හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමුකිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
පසුගිය සතියේ යොමුකොට ඇති මෙම ලිපිය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ මෑතකදී සම්මත වූ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව තමා සතුව තිබූ වෙඩි නොවදින රථය ඇතුළු සියලු අතිරේක වාහන රජයට භාරදී ඇති බවකි.
නමුත් මේ වනවිට තමන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති නිසා වෙඩි නොවදින රථයක් ඇතුළු ආරක්ෂක රථ කිහිපයක් තමන්ට ලබාදෙන ලෙස කාරුණික ඉල්ලීමක් කිරීමටද හිටපු ජනාධිපතිවරයා සිය ලිපිය මගින් කටයුතු කොට ඇත.










