ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 5 දෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළව ලිපි බාර දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කටයුතු කොට ඇත.
ලක්ෂමන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා, එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා සහ ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන්ට මෙලෙස ලිපි බාර දී ඇති ජයසේකර මහතා දින 7 ක් ඇතුළත කරුණු දක්වන ලෙස ද එම ලිපි මගින් ඔවුන්ට දැනුම් දී තිබේ.
කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ඇති විශේෂ සිදුවීම වන්නේ පක්ෂයෙන් ඉවත් වූ එක් පිරිසකට පමණක් විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබුණද පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් නිර්මාණය කොට එහි නායකත්වයද ප්‍රසිද්ධියේම ගත් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රීලනිපය කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගැනීමය.