පන්නල පරගම්මල රක්ෂිතයේ තිබී හමුවී ඇති ක්ලේමෝ බෝම්බ තුන කිසිදු වැඩකට ගත නොහැකි ඉතා පැරණි ඒවා බව මේ වනවිට තහවුරු කරගෙන ඇත.
කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පන්නල පරගම්මල වන රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන තිබිණ.
සියලුම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මෙම ක්ලේමෝ බෝම්බ කිසියම් ප්‍රභූ ඝාතනයක් සදහා මෑතකදී ගෙනැවිත් ඇති අලුත් ඒවා ලෙස හැගෙන පරිදි වාර්තා කර තිබුණද එම ක්ලේමෝ බෝම්බ කිසි වැඩක් ගත නොහැකි දිරාපත්ව ගිය ඒවා බව තහවුරු කොටගෙන ඇත.











