• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

නොවැම්බර් 05 ගුරු මාරුවෙන් ‌ගෝඨාට-සජිත්ට ‌මොනවා ‌වෙයිද?

October 19, 2019
in News
Reading Time: 2 mins read
A A
නොවැම්බර් 05 ගුරු මාරුවෙන් ‌ගෝඨාට-සජිත්ට ‌මොනවා ‌වෙයිද?
Share on WhatsAppShare on Facebook

බ්‍රහස්පති ග්‍රහයා 2019 නොවැම්බර් මස 05 වැනි කුජ දිනට එළිවන පාන්දර 05.25ට තම ස්වක්‍ෂේත්‍ර රාශියක් වන ධනු රාශියට පැමිණීමට නියමිතය. ගුරු ග්‍රහයා 2020 නොවැම්බර් 20 දක්වා ධනු රාශිය හරහා ගමන් ගනී. 2019 නොවැම්බර් 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේත්, සජිත් ප්‍රේමදාස මැතිතුමාගේත් ජන්ම කේන්දර සටහන්වලට අනුව මෙම ගුරු මාරුව ඔවුන්ගේ මැතිවරණ ජයග්‍රහණයට කෙසේ බලපාන්නේ දැයි සොයා බලමු.
1949 ජුනි 19 වැනි ඉරිදා උපත ලැබූ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ජන්ම පත්‍රයේ ගුරු ග්‍රහයා මකර රාශිය තුළ වක්‍රව, අංශක 07 කලා 01කින් පිහිටා ඇත. ගුරු මකර රාශියේදී නීච වන අතර, වක්‍රව යන ග්‍රහයා නීච වූ විට උච්ච බලය ලබා දෙන බවට ජ්‍යොතිෂ සිද්ධාන්තයක් පවතී. ඒ අනුව ගෝඨාභය මැතිතුමාගේ ගුරු ධනුට උච්ච බලයම ගෙන දීමට සමත් වෙයි. නොවැම්බර් 05 වැනි දින ගුරු පැමිණෙන්නේ ඔහුගේ වෘශ්චික ලග්න හිමි ජන්ම පත්‍රයේ ධනස්ථානය වන 2 වැන්නටය.
ග්‍රහයන්ගේ ගෝචර ඵල සිද්ධාන්ත සලකා බැලීමේදී ගුරු දෙවැන්නේ ගමන් කරන කාලය තුළදී කේන්දර හිමියාට තමන්ගේ ඥානය වැඩිවී, ගරු නම්බු, නිලතල ලැබී සතුරන් පරාජය කරමින් සමාජයේ ඉහළින්ම වැජඹීමට අවස්ථාව සැලසෙන බව සඳහන් වෙයි.
1967 ජනවාරි 12 වැනි බ්‍රහස්පතින්දා උපත ලැබූ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජන්ම පත්‍රයේ ගුරු ග්‍රහයා වක්‍රව අංශක 07 කලා 09කින් පිහිටා ඇත. ගුරු කටක රාශියේදී උච්ච වන අතර, උච්ච ග්‍රහයා වක්‍ර වූ විට නීච බලය ලබා දෙන බවට ජ්‍යොතිෂ සිද්ධාන්තයක් පවතී. ඒ අනුව සජිත් මැතිතුමාගේ කේන්දරයේ ගුරු ග්‍රහයා ඔහුට ලබා දෙන්නේ නීච බලයකි. නොවැම්බර් 05 වැනි දින ගුරු පැමිණෙන්නේ ඔහුගේ මිථුන ලග්න ජන්ම පත්‍රයේ කේන්ද්‍රස්ථානයක් වන 7 වැන්නටය. ග්‍රහයන්ගේ ගෝචර ඵල සිද්ධාන්ත සලකා බැලීමේදී ගුරු 7 වැන්නේ ගමන් කිරීමෙන් කේන්දර හිමියාට සාමාන්‍ය දියුණුවක්ද, අලුත් දේ ඉගෙනීමට අවස්ථාවද, දේශපාලන කටයුතුවල දියුණුවක්ද සැලසෙන බව සඳහන් වෙයි.
මේ අනුව 2019 නොවැම්බර් 05 වැනි දිනට එළිවන පාන්දර 05.25ට ගුරු ග්‍රහයා ධනු රාශි ගතවීමේ වැඩි වාසිය අත්වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාටය.

ප්‍රවීණ ‌ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි

ග්‍රහ මඬුල්ලේ ප්‍රතාපවත්ම ග්‍රහ තාරකාව ලෙස හඳුන්වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 2019.11.05 අලුයම 05.25ට වෘශ්චික රාශියෙන් මිදී තමන්ගේම සුපුරුදු නිවෙසට සම්ප්‍රාප්ත වෙයි. සාමාන්‍යයෙන් ගුරු ග්‍රහයා රාශියක් තුළ ගමන් කරන්නේ අවුරුද්දක කාලයක් පමණි. ග්‍රහයාගේ වක්‍රවීම මත මෙම කාලය වෙනස් වන අවස්ථාද පවතී. මීට ඉහතදී ගුරු ධනු රාශිගත වූයේ 2007 වර්ෂයේ නොවැම්බර් 22 වැනිදායි. ලබන නොවැම්බර් 05 වැනිදා ධනු රාශියට පිවිසෙන ගුරු 2020 මාර්තු 30 වැනිදා මකර රාශියට පිවිස නීච තත්ත්වයට පත්වෙයි. නැවැතත් ගුරු වක්‍රව 2020 ජුනි 30 වැනිදා ධනු රාශියට ගමන් කරයි. 2020 නොවැම්බර් 21 වැනකල්ම ගුරු තමන්ගේ ස්වක්‍ෂේත්‍රව රාශිය තුළ තම බලය විදහා දක්වයි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස මහතාටත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත් මෙම ගුරු මාරුව කවර ආකාරයකට බලපාවිද යන වග දැනගැනීම ඉතාම වැදගත් කාරණයකි. ලබන නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපති සටනට සැබවින්ම ගුරු මාරුව ඉතාමත් තීරණාත්මක සාධකයක් වනු ඇත.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ලග්නය වෘශ්චික බැවින් ගුරු ග්‍රහයා දෙවැන්නට හා විද්‍යාකාරක 5 වැන්නට හිමිකම් කියයි. එතුමාගේ දෙවැන්නා වන ධනස්ථානයට ගුරු පැමිණෙයි. දෙවැන්න ගුරුට ගෝචරව නරක නැත. ධන කාරක ගුරු ධනස්ථානය තුළ ගෝචර වීම ප්‍රබල ධන යෝගයකි. නමුත් උපතේදී එතුමන්ගේ ජන්ම පත්‍රය තුළ ගුරු 3 වැන්නේ මකර රාශිය තුළ නීචව පිහිටා ඇත. උපතේදී ගුරු නීච වූ අයට ගුරුගේ ගෝචරය සුබව පිහිටීම ප්‍රතිඵල ගෙනදෙන්නේ නැත.
නමුත් ග්‍රහයකු නීච වූ පමණින්ම නීච යැයි කිව නොහැකිය. නීච වන ග්‍රහයා නීචභංගවන ක්‍රම ගණනාවක් ජ්‍යොතිෂය තුළ පිහිටීම එයට හේතුවකි. ගෝඨාභය මහතාගේ උපතේදී ගුරු නීච වුවත් වක්‍රම ගමන් කරන නිසා නීච භංගවී ඇත. එම නිසා එතුමන්ටද මෙම ගුරු මාරුව නරක වන්නේ නැත.
සජිත් මහතාගේ ගුරු 7 වැන්නේ හා 10 වැන්න අධිපතියා වෙයි. උපතේදී ගුරු උච්චබල සහිතව 2 වැන්න තුළ පිහිටා ඇත. ගුරු උච්ච වූ විට ජයසිඳු යෝගය උදාකරයි. එතුමන්ට ගුරු උපතේදී උච්චව පිහිටි නිසා ප්‍රබල රාජයෝග උදාකර ඇත. ගුරු ගෝචර වන්නේ 7 වැන්නටයි. ගුරු බලවත්ව කේන්දර ගතවූ විට ගුරු හංස රාජයෝගය උදාකරයි. තනතුරු ලැබීමට, තත්ත්වය උසස් වීමට ජනතා ප්‍රසාදය ලැබීමට ගුරු මාරුව එතුමන්ට හේතු වන බව කිව හැකිය. මෙම දෙදෙනාගේ වර්තමාන ග්‍රහචාරයත් උපන් ග්‍රහචාරයත් අනුව එළඹෙන ජනාධිපතිවරණයට ගුරු මාරුවේ වැඩි වාසිය අත්වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව ප්‍රකාශ කළ හැකිය.

ප්‍රවීණ ‌ජ්‍යොතිෂවේදී සරත්චන්ද්‍ර ‌බෝතලාගේ

SendShareShare
Previous Post

පාතාලය ඇතුළෙ ඉදන් ජන්ද වැඩට බැහැලා

Next Post

රාජසිංහ රජුගේ රන් දෝලිය වූ රිදී දෝලිය

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.