• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලයිට් බිල ඉහළ දානවාට උපයෝගිතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායක එක්ක හැප්පිලා රිමාන්ඩ් කරපු කවුද මේ ආනන්ද පාලිත…

February 1, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ලයිට් බිල ඉහළ දානවාට උපයෝගිතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායක එක්ක හැප්පිලා රිමාන්ඩ් කරපු කවුද මේ ආනන්ද පාලිත…
Share on WhatsAppShare on Facebook

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අත්අඩංගුවට ගෙන තිබේ.

‘වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් බැණ තර්ජනය කර සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කළ බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනකු කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ,’මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන සාමාජිකයන් දෙදෙනාය.

ඒ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබිණි. ඒ අනුව අදාළ සැකකරුවන් වත්තල සහ මැල්ලව ගෙදර යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව කීවේය.

ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන මෙම සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළේය. පසුව ඔවුන් ඇප මත නිදහස් කරනු ලැබීය. ඔවුන් අත්තඩංගුවට ගැනීමත් සමග රටේ විශාලතම ප්‍රශ්න සියල්ලම පාහේ සමනය වේ යැයි ඔවුන් ඇතැම් විටෙක සිතමින් උන්නා විය හැකිය. නමුත් තවමත් කතාව එහෙමමය. ඒ නිසාම මේ මිනිස්සු කවුද කියා ඔබට කීමේ වුවමනාවක් අපට තිබේ. මේ උත්සාහය ඒ වෙනුවෙනි. මේ වෙලාවේ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් ලෙස ඔවුන් කටයුතු කරන බව ඔබට සහ අපට නොරහසකි. නමුත් මේ වෙලාවේ ඔවුන් කෙළින්ම නියෝජනය කරන්නේම ජනතාවගේ පැත්තය. ආසන්නතම සිදුවීම වෙන්නේ විදුලි බිල සම්බන්ධ වූ අරගලයය. මේ ගැන අපි ඇප ලැබී නිදහස්ව ආ සංජීව ධම්මික මහත්තයා එක්ක කතා කළා මුලින්ම. ඔහු ඒ ගැන කිව්වේ මෙහෙම.

‘අපි දේශපාලකයො නෙමෙයි. අපි දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නෙ. අපි කතා කරන්නෙ මිනිස්සුන්ගෙ වේදනාව ගැන. අනික අපි මේවා මේ නොදැන නෙමෙයිනෙ කතා කරන්නෙ. අපි මේ කතා කරන්නෙ සම්පූර්ණයෙන්ම මේවා දැනගෙනනෙ. ඒ නිසයි අපිට අවංකව වුවමනාවක් තියෙන්නෙ. බලමු නේද? ඇත්තටම අපි වරදක් කරලා නෑ. අප්‍රේල් මාසෙ ඉදිරි නඩු කටයුතු සිද්ධ වෙයි….’

අපි ඔහුත් එක්ක ඔහුගේම සටන් සගයා ගැනත් කතා කළා. ඒ තමයි ආනන්ද පාලිත.
‘ආනන්ද පාලිත කියන්නෙ මේ වෙලාවෙ දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. සමහර කෙනෙක් එහෙම හිතනවා ඇති. ඔහුට දේශපාලනයක් තියෙනවා. මමත් දේශපාලනය කළා. ඒත් අපි කිසිම කෙනෙක් මේ වෙලාවෙ සටන් කරන්නෙ දේශපාලනික අරමුණකින් නෙවෙයි. ඔහු පෙට්‍රෝලියම් සහ විදුලි කියන මේ අර්බුද කීපයක් වෙනුවෙන්ම පෙනී ඉන්න කෙනෙක්. හැබැයි ඔහු මේ කිසිවක් වෙනුවෙන් පෙනී ඉන්නෙ පුද්ගලික වාසි බලාපොරොත්තුවකින් නෙමෙයි…’

ආනන්ද පාලිත මහතා කලක සිටම වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනීසිටි අයෙකි. ඒ බොහෝ අවස්ථාවල ඔහු උන්නේ සටන් පෙරමුණේය. කිසිම විටක සටන් පෙරමුණ හැර නොගිය, සටන පාවා නොදුන් සටන්කරුවෙක් ලෙස ඔහු ප්‍රචලිතය. බොහෝ විට ඔහු හිටගත්තේ අසාධාරණයට ලක්වූ පාර්ශ්වය සමගය. මේ වතාවෙත් එහෙමය. ඔහු සංජීව ධම්මිකලා සමග මේ සටන් කරන්නේ ඔබේත් මගේත් විදුලි බිල හිතුවක්කාර ලෙස වැඩිකිරීමට එරෙහිවය. මේ සටන ජයග්‍රහණයකින් කෙළවර වේ නම් ඒ කෙළවර ඔහු උන්නේය.

ආනන්ද පාලිත පෙට්‍රෝලියම් එකේ කලක් සේවය කළේය. 1977 ජනවාරි මාසෙ පෙට්‍රෝලියම් එකට එකතු වන ආනන්ද පාලිත මහතා වෘත්තීය ජීවිතය පටන් ගන්නේ එතැන් සිටය. එවක ඛණිජ තෙල් අමාත්‍යවරයාව සිටි සිරිත් මැතිව් මහත්තයාගේ ලේකම්වරයෙක් ලෙස ඔහුගේ සහෝදරයා කටයුතු කර තිබේ. ඒ අතරම ඔහු එහි වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීව කටයුතු කළේය. එහිදී ඔහු කටයුතු කළේ එකසත් ජාතික පක්ෂයේ වෘත්තීය ක්‍රියාකාරිකයෙක් ලෙසය. අවසාන වශයෙන් ඔහු පෙට්‍රෝලියම්හි අධ්‍යක්ෂ මණ්ලයේද කටයුතු කළ වෘත්තීය නිපුණතා සහිත අයෙකි. චීන වරායෙන් කොන්ත්‍රාත් සේවකයෙක් ලෙස සේයට එක්වෙන ආනන්ද පාලිත මහතා ලිපිකරුවෙක් ලෙස සිය ශ්‍රේණිය උසස් කරගත්තේ නිවැරදි විභාග පටිපාටිය අනුව යමින්ය.

ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාව සිටි සමයේ සිට වෘත්තීය සමිතිවල කෙරුම්කාරයෙක් වූ ඔහු, ජෝන් අමරතුංග මහත්තයාගේ සමයේ වෘත්තීය සමිති සඳහාම නිදහස් විය. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩු සමයේ සිටම විවිධ හැප්පිලි සමග පොදු පෙරමුණු ආණ්ඩු කාලයේත් ඔහු බය නැතුව සටන් කළේය. ජාතික සේවක සංගමයේ සභාපති සහ ලේකම් තනතුරු දැරූ ඔහු වැඩ වර්ජන ගණනාවක් මෙහෙයවා තිබේ. නඩු හබ ගණනාවකට මුහුණ දෙන්නට ඔහුට සිදුවූ අතර නළ පද්ධතියේ ගැටලුව ඇතුළු ගැටලු රාශියකදී ඔහු ඉදිරියෙන් සිටි සමයක් තිබුණේය.

මේ වන විට ඔහු සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කරමින් සිටී. එසේම ඔහු එහි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ලෙස කටයුතු කරමින් සිටී.

සංජීව ධම්මික මහත්තයා සමාජ ක්‍රියාකාරිකයෙක්ව සිටිමින් දේශපාලනයට පිවිසියේය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කලක් දේශපාලන ව්‍යාපාරවල නියැලුනු ඔහු පසුකාලීනව වාසුදේව පිල සමග එක්විය. සංජීව ධම්ම්ක මහතා පසුකාලීනව වෝටර් බෝඩ් එකට එක්ව වැඩසටහන් විශාල ප්‍රමාණයක් දියත් කළේය. ප්‍රජා ව්‍යාපෘති ක්‍රමය හරහා මහජන සහාය ලබාගනිමින් ව්‍යාපෘති දියත් කිරීමේ වැඩසටහන යටතේ වෝටර් බෝඩ් එකට ලක්ෂ ගණනක මුදලක් ඉතිරි කර දෙන්නට ඔහු සමත් විය.

ඒ ගැන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ දී පවා ඔහු පැසසීමට ලක්විය.

මේ අතර විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය පිහිටුවා ගැණෙන අතර ඒ හරහා විදුලිය සම්බන්ධ නිලධාරීන්ගේ සහ ආයතනවල අක්‍රමිකතා සහ වංචා පිළිබඳ ඔහු හෙළිදරව් කළේය. මේ දෙදෙනා එකතු වන්නේද ඒ ක්‍රියාන්විතය වෙනුවෙන්ය. ඒ, ජනතාව වෙනුවෙන් යැයි අප සිතන අතර, එසේ නොවෙන වගක් අපට ආරංචි නොවේවායි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජාතික සංවිධාන එකමුතුවේ මහසඟරුවන යළි එකමුතු වෙයි! 13 ගැන ජනාධිපති කියපු කතාවට විරෝධය පළ කරයි! ඉස්සරහට කරන්න යන දේත් කියයි! VIDEO

Next Post

ජනාධිපතිගේ පොහොට්ටු ආණ්ඩුවේ කොටසක් 13 දෙනවාට විරුද්ධ වෙයි! මහනුවරට ගිහින් අස්ගිරි මහනාහිමිවරුන්ට පැමිණිලි කරයි! VIDEO

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.