සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රිලනිපයේ 68 වැනි සම්මේලනය අවසන් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ නිවසේ පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වී තිබේ.
මුලින් මෙම රාත්‍රි භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා සහභාගි නොවනු ඇති බවට අදහස් පළ කෙරුණද සාදය මැද හරියේදී හිටිහැටියේම ජනාධිපතිවරයා ඊට එක්ව ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව බොහෝ වේලාවක් ජනාධිපතිවරයා ඉතා සැහැල්ලුවෙන් සිය මන්ත්‍රිවරුන් සමග සිනාසෙමින් ප්‍රීතියෙන් කාලය ගත කර ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි.
සම්මේලනයට සහභාගී වූ මන්ත්‍රිවරුන් රැසක්ම ඊට සහභාගිව සිටි බවක්ද දැනගන්නට ඇත.