• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

බඩු මිල ගැන සිරා ලියපු සිරා කතුවැකි සිරාවටම කියවමුද?

November 9, 2021
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

පත්තර ලෝකයේ හිටපු විවිධ චරිත අතර බී.ඒ. සිරිවර්ධන මහත්තයා කියන්නේ අකුරුවලින් වෙනස් හරඹ කරපු කෙනෙක්. මේ ඒ විදයට සිරිවර්ධන මහත්තයා ඇත්ත පත්තරේ වෙනුවෙන් දාපු තව අකුරු සෙල්ලමක්.

මෙහෙමත් දුෂ්ටකමක්

මුන් දැන් මිල වැඩිකරන්නේ ‘පුළුවන් නම් හෙඩිං දමාපියව්’ කියා අපටම අභියෝග කරන්නට වගේ යැයි ලාල් කීවේය. අභියෝගය පිළිගෙන කුලසිරි හෙඩිම දැමුවේය.

‘උතුමාණෙනි, දැන් ……..පාන්’

රාත්තල රු.2.16යි?

‘පාඨකයෙනි, අපේ කන්තෝරුවේ ඇතුළත කතාබහකින් මෙය පටන් ගත්තාට සමාවුව මැනැවි. ලාලුත්, කුලසිරිත් අපේ කර්තෘ මණ්ඩලයේ සගයෝ දෙදෙනෙකි. පාන් රාත්තලේ මිල රුපියල් 1.35 සිට රුපියල් 2.16 දක්වා වැඩිකරන්නට යන පුවතට මැයක් යොදාගැනීමට ඇතිවූ සාකච්ඡාවේදී ඔවුන් දෙදෙනා කී කළ හරියයි, පටන්ගැන්මේදී දැක්වූයේ. අමාරු දේ දිරවා ගන්නට හාස්‍ය රසය උදව්වෙකි. අපට රසයක් ගෙනදුන් ඇතුළත සිද්ධියක් මෙසේ එළිපිට පළකරන්නේ අපේ පාඨකයනටද වැඩි මිල පාන් දිරවනු පහසු වනු පිණිසය.

ලාල් කීවා හරිය. මේ ආණ්ඩුව වරින් වර පාන් මිල වැඩි කළ හැම වතාවකම ‘පාන් කියාගන්නත් බෑ’ ‘පාන් නොකාපාන්’ ‘පුළුවන් නම් කාපාන්’ ආදී වශයෙන් අපේ නිර්මාණ ශක්තිය අන්තිමටම හෙම්බත් වන තෙක්ම නොයෙක් ජාතියේ වයිවාරන්න හෙඩිං දැමුවෙමු. උනුත් ඇරියේ නැත. හෙඩිං දමන හැටි බලන්නටමදෝ තව තව මිල නැංවිණි.
කුලසිරි කළාත් හරිය. පුවතට මැය යොදනවා මිස වෙන මොනවාද? දැන්නම් ‘උතුමාණෙනි, ….. පාන් තමා’

ඉවක් බවක් නැතිව හිතක් පපුවක් නැතිව මිනිසුන් කොහොම කනවාද? කොහොම ජීවත් වෙනවාද යනු යන්තමකට සලකන්නේ නැතුව කඩුව අතට ගත් පිස්සකු ලෙසින් හැසිරෙමින් මේ දුෂ්ටයන් එක දිගට කපාගෙන කපාගෙන මිල ඉහළ නංවාගෙන නංවාගෙන යන විට එක් අවස්ථාවක කන්නේ තොපේ කැවුතු දැයි අසන්නට අපට සිදුවිය. එයින් පළවූයේ ඒ අවස්ථාවේදී නැති බැරි මිනිසා තුළ ඇතිවී තිබුණු දැවෙන සාධාරණ කෝපයයි. එතැනදී මිටියාගොඩ කියන අර කහකඩයා අපට විරුද්ධව පෝස්ටරයක් ගසන්නට කැසපට ගසාගෙන ගිය හැටි අපට මතකයි. දැන් අපි ආයෙත් උන් සියලු දෙනාගෙන් අසමු. තොපට නම් කන්නත් ඇත. බොන්නත් ඇත. දුප්පතා කන්නේ තොපේ කැවුතු නැත්නම් රීරිමාංශද? ඒකටත් උත්තර දෙන්නට පෝස්ටරයක් ගසාපියවු. අධර්මිෂ්ඨ දුෂ්ට පාපිෂ්ඨ හැත්ත!

යකඩ දාච්ච ගෙයි පුළුන් හොයන්නා වගේ, සිගරැට් මිල වැඩිකිරීම ගැන අපි කතා නොකරමු. එය අත්‍යාවශ්‍ය දෙයක් නොවේ.

එහෙත් දෙවියනේ, පාන් රාත්තලේ මිල එක හුස්මට සත 81කින් වැඩි කළ විට දුප්පත් මිනිසා ජීවත් වන්නේ කෙසේද? මෙය අමු අමුවේම මිනීමැරිල්ලක් නොවේද?

පාන් පිටි මිල වැඩිකිරීම යනු හාල් මිලද ඒ අනුපාතයටම තව ඉහළ නැංවීමයි. හාල් සේරුව රුපියල් දහයෙන්වත් නවතීද? පරමාණු යුද්ධයකින් ලොවේ මිනිසුන්ගෙන් 90%ක් මළත් ඉතිරි 10%යෙන් සමාජවාදය ගොඩනංවන්නට කතා කළ මාවෝ සේතුං වගේ මුනුත් හදන්නේ ලංකාවේ ජනගහනයෙන් දුප්පත් කොටස මැරෙන්නට හැර ඒ විදියෙන් දුප්පත්කමත්, විරැකියාවත් නැතිකොට උන්ගේ පන්තියට සීමා වූ සමෘද්ධිමත් රටක් ගොඩනංවන්නටද?

මෙවර මිල වැඩිකිරීමේ තීරණය ගෙන ඇත්තේ ඇමෙරිකාව, සෝවියට් දේශයට විකුණන්නට ගිවිසගෙන සිටි ටොන් දස ලක්ෂ ගණනක තිරිඟු තොගයක් විකිණීම තහනම් කෙරෙමින් ජනාධිපති කාටර් පැනවූ නියෝගය නිසා ඇමෙරිකාවේ සියලු ධාන්‍ය වර්ගවල මිල තුට්ටුවට බැස තිබෙන අවස්ථාවක බව සලකන විට, මේ ආණ්ඩුව දුප්පත් ජනතාවගේ ආහාර වේල ගැන කොයි තරම් කුරිරු නපුරු නරුම ආකල්පයක් දරනවාද යනු පැහැදිලි වනු ඇත. සෝවියට් දේශයට නොවිකිණූ ධාන්‍ය ඇමෙරිකානු ගොවියාගෙන් මිලදී ගෙන තුන්වැනි ලෝකයේ ආහාර අහේනියෙන් පෙළෙන රටවල උදව්වට සහන මිලට සපයන්නට ඇමෙරිකානු ආණ්ඩුව තීරණය කොට ඇති බව පසුගිය දිනවල ලොකුවට පළ වූයේ මේ ආණ්ඩුවේ පත්‍රවලමය. ඇමෙරිකාව එසේ කරනවා නම් මේ අවස්ථාවෙහි පාන් පිටි මිල දෙගුණයක් කරමින් එක් වරම මිල නැංවීමෙන් ආණ්ඩුව කරන්නේ ගසාකෑමක් නොවේද?

හොඳයි එහෙම නැත්නම්, ආණ්ඩුව කියන්නේ ඇමෙරිකාව එසේ කීවාට නොකළ බවත්, ලෝක වෙළෙඳ පොළේ තිරිඟු මිල තව ඉහළ නැඟ ඇති බවක්ද? එසේ නොකෙරෙන තෙල් පෙත්සම් අස්සන් කරන්නට තෙල් පුච්චන්නේ නැතිව ධාන්‍ය මිල අඩුකරන සේ ඉල්ලමින් ඇමෙරිකාවට බලපෑම සඳහා පාන් පෙත්සමක් අස්සන් කරන්නට නොබලන්නේ ඇයි? එය වඩා විචාරවත් වැඩක් නොවේද?

ධනපති ලෝකයේ අර්බුදය, අරාබි රටවල් පිට ගසන්නට බැලීම, ලොවේ ධනවාදී, අධිරාජ්‍යවාදී ප්‍රචාරකයන්ගේ වෑයමයි. එහෙත් තෙල් විකුණන රටවල් තෙල් මිල වැඩිකරන්නේ කවුරුවත් රිදවන ආශාවකින් නොව ධනවාදී රටවල් කරන රිදවිල්ලෙන් තමන් බේරීම සඳහාය. ධනපති රටවල් බඩු මිල උස්සන විට තෙල් විකුණන රටවලට විශේෂයෙන්ම වෙන කිසිම සම්පතක් නැති අරාබි රටවලට කළ හැකි එකම දෙය නම් ඒ තත්ත්වයට ඔරොත්තු දිය හැකි පමණට ඔවුන් සතු එකම වෙළෙඳ භාණ්ඩය වන තෙලෙහි මිලද වැඩිකිරීමයි. තෙල් නැතුවම බැරි දෙයක් හෙයින් ඔවුන්ට එය කළ හැකි වීම අතිරේක කරුණක් පමණි. තෙල් මිල අඩුකරන ලෙස අරාබි රටවල පෙත්සම් යැවීම විකාරයක් වන්නේ මේ නිසාය.

පිටි මිලත්, ධාන්‍ය මිලත් අඩුකරන ලෙස ඇමෙරිකාවෙන් ඉල්ලීම එසේ නොවේ. ඇමෙරිකාවට එය කළ හැකිය. ඇෆ්ගනිස්තාන සිද්ධය පිට ගසා, ඇමෙරිකානු ආණ්ඩුව අලුත් යුද්ධායුද නිපැයීම් වැඩිපුර ඩොලර් ලක්ෂ කෝටි ගණනක වියදම් දැනට පාර්ලිමේන්තුවෙන් අනුමත කරවාගෙන ඇත. පාකිස්තානයට අලුතින් දෙන්නට එකඟවී ඇති ඩොලර් 40 කෝටියේ ආයුද තොගයද තව කෝටි ගණනකින් වැඩිකිරීම ගැන දැන් සැලකිල්ල යොමුවී තිබේ.

මිරිස් නැතිවම බැරිද?

මිරිස් රාත්තල රුපියල් විසිදෙකයි පනහයි, විසිපහයි. අපි කන්නේ කොහොමදැයි මිනිස්සු අසති. කෑමේ වැරැද්ද සහෝදරවරුනි, කෑමේ වැරැද්ද යනුවෙන් අපි පිළිතුරු දෙමු.
අපේ මිනිසුන් වැඩි දෙනකුට තුන් වේලෙන් එක වේලකටවත් මිරිස් නැතිව කන්න බැරිය. උදේට රොටී කන්න කට්ට සම්බෝලෙට මිරිස්, දවාලට බත් කන්නට පිරිප්පු හොද්දට මිරිස්. රෑට පාන් කන්න සම්බෝලෙට මිරිස්. මිරිස් මිරිස් මිරිස්… මොන එහෙකට මේ හැටි මිරිස් කනවද?

හුඟක් ලෙඩ රෝග හැදෙන්නේ මිරිස් නිසාය. බඩවැලේ හැදෙන ‘ගැස්ටි්‍රක් අර්සර්ස්’ කියන තුවාලවලටත්, සමේ රෝගවලටත් ප්‍රධාන හේතුවක් නම් මිරිස් කෑමයි. මිරිස් නිසා අරිසස්ද තද වෙයි. අපේ වගේ උෂ්ණාධික ඝර්ම කලාපීය රටවල මිරිස් කන මිනිසුන් හට දෙගුණයක් කේන්තිද යයි. සමාජවාදය කාරිය එන තෙක් ඉවසා ඉන්නට බැරිවී තිබෙන්නේත් මේ නිසාය.

අනෙක් අතට මිරිසේ කිසිම ගුණයක් නැත. ප්‍රෝටීන්, කැරටීන්, විටමින්, මිනරල්ස් කිසිවක් නැත. නිකම් හාස් හූස් ගා කට දනවා විතරය.

අයියා, කන්නට බයද? කන සැටි මම පෙන්වමියි කියන සගයෙක් අප අතර සිටී. ඔහුගේ කතාව අනුව මිරිස් නැතිව කන්න බැරි යැයි කියන මෝඩ මිනිසුන්ගේ දැනගැනීම පිණිස මිරිස් නැතිව කන හැටි අපි පෙන්වමු. අප ඵලදායක යෝජනා ඉදිරිපත් නොකොට නිකම් විවේචන කරනවා පමණ යැයි චෝදනා කරන අයටද පිළිතුරක් වශයෙන් මිරිස් නැතිව කන හැටි ඵලදායක ලෙස පෙන්වා දෙමු.

උදේ කෑමට මුලින්ම අන්නාසි කෑල්ලක්, පැපොල් පළුවක්, ග්‍රෙප් ෆෘට් භාගයක් වැනි පලතුරක් ගෙන, ඉන් ඉක්බිතිව බේකන් සහ බිත්තර සමග බටර් ගෑ (ජෑම් හෝ මාමලේඩ් සමග) පාන් පෙති දෙකක් හෝ තුනක් ගත හැකියි. බිත්තරය, හාෆ් බොයිල්, ෆුල් බොයිල්, බුල්ස් අයි, ස්ක්‍රැම්බල්ඩ් ආදී නොයෙක් තාලයට හදාගත හැකියි. චීස් ටිකක්ද ගත්තාට කමක් නැත. වර්ග කිහිපයක්ම ඇත.

දවාලට බත් කන්නම වුවමනා නම් සම්බා හාලේ බතට පොතු ඇරපු ඉස්සන්, හීනියට ලියන ලද හැම්, බිත්තර, කැරට්, ලීක්ස් වැනි එළවළු ආදිය මුසුකොට ෆ්‍රයිඩ් රයිස් සාදාගෙන මිරිස් නැතිව පිළියෙල කරන චීනුන්ගේ ‘චොප්ස්වේ’ වැනි කකුළුවන්, මස් ආදිය මිශ්‍ර හොද්ද සමග අනුභව කළ හැකිය. කෑමට පෙර සුප් එකක් ගැනීමේ දොසක් නැත. කෑම කා ඉවරවී ඩෙසර්ට් එකට ෆෘට් සැලඩ්, අයිස් ක්‍රීම්, පුඩිං වැනි යමක් ගත හැකිය. අන්තිමට කෝපි ටිකක් හොඳය.

එහෙම නැතුව කෝසස් ගන්නවා නම් බැදපු හෝ තම්බාපු කුකුළෙක්, කුකුළු පලුවක්, ලොකු මාළු පෙත්තක් හෝ මස් පෙත්තක්, බාගෙට තම්බාපු එළවළුද, අමුවෙන් පෙති ගැසූ පිපිඤ්ඤා සහ තක්කාලිද, සලාද කොළද සමග වැලඳිය හැකියි. අතුරුපස ආදිය බතට සේමයි.

සවස තේවලට හැම් සැන්ඩ්විචස් හෝ බිත්තර සැන්ඩ්විචස්, පැටිස්, කට්ලට් වැනි දෙයක් සුදුසුය. තේ බොන වෙලාවට තේ ගතයුතු බව කිවමනා නොවේ. කිරි යහමින් මිශ්‍ර කළ යුතුය.

රෑට බත් අඩුකරන තරමට හොඳය. බත්ද මිරිස් වගේ දෙයකි. බතෙහි වැඩියෙන්ම ඇත්තේ කාබෝහයිඩ්‍රේට්ස් හෙවත් පිෂ්ට ධාතුය. නිකම් කිඹුලා කිරිමැටි ගිලින්නාක් මෙන් බත් ගිලීමෙන් සිදුවන්නේ බඩ මහත්වීමත්, සීනි වැඩිවීමත් පමණයි. මේ නිසා රෑට බැදපු තෝර මාළු පෙත්තක් සමග ලයිට් කෝස් එකක් ඉතා උචිතය. සෝස් පාවිච්චි කරනවා නම් වයිට් සෝස් වඩාම හොඳය. ඩෙසර්ට් එකටද සැහැල්ලු පලතුරක්ම සුදුසුය. අන්තිමට කෝපි ටිකක් ගත් විට (එයට බ්‍රැන්ඩි ටිකකුත් මුසු කරනවා නම් හුඟක්ම හොඳය) ඇඟට සනීපයකුත් දැනෙයි. හොඳට නින්දත් යයි.

මේ කෑම රසයි, ගුණයි, අත්දුටුවයි, සත්තයි. කෑවොත් බඩේ තමයි. මේ තරම් හොඳ කෑම ජාති තිබියදී බතුයි, කොසුයි, බතලයි, මඤ්ඤොක්කයි, පිට්ටුයි, රොටීයි අර ප්‍රංශයේ විප්ලවය කළ නොසණ්ඩාල හැත්ත පාන් ඉල්ලා කෑගැහුවා වැනිම කාලකණ්ණිකමක් නොවේද?

1972.11.14

SendShareShare
Previous Post

හතරවටෙන්ම පහර වදින-ඇමැතිවරු අස්වෙන්න හදන
මොකද්ද මේ ඥානසාර හිමියන්ට ජනපති දුන් බලය! කියවලාම දැනගන්න!

Next Post

විශ්‍රාම වැටුප කපාගන්නා ගැසට්ටුවත් ආණ්ඩුව රිවස් කර ගනී!

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.