ලබන වසරේ මුල් කාර්තුවේදී පළාත් සභා මැතිවරණය පවත්වන බවට තොරතුරු වාර්තා වීමත් සමග සමගි ජන බලවේගයේ තරුණ, ජනප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනකු සිය මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබේ.Sri Lanka Latest News
එම දැනුම් දීම සිදුකරමින් ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී ඇත්තේ සජබය නියෝජනය කරමින් ඒ ඒ පළාත්වල මහඇමැති ධුරයට තරග කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමේදී සිය ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති බවත්, මේ හේතුව නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට වඩා පළාත් සභා මහ ඇමැතිවරයකු වශයෙන් කටයුතු කිරීමේදී ජනතාවට සේවය කිරීම සඳහා වරප්‍රසාද සහ පහසුකම් රැසක් හිමිවන බවත් මෙහිදී එම මන්ත්‍රීවරුන් සිවුදෙනා විපක්ෂ නායකවරයා වෙත පෙන්වා දී ඇත.
ඒ අනුව විපක්ෂ නායකවරයාද මෙම මන්ත්‍රීවරුන් සිවුදෙනාගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානමින් සිටින බවක්ද ආරංචිය.










