බටහිර අප්‍රිකාවේ රටවල් ගණනාවකට බලපා ඇති උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් අප්‍රේල් මාසයේ ගෙවී ගිය දින කිහිපය තුළ පුද්ගල මරණ 102ක් වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අංශ සඳහන් කළේ මියගිය පුද්ගලයින්ගෙන් බොහෝ පිරිසක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන බවයි.
ADVERTISEMENT
අදාළ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ඉක්මවන අතර, තාපය හේතුවෙන් රෝහල්වලින් වාර්තා වන දෛනික මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද විදෙස් වාර්තා සඳහන් කළා.
hirunews