• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිල් පනින මන්ත්‍රීවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ දඬුවමක් I Sri Lanka Latest News

October 15, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුවක්…

‘2021 වසරේ නොවැම්බර් 12 වැනිදා මුදල් අමාත්‍යවරයා විසින් 2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එසේම එම පනත් කෙටුම්පත සඳහා වන දෙවැනි වර කියවීම 2021 වසරේ නොමැම්බර් 22 වැනිදා පැවැත්වීමටද නියම වී තිබුණා.(Sri Lanka Latest News)

මෙම විසර්ජන පනත් කෙටුම්පත් විවාදයේදී පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කරන ආකාරය තීරණය කිරීම සඳහා 2021 වසරේ නොවැම්බර් මස 22 වැනිදා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත්වුණා. එම රැස්වීමේදී අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය නොදීමට උත්තරීතර මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා. අවශ්‍ය නම් පනතට විරුද්ධව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට හෝ හැකියාව තිබෙන බවත්, උත්තරීතර මණ්ඩලය එහිදී වැඩිදුරටත් තීන්දු කර තිබුණා.

එහෙත් මුස්ලිම් කොංග්‍රසයේ සාමාජික පෙත්සම්කාර නසීර් අහමඩ් මන්ත්‍රීවරයා පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ තීන්දුවට පිටුපාමින් විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව තම ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. පසුව පක්ෂයේ විනය කඩකිරීම සම්බන්ධයෙන් කරුණු විමසා පක්ෂයේ මහලේකම්වරයා විසින් පෙත්සම්කරුට ලිපියක් යොමුකළ අතර, 2021 වසරේ අප්‍රේල් මස 23 වැනිදා ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා…’

‘ඉන් අනතුරුව කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව ඔහුගේ (පෙත්සම්කරුගේ) පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නසීර් අහමඩ් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබුණා. පෙත්සම්කරු පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් ගනු ලබන තීන්දු තීරණ හා නියමයන්ට අනුව කටයුතු කරන බවට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා. නමුත් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගනු ලැබූ තීන්දුවලට පටහැනිව ක්‍රියා කිරීම තුළින් පෙත්සම්කරු එම ප්‍රතිඥාව උල්ලංඝනය කර තිබෙනවා.

ඒ පමණක් නොව එසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කිරීමෙන් පවා වැළකී තිබෙනවා. මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී පෙත්සම්කරු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපමින් එම පක්ෂ මහලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපිය නීත්‍යනුකූල එකක් යැයි මෙම අධිකරණය තීන්දු කර සිටිනවා. ඒ අනුව මෙම පෙත්සම්කරුගේ අදාළ ඉල්ලීම නිෂ්ප්‍රභ කරන බවත් අප ප්‍රකාශ කර සිටිනවා.

එසේම පෙත්සම්කරුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් එම පක්ෂයේ මහලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපියේ කටයුතුවලට මැදිහත් වීමට තරම් අධිකරණයට සාධාරණ කරුණු කිසිවක් අනාවරණ නොවුණු බවත් අපගේ තීන්දුවෙන් ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව පෙත්සම්කරුගේ ඉල්ලීම අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන බව අප ප්‍රකාශ කර සිටිනවා….’

පරිච්ඡේද දෙකකින් එසේ ලියා තැබූ කුමක්ද එම බැරෑරුම් අධිකරණ කතාන්දරය? මෙය ශ්‍රී ලංකාවේ උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇසෙන ප්‍රබල නඩු තීන්දුවකි. මෙම වගතුග අපට අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට ඉහතදීය. මෙය අද පිළිගෙන ඇත්තේ සැබැවින්ම අතිශය ඓතිහාසික නඩු තීන්දුවක් ලෙසටය. මෙතෙක් වත්මන් රජයේ කටයුතු කළ කැබිනට් අමාත්‍යවරයකුට අදාළව ගනු ලැබූ එම තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් මෙම නඩු තීන්දුව ලබාදී තිබිණි. වත්මන් රජයේ පරිසර කටයුතු කැබිනට් අමාත්‍ය ධුරය දැරූ නසීර් අහමඩ් මහතාට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ගෙන තිබිණි. ඔහු මුල්කරගෙන සිදුව ඇති සිද්ධිය කුමක්දැයි ඔබට එම අධිකරණ තීන්දුව කියැවීමේදී පැහැදිලිව පෙනී යයි. එහෙත් ඉන් පසුව තවත් සුවිශේෂ සිදුවීමක්ද ඇතිව තිබේ. එනම් මෙම ඓතිහාසික අධිකරණ තීන්දුවත් සමග නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ කැබිනට් අමාත්‍ය ධුරයද අහිමි වන බව ප්‍රකාශයට පත්වීමය.

මෙම වගතුග සැබැවින්ම මේ වන විට මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇත. මෙවැනි තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇත්තේ දශක කිහිපයකට පසුව බව වාර්තා වෙයි. මෙම වටපිටාව යටතේ 2023 ඔක්තෝබර් 07 වැනිදා සිට නසීර් අහමඩ් මහතාට තමන් එම දැරූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂ සාමාජිකත්වය, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ කැබිනට් අමාත්‍ය ධුරයද අහෝසි වී යයි. මෙම තීරණ ගනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අදාළව බව දේශපාලන පාර්ශ්ව සඳහන් කර සිටියි. මෙම අර්බුදයට මුහුණ දුන් නසීර් අහමඩ් යනු කවුද?

නසීර් අහමඩ් සෙයිනුලාබ්ඩීන් යනු ශ්‍රී ලංකාවේ සිටින 62 හැවිරිදි මුස්ලිම් ජාතික දේශපාලකයෙකි. මොහු නිරන්තරයෙන් කෙටි නාමයකින් හඳුන්වන්නේ නසීර් අහමඩ් ලෙසිනි. දැනට වසර 15ක පමණ දේශපාලන අත්දැකීම් ඇති මොහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 2012 සැප්තැම්බර් මාසයේදී නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රී ධුරයක් ජයග්‍රහණය කිරීමෙනි. වසර 05ක් පුරා ඔහු එම තනතුර දරන අතරදී එම පළාත් සභාවේම කෘෂිකර්ම, ග්‍රාමීය කර්මාන්ත, ධීවර සහ සංචාරක ප්‍රාදේශීය අමාත්‍ය ධුරයකට පත්වෙයි. 2017 වසර දක්වා නසීර් අහමඩ් පළාත් සභාවේ කටයුතු කරන අතර, පසුව ඔහු නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරයටද පත්වෙයි.

ඉන් පසුව ඔහුගේ දේශපාලන ආගමනය සිදුවන්නේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමිනි. එනම් ඔහු 2020 වසරේදී මඩකළපුවේ එරාවුර් ආසනය නියෝජනය කරමින් මැතිවරණය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත්වන්නේය. එතැන් සිට ඔහු 2023 ඔක්තෝබර් 06 වැනිදා දක්වා (අධිකරණ අර්බුදය තෙක්) එම මන්ත්‍රී ධුරය දරමින් සිටියේය. නසීර් අහමඩ්ගේ දේශපාලන ජීවිතයේ මහා පෙරළිය සිදුවන්නේ 2022 අප්‍රේල් මාසයේදීය. එවිට ඔහුට රටේ තිබුණු මහජන අරගලකාරී වටපිටාව යටතේ කැබිනට් මණ්ඩලයෙන් යම් අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉල්ලා අස්වීමත් සමග රජයට සම්බන්ධ වන ලෙසට රහසිගත ආරාධනාවක් ලැබෙයි.

මෙම මොහොතේදී ඔහු මෙම ලිපියේ ඉහත සඳහන් කළ පරිදි රජයේ විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදෙන්නේ තමන්ගේ පක්ෂය වූ මුස්ලිම් කොංග්‍රසයටද එරෙහි වෙමිනි. ඔහුගේ මෙම රාජ්‍ය පාක්ෂික ක්‍රියාවලිය හේතුවෙන් එවිට ඔහුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තම රජයේ පරිසර කටයුතු අමාත්‍ය ධුරය 2022 අප්‍රේල් 18 වැනිදා පිරිනමන්නේය. ඒ අනුව නසීර් අහමඩ් පසුගිය ඔක්තෝබර් 06 වැනිදා දක්වා එම කැබිනට් අමාත්‍ය ධුරයේ කටයුතු කළේය. එහෙත් පසුගිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් සමග ඔහුගේ කැබිනට් අමාත්‍ය ධුරයද අහෝසි වී ගියේය. නසීර් අහමඩ් යනු වෘත්තියෙන් ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කර පසුව දේශපාලනයට පිවිසි පුද්ගලයකු වෙයි.

එලෙස නසීර් අහමඩ් ගැන යම් පුද්ගලික තොරතුරු ටිකක් ලියා තැබුවේ ඔහු කවුදැයි නිසි ලෙස අවබෝධ කරගැනීම පිණිසය. නසීර් අහමඩ් කතාන්දරය අද මෙරට මුළුමහත් දේශපාලනයත්, පොදු සමාජයත් උඩු යටිකුරු කරන තත්ත්වයකට පත්ව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික ඍජු තීන්දුවක් හේතුවෙන් එක් වරුවක් ඇතුළත දේශපාලකයකුගේ සියලු ඉහළ තානාන්තර අහෝසි වී ගොස් ඇත.

පසුගිය දශක ගණනාව පුරා මෙරට දේශපාලකයන් රාශියක්ම තමන්ගේ පෞද්ගලික වාසි තකා තමන් කාලයක් පුරා නියෝජනය කරමින් සිටි දේශපාලන පක්ෂවලට පිටුපාමින් වෙනත් පක්ෂවලට සම්බන්ධ වන ආකාරය දක්නට ලැබුණේය. මෙම සිදුවීමද එවැනි ආකාරයේ එකක් විය. මෙරට සිටින දේශපාලකයන්ගෙන් අතිබහුතරයක්ම තමන්ගේ වාසියට පමණක් කටයුතු කරන නිහීන කපටි දේශපාලකයන් බවට චෝදනා එල්ලවී ඇත. පොදු මහජන ඡන්දයෙන් බලයට පැමිණෙන ඔවුන් ඉන් පසුව තම ඡන්දදායකයන්ට පවා පයින් ගසා එළවා දමමින් කටයුතු කරයි.

මේ ආකාරයේ නිගණ්ඨ දේශපාලකයන් සිටින රටක් වශයෙන් ශ්‍රී ලංකාව බොහෝ නම්දරා ඇත. වත්මන් රජය තුළ සිටින කැබිනට් අමාත්‍යවරුන් කවුරුන්දැයිවත් නිසි ලෙස ජනතාව දන්නේ නැත. එසේම මෙම බහුතර අමාත්‍යවරුන්ගේ සටකපටභාවය හේතුවෙන්ද ජනතාව ඔවුන් පිළිකුල් කරයි. කැබිනට් අමාත්‍යවරයකු පාරක තොටකදී නෙත ගැටුණද අද ජනතාව ඔවුන් තඹයකට මයිම් කරන්නේ නැති තත්ත්වයක් උදාවී ඇත. එසේම ඇමැතිවරුන් බහුතරයක් ඉතා අකාර්යක්ෂම අදක්ෂ පුද්ගලයන් බවටද චෝදනා එල්ල වී ඇත.

මෙවැනි වටපිටාවක් සමාජයේ තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම ඓතිහාසික නඩු තීන්දුව ගැන විවිධ පාර්ශ්ව තම අදහස් ප්‍රකාශ කර සිටියේය. එම වගතුග ගෙනහැර බලමු.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා මෙසේ මාධ්‍යයට අදහස් පළ කළේය.

‘මේක සත්‍ය වශයෙන්ම ඓතිහාසික නඩු තීන්දුවක්. මීට දශක කිහිපයකට පෙර ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක යන අමාත්‍යවරු එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබුණා. ඉන් පසුව මේ දක්වා ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එවැනි තීන්දුවක් ලබාදී තිබුණේ නැහැ. අද මෙම තීන්දුව තුළින් නසීර් අහමඩ් මහතාගේ පක්ෂ සාමාජිකයත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීත්‍යනුකූල බව අධිකරණය තීන්දු කර තිබෙනවා…’

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම්, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා මෙම නඩු තීන්දුව ගැන මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියේය.

‘මේක ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සුවිශේෂ වාර්තාගත නඩු තීන්දුවක්. මෙම තීන්දුව යටතේ ඉදිරියට 2024 පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමටද ප්‍රබලව බලපෑමක් සිදුකරනු ලබනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකු වන දිගාමඬුල්ල නියෝජනය කළ එම්.එම්. හාරිස් සහ ෆයිසාල් කාසිම් යන අයද අහමඩ් මන්ත්‍රීවරයා සමග 2022 අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. එහෙත් පසුව ඔවුන් දෙදෙනාම පක්ෂයෙන් සමාව අයැද සිටි අතර, පක්ෂය ගන්නා තීරණවලට පටහැනිව ක්‍රියා නොකරන බවට සහතික වුණා. ඒ නිසා අපි ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ.

මෙම අධිකරණ තීන්දුව යටතේ නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. ඒත් සමගම රජය ඔහුට ප්‍රදානය කරන ලද කැබිනට් අමාත්‍ය ධුරයද අහෝසි වෙනවා. මම මුස්ලිම් කොංග්‍රසයේ ලේකම්වරයා වශයෙන් මේ වන විටත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීරටත් මේ බව දන්වා තිබෙනවා. එනම් නසීර් අහමබඩ් වෙනුවට අලි සහීර් මවුලානා පත්කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගෙන ඇති තීරණය ගැන ඔවුන් වෙත නිල වශයෙන් දන්වා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මෙම ඓතිහාසික නඩු තීන්දුව නිසා ඉදිරියේදී මෙරට තුළ දේශපාලනයේ බොහෝ පෙරළි සිදුවීමට තිබෙනවා. දේශපාලකයන්ට තමන්ට හිතෙන හිතෙන ආකාරයෙන් පක්ෂ මාරුකිරීම් සිදුකිරීමට අවස්ථාව සහ වටපිටාව උදාවන එකක් නැහැ….’

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට විද්වතකු වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනි, මහාචාර්ය දීපිකා උඩගම මහත්මිය මෙම සිදුවීම ගැන අදහස් ප්‍රකාශ කළාය.

‘පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙරට පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහි ජනතා විශ්වාසය යළි ඇතිකිරීමට පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කරනවා. මෙරට දේශපාලන සංස්කෘතිය පිරිසිදු කිරීමට මෙම නඩු තීන්දුව ඉවහල් වෙනවා. අපගේ දේශපාලන පක්ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම සහ දේශපාලකයන්ගේ සදාචාර විරෝධී ක්‍රියාකාරකම් නිසා දේශපාලන ක්‍රමය විනාශ වෙලා. කෙසේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නවතම තීන්දුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන පුරවැසියන්ට ආශීර්වාදයක්. ශ්‍රී ලංකාවේ අශුද්ධ දේශපාලන සංස්කෘතිය සදාචාරසම්පන්න කිරීමට මෙම තීන්දුව බොහෝ දුර යා හැකියි..’

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මුලු රටම ඩිජිටල් කළොත් මොකද්ද මේ රටට වෙන්නේ? 35 වැනි සුහුරු පන්ති කාමරය රදම්පොළ සුමංගල විද්‍යාලයට දීලා විපක්ෂ නායක සියලු දෙනාට දුන්න පණිවුඩය! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ලංකාවට ආපු ඉන්දීය විදේශ ඇමැති ත්‍රිකුණාමල ගමන කැන්සල් කරයි! දවසකට කලින් ලංකාවෙන් පිටවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.