• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ-විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලට නොපෙනෙන රට වැටිල තියෙන තැන ගැන සැබෑ ආර්ථික විග්‍රහයක් I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලය ඇතුළත ලක්ෂ 40ක ජනතාවක් දිළිඳුභාවයට අලුතෙන් පත්ව ඇති බවත්, ඔවුන්ගේ ජීවිතවල සියලු අංශ කඩාවැටී ඇති බවත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙනවා. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පසුගිය 20 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙන්වා දුන්නේ නාගරික ජනතාව, වතුකරය, ග්‍රාමීය ජනතාව ‌ආදී වශයෙන් වෙනසකින් තොරව දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති බවය.(Sri Lanka Latest News)

එමෙන්ම 47%ක ජනතාවක් මේ වනවිට ආහාර දරිද්‍රතාවයෙන් පෙළෙන බවද, 33%ක් එක් ආහාර ‌වේලක් මඟහරින බවද, රටේ ජනතාවගෙන් තුනෙන් එකක්, දරුවන්ට ආහාර ලබාදීම සඳහා තමන් කුසගින්නේ සිටින බවද හෙළිව ඇතැයි පුබුදු ජයගොඩ මහතා පෙන්වා දුන්නේය. වර්තමානයේ අප රටේ බහුතර ජනතාව මුහුණපා සිටින එම කනගාටුදායක ඉරණම පිළිබඳ පිළිගත් සමීක්ෂණ මගින් ලබාගත් දත්ත මත පදනම්ව, ජයගොඩ මහතා සිදුකළ එම කරුණු දැක්වීම ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගෝලීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර මට්ටමෙන් කෙරෙන පර්යේෂණයේ කොටසක් විදියට ‘ලර්න් ඒෂියා’ ආයතනය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල, මහාචාර්ය රොහාන් සමරජීව ඇතුළු විද්වතුන් පිරිසක් එකතු වෙලා පර්යේෂණයක් කරලා තියෙනවා ලංකාවේ දරිද්‍රතාව පිළිබඳව.

මේ පර්යේෂණයේ ඇඟ කිලිපොළා යන තොරතුරු ඇතුළත් වෙනවා. ලංකාව ඉතා වේගයෙන් බිඳවැටීමකට අහුවෙලා තියෙනවා, ජීවන තත්ත්වයන් විශාල ලෙස බිඳවැටීමකට ලක්වෙලා තියෙනවා කියලා ඒ පර්යේෂණයෙන් හෙළිවෙනවා. උදාහරණයක් විදියට ඔවුන්ගේ පර්යේෂණයට අනුව 2019 වෙද්දී ලංකාවේ දිළිඳු ජනගහනය හිටියේ ලක්ෂ 30ක්. ඒ ලක්ෂ 30, 2023 වෙනකොට ලක්ෂ 70 දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ ගතවුණු වසර තුන හතකර කාලයේදී ලක්ෂ 40ක් අලුතෙන් දුප්පතුන් බවට පත්වෙලා තියෙනවා.

මේ ඇදවැටීමත් එක්ක ඔවුන්ගේ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, විශේෂයෙන් වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු සියල්ල බිඳවැටිලා තියෙනවා. මේ පර්යේෂණයට අනුව 2019 අවුරුද්දේ ග්‍රාමීය ජනතාවගෙන් දරිද්‍රතාවයේ හිටියේ 15%ක් පමණයි. ඒ ග්‍රාමීය දරිද්‍රතා අනුපාතය 2019, 15% ඉඳලා 2023 දී 31% දක්වා දෙගුණයක ඉහළ යෑමක් පෙන්නුම් කරලා තියෙනවා. නාගරික දරිද්‍රතාව තමයි විශාල ලෙස වැඩිවෙලා තියෙන්නේ.

2019 නාගරික දරිද්‍රතාව තිබුණේ 6%යි. ඒක මේ වෙනකොට 18% දක්වා තුන් ගුණයකින් ඉහළ ගිහින් තියෙනවා. විශාලම ප්‍රශ්නය අපට වාර්තා වෙනවා වතුකරයෙන්. වතුකරයේ දරිද්‍රතාව 2018 අවුරුද්දේ තිබුණේ 34%ක් විදියට. ඒක මේ වෙද්දී 51%ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ වතු කම්කරු ප්‍රජාවගෙන් අඩකට වඩා වැඩි අතිබහුතරය දරිද්‍රතා රේඛාවෙන් පහළට ඇදවැටිලා තියෙනවා. ඒ අනුව විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මතුවෙලා තියෙනවා. ප්‍රධානම ප්‍රශ්නය තමයි ආහාර පිළිබඳ ප්‍රශ්නය.

ලක්ෂ 75ක් විතර ජනතාවක් මේ වෙද්දී ආහාර පිළිබඳ අර්බුදයක ඉන්නවා කියලා ඒ වාර්තාව හෙළිකරලා තියෙනවා. ඒ අර්බුදය ඉතා බරපතළයි. ලංකාවේ ජනගහනයෙන් 47%ක් ආහාර වේලේ ප්‍රමාණය සහ ගුණය අඩුකරගෙන තියෙනවා. මේ වාර්තාවට අනුව. ඒ කියන්නේ වෙනදා මස්, මාළු, බිත්තර කෑවා නම්, දැන් ඒවා නවත්තලා තියෙනවා. වෙනදා කාපු ග්‍රෑම් ප්‍රමාණය අඩුකරගෙන තියෙනවා. බත් ග්‍රෑම් ප්‍රමාණය අඩු කරගෙන තියෙනවා.

කෑම පිඟාන අඩුකරගෙන තියෙනවා 47%ක්. 33%ක් ආහාර වේල් ප්‍රමාණය මඟහරින්න පටන් අරගෙන තියෙනවා. සමහරු දවල් කෑම වේල මඟහරිනවා, සමහරු උදේ කෑම වේල මඟහරිනවා, සමහරු රෑ කෑම වේල මඟහරිනවා. ඒ විතරක් නෙවෙයි මේ වාර්තාව කියන විදියට ලංකාවේ වැඩිහිටියන්ගෙන් 27%ක් තමන්ගේ දරුවන්ට කෑම දීම සඳහා තමන්, තමන්ගේ කෑම ප්‍රමාණය අඩුකරගෙන තියෙනවා.

ඒ කියන්නේ දළ වශයෙන් සෑම පවුල් 3කින් 1ක් දරුවන්ට කන්න දෙන්න ඕනෙ නිසා දෙමවුපියෝ කන්නේ නැති තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේක බරපතළ ඛේදවාචකයක්. මේ තත්ත්වයට රට ඇදවැටීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ මේ ආර්ථික දේශපාලන අර්බුදය ඇතිකරපු පාලකයෝ. තිබුණු ආණ්ඩු වගේම රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව උද්ධමනය අඩුවෙලා කියලා පෙන්නන්න හදනවා, රුපියලේ අගය ඉහළ ගියා කියලා පෙන්නන්න හදනවා. මේ සංදර්ශන කරන්නේ යට විශාල ගිනි කන්දක් වර්ධනය වෙමින් තියෙන පසුබිමක.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව වයස අවුරුදු 05 අඩු දරුවන්ගෙන් 43%ක්, ඒ කියන්නේ දළ වශයෙන් භාගයක් විවිධ පෝෂණ ඌනතාවලින් පෙළෙනවා. මහබැංකු වාර්තාව කියන විදියට අවුරුදු 05 අඩු දරුවන්ගෙන් 15.3%ක්ම වයසට නියමිත බරට වඩා අඩුයි. 9.7%ක්ම වයසට නියමිත ප්‍රමාණයට වඩා උස අඩුයි. පෝෂණය පිළිබඳ ප්‍රශ්න නිසා. මේ තත්ත්වය වතුකරයේ උග්‍රයි. වතුකරයේ අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 28.7%ක්ම අඩු බර දරුවෝ. සෑම දරුවෝ තුන්දෙනෙක්ගෙන් එක්කෙනෙක් අඩු බර සහිතයි. මේ කෑම පිළිබඳ ප්‍රශ්නය ඉතා බරපතළ එකක් බවට පත්වෙලා තියෙනවා.

එල්.එන්.ආර්.ඒ. වාර්තාවට අනුව රටේ පවුල්වලින් 32%ක් දෛනික ආහාර වේල ගැනීම සඳහා තමන්ගේ දේපළ විකුණා හෝ උකස් කර තිබෙනවා කියලා. ඒ කියන්නේ කනකර උකස් කරන්න, ඉඩම් විකුණන්න වෙලා තියෙනවා මිනිස්සුන්ට කෑම ටික කන්න. රටේ පවුල්වලින් 50%කට තමන්ගේ ඉතුරුම් සියල්ල වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා කෑම වෙනුවෙන්. 2023 ජුනි මාසේ 07 වැනිදා නිකුත් වෙච්ච වාර්තාවක් මේක.

මේ වාර්තාවේ තියෙනවා ළමයි 2,03,000ක්, ඒ කියන්නේ පවුල්වලින් 6%ක දරුවෝ ආර්ථික දුෂ්කරතා නිසා පාසල් හැරගිහින් තියෙනවා කියලා පසුගිය වසර දෙක තුළ. පාසල් යන දරුවන්ටත්, ඉගෙනගන්න විදියක් නෑ. ප්‍රතිපාදන කප්පාදුව, අධික බදු බර, ආර්ථික අර්බුදය නිසා ගුරුවරු පාසල් හැරගිහින් තියෙනවා, පාසල් නිසි පරිදි පවත්වාගෙන යන්න බැරිවෙලා තියෙනවා. දෙමවුපියන්ගේ මුදලින් තමයි දැන් පාසල් පවත්වාගෙන යන්නේ. ඒවට රජය මැදිහත් වෙන්නේ නෑ.

දැන් රජය පටන් අරගෙන තියෙන අලුත්ම සෙල්ලම තමයි උසස් පෙළ පන්ති වහන එක. නියමු ව්‍යාපෘතියක් පටන් අරගෙන දකුණු පළාතේ වේගයෙන් උසස් පෙළ පන්ති වසාදමමින් යනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවක උසස් පෙළ පන්ති වහලා තියෙනවා.

වහලා කියනවා උසස් පෙළ කරන්න ළඟ තියෙන ඉස්කෝලෙකට යන්න කියලා. උදාහරණයක් විදියට තිස්සමහාරාම පන්නෙගමුව රාජකීය විද්‍යාලයේ ජීවවිද්‍යා සහ ගණිත අංශ දෙකම මේ අවුරුද්දේ ඉඳලා වහන්න තීරණය කරලා. ඒගොල්ලන්ට කියලා වෙනත් පාසලකට යන්න කියලා. පන්නෙගමුව රාජකීය විද්‍යාලය කියන්නේ සාමාන්‍යයෙන් වෛද්‍ය පීඨවලට, ඉංජිනේරු පීඨයට අවුරුද්දකට ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් එන ඉස්කෝලයක්.

ඒ වගේ උසස් පෙළ පන්ති වහන්න තීරණය කරලා. ඒකට හේතුව ප්‍රතිපාදන දෙන්න බැරිකම. නාස්තිකාර ව්‍යාපෘති ඔක්කොටම සල්ලි දෙන්න පුළුවන්, මේවට සල්ලි දෙන්න බෑ. ඒ නිසා පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ වෙමින් යනවා.

ඒ අතර ආණ්ඩුව මේවා අහද්දී කියන්නේ සමාජ ආරක්ෂණ දෙනවා කියලා. සමාජ ආරක්ෂණ දැලක් හදනවා කියලනේ කියන්නේ. එල්.එන්.ආර්.ඒ. වාර්තාවට අනුව සමෘද්ධි ලැබිය යුතු සුදුසුකම් ලත් පවුල්වලින් 32%කට තමයි සමෘද්ධිය ලැබෙන්නේ කියලා.

උදාහරණයක් විදියට සමෘද්ධිය ලැබිය යුතු මට්ටමේ පවුල් ලක්ෂ 35ක් ඉන්නවා. ලංකාවේ ඔක්කොම ඉන්නෙත් පවුල් ලක්ෂ 58යි. මේ පවුල් ලක්ෂ 58න් පවුල් ලක්ෂ 35ක්ම සමෘද්ධිය ඉල්ලනවා කියන්නේ පවුල්වලින් 65%ක් විතර රජයෙන් සහනාධාරයක් ලබාගත යුතු මට්ටමට දුප්පත් මිනිස්සු. ඒක හරියටම සම්බන්ධ වෙනවා දරිද්‍රතාව වැඩිවෙච්ච විදියත් එක්ක. රජයෙන් සහනාධාරයක් නොලැබුණොත් ඒ මිනිස්සුන්ට එදාවේල කන්නවත් බෑ.

මේ ලක්ෂ 35ක් සමෘද්ධියට සුදුසුකම් සපුරලා තියෙද්දී ලක්ෂ 17කටයි සමෘද්ධිය දෙන්නේ. පොරොත්තු ලේඛනයේ ඉන්නවා තවත් 7,26,000ක්. ඒ කියන්නේ ඒ පොරොත්තු ලේඛනයේ අයටත් සමෘද්ධිය දෙන්න තීරණය කළත්, සමෘද්ධිය ලැබෙන්නේ පවුල් ලක්ෂ 24කට. නමුත් පවුල් ලක්ෂ 35ක් ඉන්නවා සමෘද්ධිය අනිවාර්යයෙන් ලැබිය යුතු. එතකොට සමෘද්ධිය ලැබිය යුතු පවුල්වලින් 32%කටයි දැනට සමෘද්ධිය ලැබෙන්නේ.

අසරණ වෙච්ච වැඩිහිටියන්ට ලබාදෙන වැඩිහිටි ජීවනාධාර දීමනාව ගත්තොත් ඒක ලැබිය යුතු අයගෙන් 22%කටයි ඒක දැනට ලැබෙන්නේ. ලැබෙන්න ඕනෙ වැඩිහිටියෝ 100ක් ඉන්නවා නම්, ඒකෙන් 22කටයි ඒ ජීවනාධාරය ලැබෙන්නේ. ඉතුරු 78%ට ඒ දීමනාව ලැබෙන්නේ නෑ.

ඔවුන් සම්පූර්ණ අසරණ වෙලා ඉන්නේ. විවිධ ආබාධවලට ලක්වෙච් ආබාධිතයන්ට අදාළ දීමනාව ලැබෙන්නේ, ලැබිය යුතු අයගෙන් 1%කට විතරයි. මේ පර්යේෂණයට අනුව විවිධ ආබාධයන්ට ලක්වූවන්ගෙන් 1%කට විතරයි ඒ ආබාධිත දීමනාව ලැබෙන්නේ. 99%කට ලැබෙන්නේ නෑ.

අයවැයේදී මේක වැඩි කළා කියලා කිව්වට ලැබිලා තියෙන්නේ 1%කට විතරයි. මේකෙ ඉතා නරකම සංඛ්‍යාව තමයි වකුගඩු සම්බන්ධ එක. වකුගඩු රෝගීන් සඳහා දෙන දීමනාව ලැබෙන්නේ සමස්ත වකුගඩු රෝගීන්ගෙන් 7%කට විතරයි. 93%කට ඒ දීමනාව ලැබෙන්නේ නෑ. එතකොට මේ සමාජ ආරක්ෂණ දැලක් හදනවා කිව්වට මොන දැලක්වත් හැදෙන්නේ නෑ.

ප්‍රශ්නෙ තියෙන්නේ සහනාධාර දීලා මේ ප්‍රශ්න ගොඩදාන්නත් බෑ. ඒකට ආර්ථිකයට යම් විදියකට දායක වෙන්න, තමන් දන්න මොනවා හරි රස්සාවක් කරන්න, ඒ හරහා සල්ලි හොයාගන්න මිනිස්සුන්ට අවස්ථාව දෙන්න ඕනේ. ඒ අවස්ථාව නැති කරලා තියෙන්නේ ආර්ථිකය හකුළවනවා කියලා ගත්ත තීරණයත් එක්ක. ආර්ථිකය හැකිළීමත් එක්ක 2023 පළමු කාර්තුවේ 11.8%කින් ආර්ථිකය බිඳවැටිලා.

ඒ වැටෙන්නේ මිනිස්සුන්ගේ රැකියා. රටේ නිෂ්පාදනය. මිනිස්සුන්ගේ ජීවනෝපාය. මිනිස්සුන්ගේ කෑම පිඟාන. ආර්ථිකය හැකිළෙනවා කිව්වට ඇත්තටම හැකිළෙන්නේ මිනිස්සුන්ගේ බඩවල්. ආර්ථික විද්‍යාඥයෝ කියලා කට්ටියක් ඇවිත් ලොකු කතා කිව්වට මේක තමයි අන්තිමට ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙ.

අපේ අසල්වැසි රටවල් ගැන හිතුවොත්, බංග්ලාදේශය තමන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.8%ක් වෙන්කරනවා සමාජ ආරක්ෂණය සඳහා. ඉන්දියාව 1.4%ක් වෙන්කරනවා. වියට්නාමය 1.6%ක් වෙන්කරනවා. ඉන්දුනීසියාව 0.6%ක් වෙන් කරනවා. ඉතියෝපියාවත් 0.7%ක් වෙන්කරනවා. ලංකාව වෙන්කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.4%යි සමාජ ආරක්ෂණයට.

ආසියානු, අප්‍රිකානු, පැසිෆික් කලාපය ගත්තම සමාජ ආරක්ෂණය සඳහා අඩුවෙන්ම මුදල් වෙන්කරන රට අපි. 32%කට තුන්වේල කන්න, ළමයි ඉස්කෝලෙ යවන්න තමන්ගේ දේපළ විකුණන්න හරි, උකස් කරන්න හරි වෙනවා. 50%කට ඉතුරු කරගෙන හිටියා නම්, ඒ ඉතුරුම වැයකරන්න වෙනවා කෑම ටික ගන්න. ඒක සිදුවෙනවා කියලනේ මේ වාර්තාවෙන් කියන්නේ.

දේශපාලනය කරන කට්ටිය, මේ ආණ්ඩුව අඩුම ගානේ ජනතාවට මේ සම්බන්ධව කතාකරන්න තියෙන අවස්ථාව හරි ලබාදෙනවද? ජනතාවට මේ ගැන තීරණයක් ගන්න තියෙන හොඳම විදිය තමයි මැතිවරණය.

නමුත් මැතිවරණ නොපවත්වා ඉන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. පළාත් පාලන මැතිවරණය තියන්න දින නිමය කළා. අන්තිමට ව්‍යවස්ථා නීනියට මොකක්වත් නෑ, සල්ලි දුන්නේ නෑ කියන පදනමෙන් ඒ මැතිවරණය කල්දැම්මා. දැන් ඒ ගැන කිසි කතාවක් නෑ. දැන් කියන්නේ ආර්ථිකය වර්ධනය වෙලා කියලා. ආර්ථිකය ගොඩ ගිහින් නම් ඡන්ද තියන්න ඕනනේ.

එදා රනිල් වික්‍රමසිංහ නුවරඑළියේදී මොකක්ද කිව්වේ? මැතිවරණයක් තිබ්බොත් කාටවත් 50%ක බලයක් ලැබෙන්නේ නෑ, හැමෝටම ලැබෙන්නේ ඊට වඩා අඩු බලයක්, එතකොට දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවෙනවා, දේශපාලන අස්ථාවරත්වය ආවොත් ආර්ථික අර්බුදය විසඳන්න බෑ, ඒ නිසා මැතිවරණ තියන්න බෑ කියලනේ කිව්වේ. වජිර අබේවර්ධන ළඟදී කිව්ාව ජනමත විචාරණයක් තියනවා කියලා ජනාධිපතිවරණය වෙනුවට. මොන විහිළුවක්ද? ජනාධිපතිවරණයක්ම තියන්න පුළුවන්නේ. ජනාධිපතිවරණයක්ම තියලා බලන්න පුළුවන්නේ රනිල්ට එන්න පුළුවන්ද කියලා.

රනිල්ගේ මාමා ජේ.ආර්. පවා ජනමත විචාරණ තිබ්බේ මහ මැතිවරණයක් තියෙනවද නැද්ද කියලා. එහෙම නැතුව ජනාධිපතිවරණයක් තියෙනවද නැද්ද කියලා නෙවෙයි. මොන මැතිවරණයද තියන්නේ කියද්දී ප්‍රසන්න රණතුංග කිව්වා මැතිවරණ තියෙනවද නැද්ද කියලා රනිල් වික්‍රමසිංහ තමයි තීරණය කරන්නේ කියලා. එයා කොහොමද තීරණය කරන්නේ? එයා කවුද? එයාට ජන වරමක් තියෙනවද? ගෝඨාභය පැනලා ගියාට පස්සේ ව්‍යවස්ථාවෙ තියෙන හිඩැසක් පාවිච්චි කරලා රාජපක්ෂලා බලයට ගෙනාපු කෙනානේ මේ.

මෙච්චර මේ දරිද්‍රතාව වැඩිවෙලා, මිනිස්සුන්ට කන්න නැතිවෙලා, ළමයි ඉස්කෝලෙ යවාගන්න බැරිවුණාට පස්සේ මිනිස්සු පාරට එනවා කියලා දන්නවා. ඒක නවත්තන්න තමයි ත්‍රස්ත විරෝධී පනත වගේ ඒවා ගෙනාවේ. උද්ඝෝෂණ කරන එක නීති විරෝධී කරන්න, වැඩවර්ජන කරන අයව හිරේ දාන්න පුළුවන් නීති හදන්න. අත්‍යාවශ්‍ය සේවා කඩාකප්පල් කරන අයව හිරේ දාන්න හදනවා. අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක්.

ඒක මුළුමනින්ම කඩාකප්පල් කරලා තියෙනවා. සෞඛ්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවාවක්. ඒක විනාශ කරලා තියෙන්නේ. ඉස්පිරිතාලවල බෙහෙත් නෑ, සෞඛ්‍ය කාර්යමණ්ඩල නෑ, වෛද්‍ය උපකරණ නෑ, තියෙන ඒවා වැඩකරන්නේත් නෑ. එතකොට කවුද අත්‍යාවශ්‍ය සේවා කඩාකප්පල් කරලා තියෙන්නේ? විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක්. විදුලිබල මණ්ඩලය කෑලි 14කට කඩලා, ඒවා කොම්පැනිවලට විකුණලා මුළු බලශක්ති ක්ෂේත්‍රයම විනාශ කරන්න යන්නේ කවුද? එතකොට මේ නීති ගේන්නේ මොකටද? ජනතාව පාරට එන එක නවත්තන්න පුළුවන් කියලා හිතලා.

ඒ අතර ජනතාවට අඩුම ගානේ කතාකරන්න තියෙන නිදහසත් නවත්තන්න කියලනේ ගෙනාවේ විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත. ඒ කොමිෂන් සභා පනත් කෙටුම්පතේ තියෙන විදියට කොමිසමක් හදනවා. ඒ කොමිසමේ ඉන්නවා අමාත්‍යාංශ ලේකම්, විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ තවත් තුන්දෙනෙක්. මේ අය පත්කරන්නේ ජනාධිපති. මේ පස්දෙනාගෙන් තුන්දෙනෙක් හිටියාම ඇති රැස්වීමක් නීත්‍යනුකූල වෙන්න. තීරණයක් ගැනීම සඳහා ඒ තුන්දෙනාගෙන් බහුතරය ප්‍රමාණවත්. ජනාධිපති තුන්දෙනෙක් පත්කරන කොමිසමක් තියෙනවා.

ඒ කොමිසමේ දෙන්නෙක්ට පුළුවන් චැනල් එකක් තහනම් කරන තීන්දුව ගන්න. එහෙම තමයි මේ පනතේ තියෙන්නේ. මේක ව්‍යවස්ථා සභාවෙන් අහලා තුන්දෙනා පත්කරනවා කියලා කිව්වට ජනාධිපති, ජනාධිපතිට ඕනෙ විදියට වැඩ කරන්නේ නැත්නම්, ව්‍යවස්ථා සභාවට දැනුම්දීමක් විතරක් කරලා ඕනෙ සාමාජිකයෙක්ව අස්කරන්න පුළුවන් ජනාධිපතිට.

මේකෙ තියෙන විදියට මේ ඔක්කොම දීලා තියෙන විකාශන බලපත්‍ර අයැදුම් කරන්න ඕනේ. අවුරුද්දෙන් අවුරුද්ද විකාශන බලපත්‍ර අලුතෙන් ඉල්ලන්න ඕනේ. කොමිසමේ දෙන්නෙක්ට එකතු වෙලා යම් චැනල් එකක විකාශන බලපත්‍ර අත්හිටුවන්න පුළුවන්. එතකොට මේකෙ අර්ථ දක්වලා නැති විවෘත පද විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා ඔක්කොම ඇතුළේ හරි පැහැදිලියි මේ මොකක්ද කරන්න යන්නේ කියන එක. හැබැයි ප්‍රශ්නය තමයි මේවා කරන්න පුළුවන්ද?

මෑත කාලයේ ගේන්න හදපු අණ පනත් කිසිම එකක් ගේන්න බැරිවුණා. උදාහරණයක් විදියට ත්‍රස්ත විරෝධී පනත ගේනවා කිව්වා, නමුත් ගෙනාවේ නෑ. කල්දාලා තියෙන්නේ. මොකද ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා පටහැනියි.

විජයදාස රාජපක්ෂ නීතිය දන්නවා කියලා ලොකු කතා කිව්වට අඩුම තරමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් කියලා නෑ. එයා මෑත කාලේ ගෙනාපු හැම පනතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අතර තමයි දැන් විකාශන නියාමන කොමිෂන් සභා පනතක් කියලා එකක් උස්සගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ පනත් කෙටුම්පත පිස්සුවක්.

මොකද 1997 මේ විදියටම විකාශන නියාමන අධිකාරි පනත කියලා පනතක් ආවා. ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා පාර්ශ්ව ගණනාවක්. මාධ්‍ය සංවිධාන ඇතුළු අය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්න තීන්දුවේ ඒ පනතේ වගන්ති විශාල ප්‍රමාණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනී කියලා තීන්දු කළා. ඒ වගන්ති එහෙම්මම මේ අලුත් පනතේ තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා තීරණය කරපු වගන්ති, පනත් කෙටුම්පතකට දාලා ගේනකොට ඒක ගේන අයගේ අවබෝධයේ තරම අපට හිතාගන්න පුළුවන්.

මේවා ඇතුළේ හදන්නේ බියගැන්වීම් කරන්න. ඕවා කරන්න ලැබෙන්නේ නෑ. දැන් කුසගින්න මෝරමින් තියෙන්නේ. මේක ඇතුළේ ඔය සෙල්ලම් දාන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි ජනතාවටත් කියනවා. මේ වාර්තා සියල්ලෙන් හෙළිවෙලා තියෙනවා ඉතා බරපතළ අර්බුදයකට රට ගමන් කරමින් තියෙනවා කියලා. ඒ නිසා මේ අර්බුදය ඉස්සරහා මේගොල්ලන්ට පුළුවන් නිකන් පෙණය පුප්පන්න විතරයි. පෙණය පිප්පුවට බය වෙන්න එපා දෂ්ට කරන්න බෑ.

SendShareShare
Previous Post

මහබැංකු අධිපති කියපු විදිහට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් සේවක අර්ථසාධක අරමුදලට අත තියලා! ඒකට අපි එකහෙළාම විරුද්ධයි! සජබ අන්තිම තීන්දුව මරික්කාර් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් කියනවා මොනවත් කපන්නේ නෑ කියලා! එහෙනම් මහත්තයෝ දවස් 5ක් බැංකු වහලා කපන්නේ අලියගේ නැට්ටද? කපුටගේ තට්ටද? මේ විදිහටම මාස 3කට කලින් ඡන්දයට දින තියලා තියෙද්දීත් ඡන්දයක් නෑ කියලා කිව්වෙත් මේ රනිල්ම තමයි! මහබැංකු අධිපතිටත් දැඩි ප්‍රහාරයක්! ඔයා ‘නන්දලාල් වික්‍රමසිංහ’ වෙන්න එපා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

Load More
මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දීම නවත්වන ලෙසට නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක දැනුම් දුන් බව හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.