• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජේ.ආර්., විජේවීර, 13 සහ දෙබරයට ගල් ගැසීම…

February 16, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ජේ.ආර්., විජේවීර, 13  සහ දෙබරයට ගල් ගැසීම…
Share on WhatsAppShare on Facebook

මැතිවරණය කටේ තබා ජනාධිපති රනිල් දෙබරයට ගලක් ගැසුවේය. ඒ, 13 වැනි සංශෝධනය මුළුමනින්ම බලාත්මක කරන බවට ප්‍රකාශයක් කරමිනි. 13 වැනි සංශෝධනය යනු දැනට වසර 36ක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලාත්මක වන ව්‍යවස්ථාවකි. එය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම යනු මේ වනවිට සක්‍රීය කර නැති ඉඩම් සහ පොලිස් බලතල සක්‍රීය කිරීමය. මේ වගන්ති දෙක සක්‍රීය කිරීම වූ කලී අනිවාර්යයෙන් ක්‍රියත්මක කළ යුතු, ශ්‍රී ලංකාව වගකීමෙන් බැඳිසිටින නෛතික ප්‍රතිපාදනයක් විනා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සිතේ උපන් සිතුවිල්ලක් නොවේ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු බලය බෙදාහැරීමේ සංකල්පය 1987 දී කෙටුම්පත් කරන ලද්දක් වන අතර, නිසි පිළිවෙත නම් 2023 දී විය යුත්තේ දශක තුනකට වැඩි කාලයක් වර්ගවාදීන්ගේ බලපෑම මත අක්‍රීය කර තිබූ සංශෝධනයේ වගන්ති දෙක සක්‍රීය කිරීම නොව වඩාත් විධිමත් බලය බෙදාහැරීමකට අවශ්‍ය සංශෝධන ගෙන ඒමය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ භාෂාවෙන් කියනවා නම් 13¤ ගෙන ඒමය.

එහෙත් 13 වැනි සංශෝධනයේ ඉඩම්-පොලිස් බලතල සම්බන්ධ වගන්ති දෙකට සැමදාමත් බාලගිරි දෝෂයය. එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා ලද සෑම අවස්ථාවකදීම රාවණාගේ පරපුරේ ජාතිමාමක පුතුන් මරාගෙන මැරෙන්නට මහමඟට බහින්නේය. උද්ඝෝෂණ කරන්නේය. ඉන්ද නොනැවතී උපවාස, විරෝධතා සංවිධාන කරමින් රට කලඹවන්නේය. වීරවංශලා, ගම්මන්පිලලා මෙන්ම ඇල්ලේ ගුණවංශ, ගලගොඩඅත්තේ ඤාණසාර වැනි හිමිවරුද මේ ජාති මාමක යැයි පවසන විගඩමේ පෙරමුණේ රාළලාය. මෙවරද එහි වෙනසක් වූයේ නැත. ජනධිපති රනිල් වික්‍රමසිංහගේ කටින් වචනය පැන්නා පමණි. ජාතිමාමක යක්ඛ පුතුන් කෙළින්ම නතර වූයේ මහනුවරය. එහි ගොස් මල්වතු අස්ගිරි උභය පාර්ශ්ව මහා නාහිමිවරු බැහැදුටු පංචායුධ පක්ෂයේ විමල් වීරවංශ, රියර් අද්මිරාල් සරත් වීරසේකර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ආදී නඩය මහා නාහිමිවරුන් හමුවේ ජනාධිපති රට බෙදන බවට හඬාවැටුණෝය. කෙසේ හෝ දැන් සටන ආරම්භ වී හමාරය. ජනතා විරෝධය හමුවේ කුජීතව සිටින රාජපක්ෂවරුන්ට දරදිය ඇද්ද මෙම ජාතිමාමක නඩයට එල්ලෙන්නට වැලක් ජනාධිපති රනිල් සොයාදී තිබේ.

ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභා සඳහා ලබාදීම පිළිබඳ විවිධ මත සමාජගත වෙමින් තිබියදී ජාතික ජන බලවේගයේ පර්ලිම්මේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියද ඒ පිළිබඳ අදහස් දක්වා තිබිණි. පළාත් සභා සඳහා ඉඩම් සහ පොලිස් බලතල ලබාදිය යුතු බව ‘දි අයිලන්ඩ්’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඕ පවසා සිටියාය. මේ වූ කලී මෑතභාගයේ ජනතා විමුක්ති පෙරමුණේ පළවූ වඩාත් සාධනීය මතයක් බව ලියුම්කරු විශ්වාස කරන්නේය. ඊටත් වඩා මැතිවරණයක් අභිමුවේ වර්ගවාදීන් පල් වළට බැස එය කළතමින් සිටින අවස්ථාවක මෙවන් ප්‍රකාශයක් කිරීමට තරම් හරිනි අමරසූරිය දිරිමත් වීම අගේ කළ යුතුය. එහෙත් දේශප්‍රේමී නඩයට හරිනිගේ කතාවෙන් කදිම පොටක් පෑදුණේය. විමල් වීරවංශ සිය කට අරින්නේ ඒ අවස්ථාවේදීය. ‘මේ වනවිට 13 වැනි සංශෝධනයට ජවිපෙ එකඟ නම් 1987 පළාත් සභා ක්‍රමය ඇතිකරද්දී ඊට පක්ෂව සිටි ජනතාව මරාදැමීම වැරැද්දක් බව පිළිගත යුතු’ යැයි ජා.නි.පෙ. නායක විමල් වීරවංශ පැවැසීය. විමල් වීරවංශ සාමාන්‍ය වශයෙන් කියන කරන දේ එතරම් බරපතළට සිතිය යුතු නැති බව ඔහුගේ ඉතිහාසය අපට පෙන්වා දෙයි. එහෙත් මේ කතාවේ යම් ගතයුත්තක් නැත්තේද නොවේ. මන්දයත් ජ.වි.පෙ. යනු 13 වැනි සංශෝධනයට සහ පළාත් සභා සංකල්පයට වඩාත්ම තද විරෝධය පෑ දේශපාලන පක්ෂය වන බැවිනි. 1987 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අස්සන් තැබූ ගිවිසුමට නෛතික බලය ලබාදී ලංකාවේ ව්‍යවස්ථාවට එය ඇතුළු කරන්නාවූ 13 වැනි සංශෝධනයට ශ්‍රීලනිපය, මහජන එක්සත් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ ආදී පක්ෂ සහ සංවිධාන ගණනාවක්ම එකල විරුද්ධ විය. සැබැවින්ම මුල් අවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහ ඉන් හඳුන්වා දුන් පළාත් සභා සඳහා එකඟතාව පළකර සිටියේ කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය වැනි වාමාංශික නැඹුරුවක් සහිත දේශපාලන පක්ෂ පමණි.

1983 ජූලි කලබල පදනම් කරගෙන ඒ වන විටත් තහනම් කර තිබූ ජ.වි.පෙ.ය පළාත් සභා ක්‍රමය හැඳින්වූයේ ඉන්දීය බලහත්කාරකමක් ලෙසය. පළාත් සභා යනු මවුබිම දෙකඩ කරන මර උගුලක් බව පැවැසූ ජ.වි.පෙ. පළාත් සභා මැතිවරණයට සහභාගි වීම සහ එම මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම තහනම් කළේය. එමතුදු නොව පළාත් සභා පිළිගෙන ඊට සහාය දෙන සියලු දේශපාලන පක්ෂ දේශද්‍රෝහීන් ලෙස නම් කිරීමට ඔවුන් කටයුතු කරන ලදී. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන පක්ෂය වැනි පක්ෂ තහනම් පක්ෂ බව ජ.වි.පෙ. නිවේදනය කරන ලදී. මේ වන විට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් සන්නද්ධ කණ්ඩායමක් රට තුළ මතුව එමින් තිබිණි. ඔවුන් පළාත් සභා සහ ඉන්දු ලංකා ගිවිසුම පිළිගත් පාර්ශ්වයන්ට තර්ජනාත්මක පණිවුඩ යැවීම ඒ වන විටත් අරඹා තිබිණි. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පළාත් සභාවන්ට පක්ෂ වූ සියලු පක්ෂවල සාමාජිකයන් වහා එම පක්ෂවලින් ඉල්ලා අස්විය යුතු බවත්, නොඑසේ නම් ජීවිතයෙන් වන්දි ගෙවීමට සූදානම් විය යුතු බවත් පවසා ලිපි මගින් දැනුම් දෙන ලදී. මේ ලිපි සඳහා අස්සන් කර තිබුණේ කීර්ති විජයබාහු නමැත්තෙකි. ඔහු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අණදෙන්නා වශයෙන් එම ලිපිවල සඳහන් කර තිබිණි.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනු අනෙකක් නොව ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයම බව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් කියැවෙන්නට විය. එහෙත් ජ.වි.පෙ. එය අඛණ්ඩව ප්‍රතික්ෂේප කරන්නට විය. ආණ්ඩුව ලංකවේ මුල්ම පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්කරනුයේ මේ අවස්ථාවේදීය. ඒ අනුව උතුරුමැද, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වල පළාත් සභා මැතිවරණය 1988 අප්‍රේල් 28 වැනිදාත්, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත් සඳහා පළාත් සභා සඳහා මැතිවරණ 1988 ජූනි 02 වැනිදාත් පැවත්වීමට නියම විය. මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සක්‍රීය විය. මැතිවරණයට නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයන් විශාල පිරිසක් මැතිවරණයට පෙර ඝාතනය කරන්නට ඔවුන් සමත් විය. ඒ සමගම ඡන්දය දෙන පළමු දසදෙනා මරාදමන බවටත් අනතුරු අඟවා තිබීම නිසා බොහෝ දෙනෙක් ඡන්දය දීමට යාමට බියවිය. ද්‍රෝහීන් ලෙස නම්කර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඝාතනය කරන ලද අයගේ මෘත දේහයන් දණහිසෙන් උඩට එසවීම පවා ඇතැම් ස්ථානවල තහනම් කර තිබිණි. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග, එ.ජා.ප. මහ ලේකම්වරුන් වූ හර්ෂ අබේවර්ධන සහ නන්දලාල් ප්‍රනාන්දු, ජිනදාස වීරසිංහ, ලයනල් ජයතිලක,මෙරිල් කාරියවසම්, එස්.බී. යාලේගම, ජී.වී.එස්. ද සිල්වා, ඩබ්ලිව්.එම්.පී.ජී. බණ්ඩා යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තුවක්කුවට බිලිවිය. ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිව සිටි මාහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, මහජන පක්ෂයේ අනුශාසක පොහොද්දලමුල්ලේ ප්‍රේමාලෝක හිමි, වල්ලේතොට පඤ්ඤාසීහ හිමි, කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි, වැනි විශාල පිරිසක් එකල දේශප්්‍රමී ජනතා ව්‍යාපාරය විසින් ඝාතනය කරනා ලදී. ඊට අමතරව විශාල රාජ්‍ය දේපළ ප්‍රමාණයක්ද එකල ගිනිබත් විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට පිළිතුරු දෙන්නට ප්‍රා, කළු බළල්ලු වැනි සංවිධාන බිහිවූ අතර, දෙපිරිස තරගයට මරාගැනීම නිසා ශ්‍රී ලංකාවට දකුණු ආසියාවේ මස් මඩුව බවට පත්වීමට ගතවූයේ කෙටි කලකි.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනු තම පක්ෂයේ සන්නද්ධ අංශය නොවන බව ජ.වි.පෙ. පැවැසුවද රෝහණ විජේවීර ඝාතයෙන් පසු පක්ෂයේ නායකත්වයට පත්වූයේ එම ව්‍යාපාරයේ අණදෙන නිලධරියා වූ කීර්ති විජේබාහු නොහොත් සමන් පියසිරි ප්‍රනාන්දුය. 1989 නොවැම්බර් 29 දා රත්නපුරයේදී පවත්වන ලද දේශපාලන බලමණ්ඩල රැස්වීමේදී ඔහු මෙම තනතුරට පත්කර ගත් බව චන්දන කාරියවසම් සිය ‘ඔප්ස් කම්බයින්’ කෘතියේ සඳහන් කරයි. එහෙත් නායකත්වයට පත්ව ඉතා කෙටි කලක් තුළ ඔහු හමුදාවෙන් මැරුම් කෑවේය. ඒ අනුව එදා රට බියපත් කළ දේශප්්‍රමී ජනතා ව්‍යාපාරය යනු ජ.වි.පෙ. සන්නද්ධ අංශය බව දැන් තහවුරුවී හමාරය.

කෙසේ වෙතත් පසුකාලීනව ශ්‍රී ලනිපය පළාත් සභා පිළිගෙන ඊට තරග කරන්නට විය. මුල්ම පළාත් සභා මැතිවරණයට තරග නොකළද 1999 පැවැති පළාත් සභා මැතිවරණයට ජ.වි.පෙ. තරග කළේය. එදා ජ.වි.පෙ. බස්නාහිර පළාත් සභාවේ සිය මහ ඇමැති අපේක්ෂකයා වූයේ විමල් වීරවංශ බව විකිපීඩියා වෙබ් අඩවිය සක්ෂි දරයි. ඡන්දය දිනාගන්නට නොහැකි වුවද ඔහු බස්නාහිර පළාත් සභාවට පත්කරන්නට පක්ෂය කටයුතු කරන්නේය. 13 වැනි සංශෝධනයට ජ.වි.පෙ. එකඟ නම් 1987 පළාත් සභා ක්‍රමය ඇතිකරද්දී ඊට පක්ෂව සිටි ජනතාව මරාදැමීම වැරැද්දක් බව පිළිගත යුතු යැයි විමල් වීරවංශට ඒ මොහොතේ නොසිතුණේදැයි අපි නොදනිමු. එමතුදු නොව විමල් වීරවංශගේ අසාහාය නායකයාව සිටි මහින්ද රාජපක්ෂ පළාත් සභාවලට 13¤ දෙන්නට කතා කරද්දී ඊට එරෙහි වන්නට ඔහුට නොසිතුණේ මන්දැයි අප නොදිනිමු. වීරවංශ, හරිනි අමරසූරියගෙන් 13 ගැන කරන ප්‍රශ්න කිරීම ප්‍රශ්නයක් වන්නේ මෙන්න මේ පසුබිම තුළය. ජවිපෙන් පළාත් සභාවකට තරග කර, එහි සභික ධුරයක් දරූ විමල්ගේ හැසිරීම නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරය දරන අනුරාධා යහම්පත් එකී ධුරය දරන අතර, පළාත් සභාවන්ට ඉඩම් සහ පොලිස් බලතල දීමට එරෙහිව මහානායක හිමිවරුන්ට ගතු කියන්නට මහනුවර යෑමට දෙවැනි නැති බව පැවැසිය හැකිය.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

තුර්කියේ භූ කම්පනය ගැන හරියටම අනාවැකි කියූ අපූරු මිනිසා…

Next Post

නීති විරෝධීව ඉහළ දාපු විදුලි බිල පිළිගන්නේ නෑ! ආපු ගමන් මම නඩු දානවා! උපයෝගිතා කොමිසමේ සභාපති ජනක පිටරට ඉඳන් සූම් එකෙන් එයි! VIDEO

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

පුංචි තිරය හරහා ප්‍රේක්ෂක සිත් සොරාගත් ඇය, කාලෙකින් නිර්මාණයකින් දැකගන්න ලැබුණේ නැහැ. හැබැයි ඇයට තියෙන ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක්...

Read more
තෙල් අඩු කළා!

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.