• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලු රටම ඩිජිටල් කළොත් මොකද්ද මේ රටට වෙන්නේ? 35 වැනි සුහුරු පන්ති කාමරය රදම්පොළ සුමංගල විද්‍යාලයට දීලා විපක්ෂ නායක සියලු දෙනාට දුන්න පණිවුඩය! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 15, 2023
in Exclusive
Reading Time: 20 mins read
A A
මුලු රටම ඩිජිටල් කළොත් මොකද්ද මේ රටට වෙන්නේ? 35 වැනි සුහුරු පන්ති කාමරය රදම්පොළ සුමංගල විද්‍යාලයට දීලා විපක්ෂ නායක සියලු දෙනාට දුන්න පණිවුඩය! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දූෂණය වංචාව ඉහවහ ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරා කන අන්ත දුෂිත තත්ත්වයක් මතුව ඇති බවත් වත්මන් රජය හොර පාරෙන් හොර ක්‍රමවේදයකින් හොර සමාගමක් හරහා හොර පිළිකා බෙහෙතක් ගෙන්වා ඇති බවත් මේ බෙහෙත නිසා සුවවිය හැකි පිළිකා රෝගීන් පවා අනිවාර්යෙන් මිය යන බවත් මෙවැනි සාපරාධි ක්‍රියා සිදු කරමින් මුදල් හම්බකරන බඩගෝස්තරවාදී දේශපාලනය අප රටින් තුරන් වීමට ඩිජිටල්කරණය අත්‍යාවශ්‍ය බවත් එය පාසල් පද්ධතිය, සෞඛ්‍ය පද්ධතිය, රාජ්‍ය පරිපාලනය තුළ අනිවාර්යෙන් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එවැනි ඩිජිටල්කරණයක් ක්‍රියාත්මක කිරීමට ඉංග්‍රීසි භාෂාව, පරිගණක හා තොරතුරු තාක්ෂණය හොදින් ඉගෙන ගත් දරු පරපුරක් රටට අවශ්‍ය බවත් එවැනි දරු පරපුරක් ශක්තිමත් කිරීමේ අරමුණින් සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (13) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 35 වැනි අදියර යටතේ මාර/ රදම්පළ සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට එක්වෙමිනි.

දැනුම කේන්ද්‍රීය ආර්ථිකය බිහි කරන වැදගත්ම සංදිස්ථානය වන ගමේ නගරයේ පාසල් ප්‍රමාණවත් භෞතික හා මානව සම්පත් නොමැති වීම නිසා අකර්මන්‍ය වී ඇති බවත් මේ වන විට 32000ක ගුරු හිඟයක් මෙන් ම උපකරණ හිඟයක් ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපන විප්ලවයක් ඇති කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එහි දී ගමේ පාසලේත් අගනුවර පාසලේත් කිසිදු වෙනසක් නොතිබිය යුතු බව යි. එසේ වෙනස්කමක් සිදු වේ නම් එය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තවද මේ රට විනාශ වෙන්න ප්‍රධාන හේතු ලෙස හොරකම, අල්ලස, දුෂණය, වංචාව හා රාජ්‍ය දේපල හා පොදු ජනතාවගේ සම්පත් අහිමි කිරීම බවත් මේ හොරකම වළක්වන්න නම් ඩිජිටල්කරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම රටේ ඇති බදු බර හේතුවෙන් උගතුන් බුද්ධිමතුන් රට හැර යාම නිසා බුද්ධි ගලනයක් සිදු වන බවත් මෙවැනි රටක රාජ්‍ය ආදායම හා බදු එකතු කිරීම ඩිජිටල්කරණය කිරීමට උත්සාහ කරද්දි පවා වැඩ වර්ජනය කරන බවත් ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආර්ථික කේන්ද්‍රස්ථාන සියල්ලක්ම ඩිජිටල්කරණයට ලක් කළ යුතු බවත් ඒ තුළ හොරකම වංචාව අහෝසි වන බවත් ඒ තුළ වගකීම, වගවීම, පාරදෘෂ්‍යභාවය හා විනිවිදභාවය ඉස්මතු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද එක් පවුල් සමූහයක් එකට එකතු වී රාජ්‍ය බලය ලබා මන්දිරවල ජීවත් වී ලක්ෂ 220ක් වූ ජනතාවගේ මුදල් හොරා කා ඇති බවත් ඒ සොරා ගන්නා ලද සම්පත් තුළින් ඔවුන් සුරසැප විදින නමුත් පාසල් දූදරුවන් හා සරසවි සිසුවන් පවා ආහාර නොමැතිව ක්ලාන්ත වන බවත් දුප්පත් කම ලක්ෂ 30 සිට 70 දක්වා තුනෙන් එකක් දුප්පත් වී ඇති බවට සමීක්ෂණ මඟින් අනාවරණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනකට පාරිභෝජනය පමණක් සුදුසු නොවන බවත් එහි නිෂ්පාදනය, ආයෝජනය හා ඉතිරිකිරීම තිබිය යුතු බවත් හොරකම දුෂණය වංචාව ඇති තැන රටවල් කඩන් වැටෙන බවත් සුපිරිසුදු රටක් නිර්මාණය වන්නේ නම් රටවල් සංවර්ධනයේ ඉහළටම යන බවත් ඒ සදහා ලෝකයේ ඕනෑ තරම් උදාහරණ ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමහර නායකයෝ රට බේර ගත් බවට පුරසාරම් ගසමින් හොරකම්, අල්ලස් හා දූෂණය ක්‍රියාත්මක කරන බවත් එම හොරකම්වල ඵලවිපාක ලක්ෂ 220ම භුක්ති විදින බවත් පැවසීය.

එසේ ම වියට්නායමය ඇමෙරිකාව සමඟ වසර 10ක් යුද කළත් අවසානයේ වියට්නාම ගරිල්ලාවරුන් ඇමෙරිකාව පරාජය කළ බවත් මේ වන විට ඔවුන් නව තාක්ෂණය, කර්මාන්ත පද්ධතිය, සෘජු විදේශ ආයෝජන තුළ ඉහළටම පැමිණ ඇති බවත් ඔවුන් සුහුරු රාජ්‍ය පාලනයක් හරහා සැම්සන් වැනි ආයතන ආකර්ෂණිය යෝජන ලබා දී සිය රටට ගෙනවිත් තාක්ෂණික පරිණාමයක් හරහා මේ වන විට මේඩ් ඉන් වියට්නාම් ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන 130කට ආසන්න සංඛ්‍යාවක් නිපදවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම රුවන්ඩාවේ ද ගෝත්‍ර අතර වසර ගණනාවක් පැවැති ගැටුම් හේතුවෙන් ජීවිත ලක්ෂ 8ක් අහිමි වුවත් ඔවුන් මේ වන විට අප්‍රිකාවේ සිංගප්පූරුව බවට සිය රට පත්කර ඇති බවත් රුවන්ඩාවේ කිගාලි නම් නගරය පිරිසුදුම නගරයක් බවට විවිධ සම්මාන පවා දිනා ඇති බවත් මේ රටවල් මේ ආකාරයෙන් දියුණු වුවත් තිස් වසරක යුද්ධයෙන් පසු අපේ රට ඇති තැන සෝචනීය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යුද්ධවලින් පසු සෙසු රටවල් ප්‍රගති ලැබුවත් අපේ රට සෘණාත්මක තත්ත්වයක් කරා ගිය බවත් එබැවින් ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව අපට වැරදුනු තැන් සිතා බැලිය යුතු බවත් හරි වැරදි මධ්‍යස්ථව අවබෝධ කර ගෙන රටක් ලෙස එකට එකතු වී ඉදිරි ගමනක් යා යුතු බවත් අන්ධකාරය තුළින් ආලෝකය දැකීමට කටයුතු කළ යුතු සේම අපේම ශක්තිය උපයෝගී කර ගෙන වැටුණු තැනින් නැගිටීමට විසදුම් සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ පාසල් 10126ක් ඇති බවත් මේ සෑම පාසලක්ම නූතනවාදී දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර පාසල් පද්ධතිය තුළ ලොව දිනන ශ්‍රම බලකාය නිපුණතා බලකාය බිහි කරන බවත් එසේ ලොව ජය ගැනිමට නම් සෑම අභියෝගයක්ම බාධාවක්ම අභිබවා ගොස් ලෝකයේ ශක්ති සම්පන්නම දේශය බවට පත්විමට නම් නිපුණතාවෙන් කුසලතාවෙන් හා දක්ෂතාවෙන් හෙබි ශක්තිමත් දේශයක් හා ජන පරපුරක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ළමයින්ට ඉංග්‍රිසි ඉගෙන ගන්න කියන විට පාර්ලිමේන්තුවේ බහුතරයක් හිනා වෙන බවත් ඔවුන්ගේ අරමුණ තමන්ට ඡන්ද ලබා දෙන පුරවැසියන් නූගතුන් ලෙස සදාකාලිකව තැබීම බවත් ඔබ, ගම, නගරය හා රට දිනවිය හැක්කේ දැනුම තුළ බැවින් එම දැනුම ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් සමගි ජන බලවේග රජයක එකම අරමුණ දැනුම කේන්ද්‍රීය ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් ලබා දෙන පාසල් පද්ධතියක් නිර්මාණය කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක සක්වල බස් රථ වැඩසටහන යටතේ මේ වන විට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් රජයේ පාසල් 80කට ලබා දී ඇති අතර ඒ සදහා රුපියල් 389,200,000ක මුදලක් වැය වී තිබේ. එසේම සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 35කට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සදහා රුපියල් 31,128,650.00 ක මුදලක් සහ හුස්ම වැඩසටහන යටතේ රෝහල් 56කට රුපියල් 171,966,900 වටිනා ඖෂධ හා රෝහල් උපකරන ලබා දී තිබේ.

SendShareShare
Previous Post

වැස්සෙන් නායයාම් අවදානමක්! කොස්ලන්දේ පවුල් 244ක් වහාම ඉවත් කරයි! I Sri Lanka Latest News

Next Post

පිල් පනින මන්ත්‍රීවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ දඬුවමක් I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.