වැලිකඩ ඇතුලු බන්ධනාගාර කිහිපයක රදවා සිටින ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයන් කිහිප දෙනකුම සිරගෙදර සිටම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වී සිටින බව වාර්තා වේ.
ඒ අනුව සිරගෙදර සිටම එළියේ සිටින සිය පාතාල හිතවතුන්ට දුරකතන ඇමතුම් ලබා දෙමින් ඒ ඒ අපේක්ෂකයන්ට සහාය දක්වන ලෙසට මෙම පාතාල නායකයන් උපදෙස් ලබා දී ඇති බව දැනගන්නට තිබේ.
තමන් සහාය දක්වන අපේක්ෂකයන් ජයග්‍රහණය කළහොත් ඒ මාර්ගයෙන් පසුව නිදහස ලබා ගැනීමේ අරමුණින් යුතුව ඔවුන් මෙසේ ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දක්වන බව වාර්තා වේ.