• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉගෙන ගත්ත ඉස්කෝලෙට අරුම පුදුම තෑගි දුන්නා I Sri Lanka Latest News

June 22, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ අනාගතේ මහ පාරෙත් ගහගෙන, නිල් වතුර නාලා, සමහරු ඉස්පිරිතාලේ…

අදරණීය පුතේ දුවේ. මේ කතන්දරය ලියන්නේ වැඩිහිටියෙක් විදියට, මාධ්‍යවේදියෙක් විදියට සහ මේ සමාජයේ යම් යම් භූමිකා නිරූපණය කරන්නෙක් විදියට. මේක ‘මව්රට’ ජාතික පුවත්පතේ අපි සියලු දෙනාගේම මතය නොවුණත්, සමහර වෙලාවට මේක තමයි සියල්ලන්ගේම පොදු මතය බවට පත්වෙන්නේ.(Sri Lanka Latest News)

දැන් මේක අපි කතාකරන්නේ 2023 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය ලියලා ගෙදර ආපු දරුවන්ට. විශේෂයෙන්ම ඒ දරුවො අතරින් දරුවන් කිහිප දෙනෙක්ම මේ වෙද්දී ජීවතුන් අතර නැති වීම මේ ලිපිය ලියන මට සහ මේ ලිපිය කියවන ඔබට ඉතා වේදනාකාරී හැඟීමක් දනවන සිදුවීමක්.

එක දරුවෙක් ජීවිතක්ෂයට පත්වෙන්නේ රාත්‍රී කාලයේ නින්දේදිමයි. එය ඔහුගේ හදවතේ යම් කිසි ප්‍රශ්නයක් නිසා ඇතිවෙච්ච මරණයක් බව තමයි දැනගන්න තියෙන්නේ. මේ මරණයට හේතුව සිංහලෙන් කියනවට වඩා ඒක ඉංග්‍රීසියෙන් හඳුන්වා දීලා තියෙන්නේHeart Failure ලෙස. මේ මරණයට හේතුව ගැන විවිධ අය විවිධ කතන්දර කියනවා. හැබැයි ඒක අධ්‍යාපනය නිසා ඇතිවෙච්ච පීඩනයක් නොවන බව තමයි අපේ නම් විශ්වාසය.

ඔහුගේ මරණයෙන් අනතුරුව තවත් ශිෂ්‍යයෙක් අනතුරකට පත්වෙලා මියගිය බව දැනගන්න ලැබුණා. ඒ වගේම සිසුන් පිරිසක් මුහුදේ නාන්න ගිය අවස්ථාවේ සිසුන් හය දෙනෙක් රළ පහරට හසුවෙලා ගහගෙන ගිහින් ඉන් එක් අයෙක් මරණයට පත්වෙනවා. ඒ නිසා පුතේ දුවේ අපි ඔබට කියන්නේ ඕලෙවල් ලියලා ගෙදර ඉන්න ලැබුණු මේ මාස තුන කාලය අතිශය තීරණාත්මකයි. මේ මාස තුන ඇතුළෙදී තීරණය වෙනවා ඔබේ ජීවිතය මොන විදියටද තීරණය වෙන්නේ, ඔයා කොච්චර දක්ෂද, කොච්චර අදක්ෂද කියන මේ සියල්ල තීරණය වෙනවා.

මේ කියන්න යන්නේ සාමාන්‍ය පෙළ විභාගය ලියලා ඉවර වෙලා ගෙදර යන ගමන් ඔයා කරපු දේවල් හරිද, වැරැදිද කියන එක. අපි දැක්කා එක්තරා පාසලක ශිෂ්‍යයන් විසින් එහි විදුලිපංකාවල තටු නවලා, පුටු උඩ එල්ලලා ගිහින් තියෙනවා. ළමයි දඟයි. ඒක ඇත්ත. කොහෙත් ළමයි දඟයි. අපිත් අපේ ළමා කාලයේ දඟ වැඩ නොකළා නෙවෙයි. මේ කියවන ඔබත් එහෙමයි. වැඩිහිටියන් බවට පත්වෙච්ච අපි සියලු දෙනාම ළමා කාලයේ නොකළ යුතු දඟ වැඩ කරපු අය. හැබැයි මේ විදියේ වැඩක් කරනවා කියන එක සම්බන්ධව එක පාරක් දෙපාරක් තුන් පාරක් නෙවෙයි දහදොළොස් වතාවක් හිතන්න වෙනවා.

මොකද, ඔබ කොච්චර ගුණමකු මනුස්සයෙක්ද කියන එක. පන්ති කාමරයේ මේ ෆෑන් යට ඔබ කොච්චර සැනසිල්ලේ හිටියද කියන එක ඔබම කල්පනා කරලා බලන්න. මේ ෆෑන් එක මේ විදියට සවිකරලා තියෙන්නේ ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබන වෙලාවෙ දැනෙන දාහය නිවාගන්න. ඇත්තටම අපි ඉගෙනගන්න කාලේ අපේ පාසල්වල මේ විදියට ෆෑන් සවිකරලා තිබුණෙ නෑ. ඒත් මේවා සවිකරන්න ඇත්තේ ඔබේ මවුපියන්ගේ සල්ලිවලින්. මේවායින් සිසිල වින්දේ දරුවෝ. ඔබේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ලබන අවුරුද්දේ මේ පන්ති කාමරයට ඇවිල්ලා, මේ ෆෑන් යට ඉඳගන්න හිටියෙත් ඔයා දන්න කියන, ඔයා එක්ක එකම ඉස්කෝලෙ ඉගෙනගත්ත, එක බස් එකේ යන එන, එක කැන්ටින් එකෙන් කන කොල්ලො කෙල්ලො ටිකක්. ඔයා මේ කැඩුවේ උන්ගෙ ෆෑන් එක.

Sri Lanka Latest News

මේ කැඩුවේ විදුහල්පතිතුමාගේ ගෙදර ෆෑන් එක නෙවෙයි. මේ කැඩුවේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගෙ ගෙදර ෆෑන් එක නෙවෙයි. අඩුම තරමේ ගුරු විවේකාගාරයේ ෆෑන් එකවත් නෙවෙයි. මේ කැඩුවේ විදුහල්පතිතුමාගේ කාමරේ ෆෑන් එක නෙවෙයි. මේ කැඩුවේ ඔයාට අවුරුද්දක් බාල ළමයි හෙට එන්න ඉන්න පන්ති කාමරයට අයිති වෙලා තිබුණු ෆෑන් එක. මේ ෆෑන් එක නැති නිසා දාඩිය දාන්නේ උඹ වගේම කොල්ලන්ට කෙල්ලන්ට. මේ ෆෑන් එක නැති නිසා පීඩනය දැනෙන්නේ උඹ වගේම සහෝදර සහෝදරියන්ට. එවන් තත්ත්වයක් යටතේ ඔබ මෙසේ ක්‍රියා කරනවා නම්, ඔබට මම යෝජනා කරනවා ඔබේ ගෙදර තියෙන කණ්ණාඩියකින් ඔබ, ඔබේම මුහුණ දෙස බලන්න. ඔබට එහෙම වුණේ කොහොමද කියන එක ඔබ කණ්ණාඩියෙන් අහන්න.

පුටුව උඩ එල්ලපු එක නෙවෙයි ප්‍රශ්නෙ. මේ ෆෑන් ටික කඩලා දැම්මට පස්සේ ආයෙත් මෙතැන මේ විදියට ෆෑන් ටිකක් එල්ලන්න බොහෝ විට වියදම් වෙන්නේ රජයේ සල්ලි නෙවෙයි. විදුහල්පතිතුමාගේ සල්ලිත් නෙවෙයි. ගුරු මණ්ඩලයේ කාගෙවත් සල්ලි නෙවෙයි. ඔබේම සහෝදර සහෝදරියන්ගෙ මවුපියන්ගේ සල්ලි. සමහර විට ඒ මවුපියෝ ඔබේ මවුපියෝ වෙන්නත් පුළුවන්. එහෙම තත්ත්වයක් යටතේ කොහොමද මෙහෙම කළේ කියලා මම ඔබෙන් අහන්නේ ඉතාම කනගාටුවෙන්.

අපි දැක්කා තැන් තැන්වල දඟලලා එක එක්කෙනා එක්ක ගහගෙන, සමහරුන්ට දැඩි ලෙස පහරදෙන වීඩියෝ කිහිපයක් මහනුවර පැත්තේ පාසල් කිහිපයකම. රේල් පාරකදී ශිෂ්‍යයෙක්ට පහරදෙන වීඩියෝවකුත් සමාජගත වුණා. විභාග ශාලාවක් ඇතුළෙත් විශාල වශයෙන් කලකෝලාහල කරගන්නා වීඩියෝ අපි දැක්කා. මේ විදියටද ඔබ ඔබේ ජීවිතයේ සුන්දරව ගත කළ යුතු මාස තුන පටන් අරගත්තේ? මේ මාස තුන තරම් හති අරින්න කාලයක්, මේ මාස තුන තරම් නිදහසේ ඉන්න කාලයක් ඔබට යළි කිසි දිනෙක ලැබෙන්නේ නෑ.

ඒ නිසා ඔබ දැනගත යුතුයි ඔබේ ජීවිතය වෙනස් කරගන්න. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණු දවසේ සිට ඔබට උසස් පෙළ ශිෂ්‍යයෙක් විදියට ඔබේ ජීවන ගමන පටන් ගන්න සිදුවෙනවා. ආයෙත් ඔබේ පොත් මේසයට අලුත් පොත් එනවා. ආයෙත් ඔබට පාන්දර නැගිටින්න වෙනවා. ආයෙත් ඔබට රෑ වෙනකල් ඇහැරිලා ඉන්න වෙනවා. ආයෙත් ඔබට ඉස්කෝලෙ යන්න වෙනවා. පන්ති යන්න වෙනවා. ආයෙත් ඔබේ වාර අගට විභාග එනවා.

ආයෙත් ඔබේ මාස අගට ඇගයීම් එනවා. ආයෙත් ඔබේ පෙළ පොත්වල පාඩම් ඔබට මතක තියාගන්න සිදුවෙනවා. ඒ නිසා ඔබ මේ විවේකය සැනසිල්ලේ ගතකරාවි යැයි අපි විශ්වාස කරනවා. අවාසනාවකට ඔබ එහෙම නෑ. විභාගයට පහුවදා තැන් තැන්වල දඟලලා, ගහගෙන, මරාගෙන, ඇඳුම්වල නිල් පාට ගාගෙන, යුනිෆෝම් එකේ කුණුහරුප ලියාගෙන මේ නටන නාඩගම තමයි පුතේ දුවේ ඔබ කවුද කියන එක රටට කියන පණිවුඩය. ඇත්ත.

Sri Lanka Latest News

අවුරුදු 11ක් ඉස්කෝලෙ ගිහිල්ලා විඩා නිවන්න ලැබෙන පළමු තත්පරේම ඔබ ඔබේ පීඩනය පිටකරන බව අපි දන්නවා. ඔබට ඔබේ ජීවිතයේ තියෙන නිදහස භුක්ති විඳින්න අවශ්‍යයි කියලා අපි දන්නවා. ඔබට ඔබ වින්ද පීඩාව මුදාහැරලා නිදහසේ කෑගහලා දුවන්න, නටන්න, හූ කියන්න හිතෙනවා. ඒ වගේම ඔයාට අඬන්න හිතෙනවා. ඔයා ඔයාගෙ ඉස්කෝලෙ තවදුරටත් ශිෂ්‍යයෙක් නෙවෙයි.

ඔයාගෙ ඉස්කෝලෙ ගමන ඉවරයි. පුංචිම කාලේ අම්මගෙ තාත්තගෙ අතේ එල්ලිලා එක වසරෙන් ඉස්කෝලෙට ආපු ඔයා එකොළහ වසරෙන් ගෙදර යන්නේ අම්මගෙ තාත්තගෙ මූණ බලන්න බැරි විදියේ කුණුහරුප ඔයාගෙ යුනිෆෝම් එකේ ලියාගෙන නම් ඔයා කවුද කියන එක ඔයාම කල්පනා කරලා බලන්න. තවත් කෙනකුට හිරිහැරයක් කරදරයක් කරලා මතක හිටිනවට වඩා ලස්සන නැද්ද, ඉස්කෝලෙ ඇතුළේ ලස්සන වැඩක් කරලා ගෙදර යන එක. අපි දැක්කා වේයන්ගොඩ වින්ස් කියන ආයතනයේ අවසන් දවස. ඒක ලංකාවෙ ඉන්න ඉහළම උත්සව සංවිධායකයකුටත් සංවිධාන කරන්න බැරි තරමේ අතිවිශිෂ්ට උත්සවයක්.

ඒක අස්සේ තිබුණේ ප්‍රේමය. ඒක අස්සේ තිබුණේ ආදරය. ඒක අස්සේ තිබුණේ එකමුතුකම. ඒක අස්සේ තිබුණේ තමන්ගෙකම. උන් ඒක ලස්සනට සංවිධාන කරලා, ලස්සනට අවසන් කරලා, ලස්සනට ගෙදර ගියා. මම දැක්කා උන් බදාගෙන අඬනවා. මම දැක්කා උන්ට යන්න බැරුව එක තැනකට වෙලා ඉන්නවා. උන්ට අනිත් එකාව දාලා යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා, ඒක ඇත්ත. හැබැයි දාලා යන්න බැරිකමට කඩලා බිඳලා දාලා යන එක නෙවෙයි කළ යුත්තේ. මතක විතරක් අරගෙන ගෙදර යන්න පුතේ දුවේ පුරුදු වෙන්න.

අපි හැමදාම කළේ බස් එකේ නැග්ගාම බස් එකේ සීට් ඉරපු එක. කෝච්චියට නැග්ගාම කෝච්චියෙ සීට් එක ඉරපු එක. බල්බ් එක ගලවපු එක. ෆෑන් එක කඩපු එක. වීදුරු බිඳපු එක.

මොකක් හරි කටු කෑල්ලක් අරගෙන නම ගම වාසගම දකින දකින තැන්වල සූර සූර ගිය එක තමයි අපි කළේ. ඉස්කෝලෙ වැසිකිළියට ගිහිල්ලා කරන වැඩේ කරගන්නේ නැතුව, තැන් තැන්වල එක එක බහුබූත ලියන එක නෙවෙයි පුතේ දුවේ ඔබ කළ යුත්තේ. මේ පාසල අපේ මේ අනාගතය අපේ. ඇයි අපිට බැරි ඇත්ත මිනිස්සු වෙන්න? අන්න එහෙම ඇත්ත මිනිස්සු වෙච්ච දවසට තමයි අපේ රටේ අනාගත දේශපාලන ව්‍යාපෘතිය සාර්ථක වෙන්නේ. ඔබ ඔබ වෙනුවෙන් පාර්ලිමේන්තුවට යවන මනුස්සයා හොරෙක් නොවෙන්නේ. ඔබේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජිතයා ඇත්ත මිනිහෙක් වෙන්නේ.

ඒ නිසා ඔබට කියන්න තියෙන්නේ ඉස්කෝලෙ අන්තිම දවස සතුටින් ගතකරන්න තිබුණු ඔයාලා මුළු රටටම එපාවෙච්ච මිනිස්සු ටිකක් බවට පත්වුණේ ඇයි කියන එක ඔයා, ඔයාගෙන්ම අහලා බලන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කෝටි ගාණක රත්තරන් ගෙනාපු මන්ත්‍රී ගැන අලුත් රහසක් මන්ත්‍රී කිරිඳිගොඩ පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මැදවච්චියෙන් නැග්ගා තලෙයිමන්නාරම හරහා මදුරාසියට කෝච්චියෙන් ගියා I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.