුළු වීමට ජාන විකෘති කිහිපයක් අත්‍යවශ්‍ය බවත්, එක් ජාන විකෘතියක් (Mutations) පමණක් හොඳටම ප්‍රමාණවත් බවත්, අනාවරණය කරගෙන ඇත. ඔවුන් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය ඉතාමත් භයානක බවත්, ඉතාමත්ම නුදුරු දිනයකදී මෙම මාරක වෛරසය මිනිස් ශරීරයට ඇතුළු වන්නට හැකියාව ඇති බැව්ය. එනම් එක් ජාන විකෘතියක් හරහා පමණක් වවුලන්ගේ ශරීරවල ඇති ACE 2 සහ ACE 2 නැමැති එන්සයිමයක් එක්වීම මගින් වෛරසය මිනිසාට ආසාදනය වීම සිදුවනු ඇතැයි චීන වෛරසවේදීහු කියා සිටිති. කෙසේ හෝ මේ වන විට මෙතෙක් මෙම මාරක වෛරසය ආසාදනය වූ පුද්ගලයකු ගැන වාර්තා වී නොමැත. එහෙත් කොයි මොහොතක හෝ එය සිදුවන්නට ඉඩ ඇතැයි වෛරසවේදීන් අනතුරු හඟවා ඇත.
මෙම භයානක මාරක වෛරසය මිනිස් ශරීරයට ඇතුළු වීමට එක් ජාන විකෘතියක් පමණක් ඇතැයි පැවැසුවද, පර්යේෂණ සිදුකරන සමහරර වෛරසවේදීන් අවධාරණය කර ඇත්තේ කිසිදු ජාන විකෘතියක් නැතිව වුවද එම වෛරසය මිනිස් ශරීරයට ඇතුලු විය හැකි බැව්ය. දැනට ලොව පුරා පැතිර තිබෙන කොරෝනා රෝගයට අනුබද්ධ ‘සාර්ස් කොව්-1’ වෛරසය මිනිස් ශරීරයට ඇතුළු වීමට ජාන විකෘතීන් කිහිපයක්ම බලපෑවේය. කෙසේ හෝ මෙම නව වෛරසය මෙයට වසර 10කට පමණ පෙරදී දකුණු අප්‍රිකාවේ වනාන්තරවල සිටි වවුල් විශේෂයක් තුළින් සොයාගෙන තිබිණි. එහෙත් ඉන් කාලයක් යන තුරුම එම වෛරසය ගැන නිසි සඳහනක් නොතිබිණි. කොරෝනා වසංගතය ලොව පුරා පැතිරී ඇති පසුබිමක දැන් නැවැත නව වෛරසයේ ආගමනය සිදුවී ඇත. වූහාන් වෛරසය විiා පර්යේෂණ ආයතනය (Wuhan Institute of University), වූහාන් විිශ්වවිiාලය (University of Wuhan) සහ චීනයේ විiා ඇකඩමිය (Chnese Academy of Sciences) යන පර්යේෂණ ආයතන 03 එක්ව යටකී පර්යේෂණය සිදුකර ඇත.
ඉහත පර්යේෂණ ආයතනවලට අනුබද්ධිතව ඇති ‘BioRxiv’ නැමැති වෙබ්අඩවිය හරහා ප්‍රථම වතාවට මෙම පර්යේෂණ ප්‍රතිඵල පසුගියදා එළිදක්වන ලදී. මෙම ප්‍රතිඵල සමහර පාර්ශ්ව විසින් අවබෝධ කරගෙන ඇත්තේ, මෙය තවත් නව කොවිඩ් ප්‍රභේදයක් ලෙසය. එහෙත් එය කොවිඩ් ප්‍රභේදයක් නොව සම්පූර්ණයෙන්ම නව වෛරසයකි. එනම් අලුත් වෛරස වසංගතයක් ඇති කළ හැකි වෛරසයකි.
කෙසේ හෝ පර්යේෂණ කණ්ඩායම් විසින් මෙම වෛරසය මිනිස් ශරීරය තුළට ග්‍රහණය වීම පිළිබඳව තවත් දීර්ඝ ලෙස පර්යේෂණ සිදුකර ඇති අතර, එහිදී වෛරසයේ අණුක යාන්ත්‍රණය (Molecular Mechanism) ගැඹුරු ලෙසින් අධ්‍යයනය කර ඇත. එහිදී එක් අතකින් පෙනී ගොස් ඇත්තේ දැනට මිනිසාට සතුටු විය හැකි පුවතකි. එනම් දැනට එම අණුක යාන්ත්‍රණයට අනුව වවුලාගේ ශරීරය තුළ ඇති එම වෛරසය මගින් මිනිස් ශරීරය ග්‍රහණය කර ගැනීමේ ප්‍රවණතාවය ඉතාමත්ම අල්පය. එහෙත් කොයියම් මොහොතක හෝ එම ප්‍රවණතාවය ප්‍රබලවීමට ඉඩ ඇති බැව්ද ඔවුන් ප්‍රකාශ කර ඇත. මෙම නිගමනයන්ට එළැඹීම සඳහා පසුගිය සමීප කාලය පුරා මෙම වෛරසවේදීන් විසින් විiාගාරයන් තුළදී වවුලන්ගේ සෛල සහ මිනිස් සෛල ගෙන බන්ධනයක් සිදුවන්නේ දැයි ප්‍රායෝගිකව පර්යේෂණ සිදුකර තිබිණි. මේ අතර චීනයේ වනාන්තරවල පිහිටි ගල්ගුහාවල වෙසෙන වවුලන්ගේ ශරීරවල ඇති සජීවී වෛරස සාම්පල ලබා ගැනීමටද කටයුතු කර ඇත. එසේම දැනට කාලයක සිට වූහාන් වෛරස පර්යේෂණාගාරය තුළද වවුලන් විශේෂ රැසක් සජීවීව තබා සිටින අතර, ඒ හරහාද මෙම පර්යේෂණයන් සිදුකෙරෙයි.
මෙම නවතම ‘නියෝකොව්’ වෛරසය මිනිස් ශරීරයට ඇතුළු වුවහොත් ඉතා දරුණු ලෙස ප්‍රතිශක්තීකරණ පද්ධතියට බලපානු ලබන බැව් පැවසෙයි. එසේම චීන පර්යේෂකයන් විසින් සිදුකරන ලද පර්යේෂණයේ එක් අංශයක් ලෙස වාර්තා වන්නේ, මෙම වෛරසයට එරෙහිව වත්මන් කොවිඩ් එන්නත් බලපාන ආකාරයයි. එහිදී ඉතාම පැහැදිලිව පෙනීගොස් ඇත්තේ, දැනට භාවිත කරනු ලබන කොවිඩ් එන්නත් මගින් මිනිස් ශරීරයේ නිපදවනු ලබන ප්‍රතිශක්තිය සහ ප්‍රතිදේහවල බලය අභිභවා යන ශක්තියක් ‘නියෝකොව්’ වෛරසයට ඇති බැව්ය. එහිදී නිගමනය වන්නේ, එසේ නම් මෙම එන්නත්කරණය, මෙම නවතම රෝගය උදෙසා සිදුකළ නොහැකි බවයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ මෙම නව වෛරසය ගැන තවත් පුළුල් වශයෙන් පර්යේෂණයක් සිදුකළ යුතු බැව්ය. එසේම දැනට ‘කොවිඩ්-19’ රෝගය වැලඳුණු පුද්ගලයකුගේ ශරීරයෙහි ස්වාභාවිකව ඇතිවනු ලබන මාස 06-07ක පමණ කාලයකට වන ප්‍රතිශක්තියට පවා මෙම නව ‘නියෝකොව්’ වෛරසය අභියෝගයක් වන බැව් පැවසෙයි. දැනට වෛරස පර්යේෂකයන් සොයාගෙන ඇති අයුරින්, මිනිස් ශරීරයට ඇතුළු වී රෝගී තත්ත්වයන්ට පත්කළ හැකි කොරෝනා වෛරස වර්ග 07ක් ඇත. මෙම නව වෛරසය සොයාගෙන ඇත්තේ ඊට අමතරවය. කෙසේ හෝ මෙම කොරෝනා වෛරස බහුතරයක් සොයාගෙන ඇත්තේ වවුලාගේ ශරීරය තුළිනි. වවුලා යනු වෛරස වර්ග රාශියක් තම ශරීරයෙහි තිබෙන සත්වයකු ලෙස සැලකෙයි. Covid, SARS, MERS සහ තවත් වසංගත රෝග කිහිපයක්ම වවුලාගේ මෙම වෛරසයන්ගෙන් ජනනය වූ රෝගයන්ය.
මෙතෙක් ලෝක ඉතිහාසයෙහි සඳහන්ව ඇති මාරක වසංගත රෝග රැසක්ම, ප්‍රථමයෙන්ම බිහිවී ඇත්තේ චීනය තුළිනි. එනම් මාරක රෝගවලට තිඹිරිගෙය වී ඇත්තේ චීනය වෙයි. මේ නිසා විවිධ ලෝක පාර්ශ්ව මගින් චීනය වෙත එල්ල වන චෝදනා සහ දෝෂාරෝපණයන්ද බොහෝය. මාරක වත්මන් ‘කොවිඩ්-19’ වසංගතය පවා ඇතිවී මාස 02ක් යනතුරුම, ලොවට හෙළිකිරීම, වසන්කිරීමට චීන රාජ්‍ය පාලනය කටයුතු කළේය. චීනය ලොවට දායාද කළ මාරාන්තික වසංගත රෝග 07 මෙසේ ඉතිහාසයෙහි සඳහන්ව ඇත.
- Pre-Historic Plague – (ප්‍රාග් ඓතිහාසික වසංගතය) – වසර 5000කට ඉහතදී චීනය තුළින් ඇති වූ මිනිසුන් ලක්‍ෂ ගණනක් බිලිගත් රෝගයකි.
- The Wsiam Flu – (ආසියානු උණසන්නිපාත වසංගතය) – 1957 දී ඇතිවුණු වසංගතයකි.
- The Flu Mandemi – 1968 වසරේදී චීනයෙන් බිහිවුණු මාරාන්තික වෛරස රෝගයකි.
- SARS – (සාර්ස් 2002 මාරක වසංගතය)
- HSNI – 2008 බිහිවුණු කුරුළු උණ වසංගතය
- Covid-1 (2019) – වත්මන් මාරක වසංගතය.
- H7N9 – (2013) වසංගතයද මෙයට අයත්ය.
ප්‍රියන්ත හෙට්ටිගේ










