ජනාධිපති ධුරයේ වැඩ බාරගනිමින් අද (19) දිනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මුල්ම පත්වීම් 3 සිදුකළේය.
ඒ අනුව සිය ලේකම්වරයා ලෙස තෝරාගෙන ඇත්තේ හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාය.
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත් කොට තිබේ.
එමෙන්ම මහභාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ එස්.ආර්. ආටිගල මහතා පත්කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.











