• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හතරවටෙන්ම පහර වදින-ඇමැතිවරු අස්වෙන්න හදන
මොකද්ද මේ ඥානසාර හිමියන්ට ජනපති දුන් බලය! කියවලාම දැනගන්න!

November 9, 2021
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ඥානසාර හිමිට අපරාධ නඩුවක්! පාස්කු අමාත්‍ය කමිටුවෙන් නිර්දේශයක්!!
Share on WhatsAppShare on Facebook

බැබිලෝනියානු නීතිය, රෝම නීතිය, ඊජිප්තු නීතිය ලොව අතිශයින්ම ඉපැරැණි නීති සම්ප්‍රදායන් ලෙසට සැලකෙයි. මෙම නීති සංස්ථාවන් වසර 1500 – 3000 පමණ කාලයක් දක්වා ඉපැරැණි ඒවා වෙයි. කෙසේ හෝ කලින්, කලට මෙම නීති සම්ප්‍රදායන් හරහා ලෝකයේ එක්, එක් රටවලට ආවේණිකව විවිධ නීති පද්ධතීන්ද බිහිවන්නට විය. නීතිය යනු මිනිසාගේ යහපත් පැවැත්මට සහ යහපත් සමාජයක් ගොඩනැඟීමට ඉවහල් වූ මෙවලමක් ලෙස අර්ථ ගැන්වෙයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ලොව පුරා බොහෝ රටවල නීතිය වල්වදින්නට ගත්තේය. ඒ හෙයින්ම ලොවටත්, මිනිසාටත් සිදුවූ විනාශය අනන්තය. ‘නීතිය බල්ලට ගිහිල්ලා’ යැයි කියන්නේ එවිටය. පසුගිය කාලයක් පුරා මෙසේ ‘නීතිය බල්ලට ගිය රටක්’ ලෙස බොහෝ පිරිස් ශ්‍රී ලංකාවද හඳුන්වන්නට වූහ. තවමත් මෙරට එසේ පවතින්නේ දැයි විටෙක සැකයකින් තොරවද සිතෙයි.
ශ්‍රී ලංකාවටද ඇත්තේ නොයෙකුත් නීති පුරාවෘත්තයන් රැසකි. උඩරට විවාහ දික්කසාද නීතිය, උඩරට අනුප්‍රාප්ත නීතිය, තේසවලාමේ නීතිය, මුස්ලිම් විවාහ දික්කසාද නීතිය, යාපනය විවාහ අනුප්‍රාප්ත නීතිය, මුස්ලිම් අනුප්‍රාප්ත නීතිය, බෞද්ධ විහාර සහ දේවාලගම් නීතිය, හින්දු සංස්කෘතික නීතිය, මුස්ලිම් වකුබ් නීතිය, චර්ච් ඔෆ් සිලෝන් නීතිය ආදී වශයෙන් මේ වන විටද බලගැන්වෙන අරුම, පුදුම නීති පද්ධති රැසක්ම මෙරට ඇත. එක අතකින් මෙම වගතුග ඇසෙන විටදී මෙයට විටෙක තෝරාබේරා ගතනොහැකි ප්‍රශ්නයක් ලෙසින් පෙනෙයි. එහෙත් නීති විශාරදයින් විසින් මෙම නීති පද්ධති රැසම අර්ථ දක්වන්නේ, සාම්ප්‍රදායික නීති, රීති සංස්ථාවක් ලෙසය. ඔවුන් ප්‍රකාශ කරන්නේ කුමන නීති, රීති පද්ධති තිබුණද, මේ රටේ තිබෙන්නේ නීති පද්ධති දෙකක් පමණක් බවයි. එය නම් ‘අපරාධ නීතිය’ සහ ‘සිවිල් නීතිය’යි. මෙම නීති පද්ධති දෙකම මෙරට වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ජාතීන්ටම පොදු එකක් බවට ඔවුහු අර්ථ දක්වා සිටිති.

මේ නිසා තවම මේ රටේ තිබෙන්නේ එකම නීතියක් බැව් ප්‍රවීණ නීති විශාරදයෝ අවධාරණය කරති. එක්, එක් ජනවර්ගවලට යම් සාම්ප්‍රදායික නීති, රීති කිහිපයක් තිබුණත්, පොදුවේ මේ රටේ සෑම පුරවැසියකුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වන හෙයින්, ඒ සියල්ලන්ටම තිබෙන්නේද එකම පොදු නීතියක් බැව් ඔවුහු අවධාරණය කරති. එය නම් ‘අපරාධ නීතිය’ සහ ‘සිවිල් නීතිය’ පමණකි. මෙවැනි විවිධ නීති කතා ගලාගෙන යන පසුබිමකදී, මෙයට දින කිහිපයකට පෙර ආරංචි වූයේද එක්තරා අලුත්ම නීති කතාවකි. එය නම් ‘එක රටක්-එක නීතියක්’ නම් අමුතුම ආකාරයේ වගතුගකි. එනම් ‘ශ්‍රී ලංකාවට එකම නීතියක්’ යන අර්ථයකි. මෙම තේමා පාඨයත් සමගම එළිදැක්වුණු අනෙක් පාඨය වූයේ ‘කාර්ය සාධක බළකාය’ යන්නය. මෙය නිකම්ම කාර්යසාධක බළකායක් නොව, ‘ජනාධිපති කාර්යසාධක බළකායක්’ වීම කතාව තවත් බැරෑරුම් විය. වදන් දෙකම එකතුවූ තැන එය ‘එක රටක්-එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය’ ලෙසට නම් කෙරිණි.

මෙම නවතම ජනාධිපති කාර්යසාධක බළකායේ නායකත්වයට නොහොත් සභාපති ධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් පත්කළ බැව්ද ප්‍රකාශ විය. පූජ්‍ය ඥානසාර හිමියන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ධුරයද උසුලන අතර, එම සංවිධානයේ ප්‍රධානියා ලෙසද සැලකෙයි. පසුගිය සමයේ ශ්‍රී ලංකාව තුළ උද්ගතවූ විවිධ සිද්ධීන් කිහිපයක් උදෙසා මෙම භික්‍ෂුන් වහන්සේ සම්බන්ධ වීම හේතුවෙන් ඔහු යම් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වී තිබිණි.

මෙවැනි වටපිටාවක් තිබියදී ජනාධිපතිවරයා විසින් ‘එක රටක් – එක නීතියක්’ වෙනුවෙන් ස්ථාපිත කරන ලද ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියා ලෙසට පත්වීම තවත් ආන්දෝලනාත්මක ක්‍රියාවලියක් විය. මෙම නව කාර්යසාධක බළකායට තවත් සාමාජිකයන් 13ක්ද, අයත් වෙති. මෙම ජනාධිපති කාර්යසාධක බළකාය පිහිටුවීම උදෙසා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයක්ද නිකුත් කළේය. මෙම කාර්යසාධක බළකායේ ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජීවන්තී සේනානායක පත්කර ඇත.

‘එක රටක්-එක නීතියක්’ වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන ජනාධිපති කාර්යසාධක බළකායට පැවරී තිබෙන ප්‍රධාන වගකීම් දෙකකි. ඉන් පළමු වැන්න වන්නේ, රට තුළ ‘එක රටක්-එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමයි. අනෙක් දෙවැන්න වන්නේ, මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම සහ දැනට සකස් කොට තිබෙන පනත් කෙටුම්පත් පිළිබඳව අධ්‍යයනය කිරීම සහ සංශෝධන ඉදිරිපත් කිරීමයි. මෙම ක්‍රමවේදය යටතේ අවසානයේදී 2022 වසරේ පෙබරවාරි 28 වැනිදාට පෙර අවසන් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ වගකීමද ජනාධිපති කාර්යසාධක බළකායට පැවරී තිබෙයි. එනම් මෙම කටයුතු ආරම්භ කෙරී මාස 4ක කාලයකින් මෙහි අවසන් වාර්තාව ඉදිරිපත් කළ යුතුය. මෙම වැඩපිළිවෙල ගැසෙට්ටුව තුළින් ඉංග්‍රීසි භාෂාවකින් හඳුන්වා දී ඇත්තේ ‘One Country-One Law’ Presidential Task Force ලෙසටයි. රටේ සෑම පුරවැසියෙකුටම නීතිය සමාන විය යුතුය යන්න මෙම වැඩපිළිවෙල් ප්‍රධාන තේමාවයි.

දැන් ඔබට මෙම කතාවේ බොහෝ දුරක් හොඳින් අවබෝධ වී ඇතැයි සිතමි. එහෙත් එහි වගතුග තවත් බොහෝ ඇත. මෙම නව ජනාධිපති කාර්යසාධක බළකාය බොහෝ ප්‍රබල බලතලවලින් එකක් බවට කරුණු ප්‍රකාශ වෙයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ‘එක රටක්-එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්යසාධක බළකාය ස්ථාපනය කෙරුණු බැව්, පසුගිය ඔක්තෝබර් 26දා ප්‍රකාශිත වූ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වෙයි. ඒ අනුව මෙයට අදාළ වන සියලු නියෝගයන් සහ බලතල ලබා දෙන්නේ ඍජුවම ජනාධිපතිවරයා හරහා බැව් පැවසෙයි. මෙම කාර්යසාධක බළකායේ සභාපති, ලේකම් සහ අනෙකුත් සාමාජිකයන් 12දෙනාද ඍජුවම පත්කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි. එසේම මෙම සාමාජික මණ්ඩලය මාසයකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තා ඉදිරිපත් කළ යුතු අතර, අවසන් වාර්තාව 2022 පෙබරවාරි 28 වැනි දිනට හෝ ඊට පෙර ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත. පසුගියදා නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රයේ මේ ලබා දී ඇති බලතල ගැන සඳහන් වන්නේ මෙසේය.

■ මෙම ජනාධිපති කාර්යසාධක බළකාය වෙතින් උපදෙස් නිකුත් කරනු ලැබිය හැකි නැතහොත් සේවා සැපැයීම පිණිස සහාය ඉල්ලා සිටිය හැකි සියලුම රජයේ නිලධරයන් සහ සෙසු තැනැත්තන්ට තත්කාර්ය සම්බන්ධයෙන් නිසි අයුරින් පිළිපැදිය හැකි එබඳු උපදෙස්වලට අනුකූලව ක්‍රියා කළ යුතු යැයිද, ලබාදිය යුතු සියලුම සහාය සැලැසිය යුතු යැයිද, සැපැයිය හැකි සියලුම තොරතුරු ලබා දිය යුතු යැයිද, මම මෙයින් සියලුම නිලධරයන්ට හා සෙසු තැනැත්තන්ට නියම කොට විධානය කරමි.

■ තවද, කිසියම් රාජ්‍ය සේවකයකු හෝ කිසියම් අමාත්‍යාංශයක, රජයේ දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්කෘතික හෝ වෙනත් එබඳු ආයතනයක නිලධාරියකු විසින් පෙර කී කාර්යසාධක බළකාය විසින් පවරන ලද රාජකාරී ඉටුකිරීම ප්‍රමාද කරන හා පැහැර හරින සියලුම අවස්ථා මා හට වාර්තා කරන ලෙස පෙරකී කාර්යසාධක බළකායට මම මෙයින් නියම කොට විධාන කරමි.

ඉහත රාජ්‍ය නිල භාෂාවෙන් ප්‍රකාශ වන්නේ එම ලබාදී ඇති ප්‍රබල බලතලය. මෙහි ‘මා’ සහ ‘මම’ ලෙසින් හඳුන්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙයි. එසේම අතිගරු ජනාධිපතිතුමන්ගේ අණ පරිදි මේ විධානයන් ඉටුකළ යුතු බවටද එහි කරුණු ප්‍රකාශ වෙයි.

මේ ආකාරයේ බලතල පැවරීමක් හේතු කරගෙන ඉදිරි කාලයේදී මෙම ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානත්වයට පත්කර තිබෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉතා ප්‍රබල බලතල ඇති පුද්ගලයකු බවට සමාජය තුළ පත්වන්නේද? මෙය පසුගිය දිනවල සමාජයේ විවිධ පාර්ශ්ව ගණනාවකින්ම අසන ලද පැනයකි. මෙහිදී විවිධ නීතිමය පාර්ශ්ව කියා සිටියේ, එම බලතලවලට අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රධාන කාර්යසාධක බළකායට රට තුළ පවතින ඕනෑම අදාළ රාජ්‍ය ආයතනයක් වෙත තම නියෝගයන් නිකුත් කළ හැකි බැව්ය. එහිදී රටේ නීති ව්‍යුහයට අදාළ වන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන අධිකරණ අමාත්‍යාංශයට පවා නියෝග සහ බලපෑම් නිකුත් කළ හැකි බැව් ඔවුන් පවසා ඇත. කෙසේ ඒ බැව් කාර්යසාධක බළකායේ ගැසෙට්ටුවේ අංක 02කට ඉදිරිපත් කර ඇති නිල රාජකාරී ක්‍රියා පිළිවෙත යටතේ දක්වා ඇත. එනම් අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වන විට මෙම විෂයට අදාළව සකස්කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයනය කොට, ඒවායේ යෝග්‍යතාවය හා සුදුසු සංශෝධන වේ නම්, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි අදාළ නව කෙටුම්පතට ඇතුළත් කිරීම එම කාර්යයයි.

කෙසේ හෝ මෙවැනි වටපිටාවක් යටතේ පසුගියදා වත්මන් අධිකරණ ඇමැති අලි සබි්‍ර ප්‍රකට ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශයක්ද සිදුකර තිබිණි. මෙවැනි කාර්යසාධක බළකායක් පත්කරන බව තමන් දැන නොසිටි බව සඳහන් කර ඇති අධිකරණ ඇමැති අලි සබි්‍ර මහතා, තමන්ගේ අදහස් විමසීමකින් තොරව මෙකී කාර්යසාධක බළකාය පත්කර ඇති බවද, ඒ සම්බන්ධයෙන් තමන් නොසතුටට පත්ව සිටින බවද එම ඉංග්‍රීසි පුවත්පත් වාර්තාවේ සඳහන්ව තිබූ බැව් වාර්තාා විය. මෙම ගැසෙට්ටුවට අනුව අධිකරණ අමාත්‍යාංශයට පමණක් නොව, රජයේ ඕනෑම ආයතනයකට සහ ඒවායේ සිටින ඕනෑම තරාතිරමකම නිලධාරියකුට හෝ නියෝග නිකුත් කිරීමේ බලය අදාළ කාර්යසාධක බළකායට ඇත. එමෙන්ම මෙහිදී ප්‍රකාශ වන අනෙක් ප්‍රබල කරුණ නම්, එසේ එම රාජ්‍ය ආයතනවල නිලධාරීන් යම් අයුරකින් සේවය පැහැර හරින්නේ නම්, එම තොරතුරු කෙළින්ම ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීමේ බලයද කාර්යසාධක බළකාය වෙත ලබා දී ඇත. මෙහිදී අදාළ බළකායේ හිමියන් වන හෙයින් එහි වැඩි බලතල උන්වහන්සේට හිමිවනු ඇතිය.

මෙයට හොඳම නිදර්ශනයක්ද පසුගියදා ප්‍රකාශ වී තිබිණි. එනම් මෙම බළකාය පිහිටුවීමෙන් පසුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කර තිබුණේ, තමන්ගේ නායකත්වයෙන් යුත් බොදුබල සේනා සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාද මෙම නව කෙටුම්පතට ඇතුළත් කරන බැව්ය. එනම් අවසාන පනත පිළියෙල කරන විටදී ඒවා අන්තර්ගතවීමක් සිදුවනු ඇතිය. එසේම මෙම කාර්යයන්හිදී බොදුබල සේනා සංවිධානය ඉතාමත් ප්‍රධානතම මෙහෙවරක් ඉටුකරනු ඇති බැව්ද, හිමියන් පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. එවිට බලන විට රාජ්‍ය ආයතන පමණක් නොව එවැනි සංවිධානද මෙම කාර්යය සඳහා ප්‍රබලව මැදිහත් වෙමින් ඇත.

කෙසේ හෝ මෙම ‘එක රටක්-එක නීතියක්’ සභාවේ එක්තරා කූඨප්‍රාප්තියකටද පසුගියදා පත්වූයේය. එනම් මෙම ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියා ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීම ගැන දෙස්-විදෙස් විවිධ පාර්ශ්ව ගණනාවකින්ම ඉතාම දැඩි විරෝධයක් එල්ල වීමය. එනම් උන්වහන්සේ පසුගිය සමයේදී එක්තරා සිද්ධියකදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට, පසුව අධිකරණය මගින් වරදකරුවකු කර සිරදඬුවම්ද නියම කරන ලදී. වසර 06කට එම සිරදඬුවම නියම වූ අතර, එහෙත් කෙටි කාලයකින් ඔහු ජනාධිපති සමාව ලබා සිරෙන් නිදහස් විය. මෙවැනි වටපිටාවක් ඇති අයකු ‘එක රටක්-එක නීතියක්’ කාර්යසාධක බළකායේ ප්‍රධානත්වයට ජනාධිපතිවරයා විසින් පත්කිරීම කිසිසේත්ම නොසුදුසු ක්‍රියාවක් බැව් එම පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේය. එසේම පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණු පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකෙරුණු ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවට අනුවද, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකි දැයි නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට නිර්දේශ කර තිබිණි. මෙවැනි තත්ත්වයක් යටතේ නීති ක්‍ෂේත්‍රයට අදාළ ඉහළ තානාත්තරයක් උන්වහන්සේට ලබා දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි මෙම පාර්ශ්ව ගණනාවක් අදහස් ප්‍රකාශ කර තිබිණි. කතෝලික රදගුරු සමුළුව මේ සිදුවීම පිළිබඳ තම බලවත් විරෝධය නිල ප්‍රකාශයක් මගින් නිකුත් කර තිබිණි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, රජය වහාම මෙම ගැසෙට්ටුව අවලංගු කර දැමිය යුතු බැව්ය. එහෙත් දැන් බෝම්බය පත්තු වී හමාරය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සීනියි සිමෙන්තියි හාලුයි නැති රටට… මැනලයි පුතේ කිරි දෙන්නේ දැන් තොපිට…!

Next Post

බඩු මිල ගැන සිරා ලියපු සිරා කතුවැකි සිරාවටම කියවමුද?

MORE NEWS

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

මේ වසරේ ගතවූ මාස හතරක කාලය තුළ අධිකරණ මඟින් පුද්ගලයින් 51 දෙනෙකු චූදිතයින් බවට පත් කර ඇති බව අල්ලස් හෝ...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.