• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අලුත් අවුරුදු තෑග්ගට උතුරෙන් පොතක්!

December 27, 2022
in News
Reading Time: 14 mins read
A A
අලුත් අවුරුදු තෑග්ගට උතුරෙන් පොතක්!
Share on WhatsAppShare on Facebook

දීප්තිමත් සියළු

මද සිනහවන් පසුපස

ඝන කළුවරක් ගිමන් හැර

නිදමින් සිටිනු ඇත

බැබළෙන්නාවූ

සියළු ඇඳුම් පසුපස

හිල් දරාගත් කඩමාල්ලයක්

කිළිටු වී ගොස් ඇත.

මෙය නම් ශෝකයමය.ෂර්මිලා විනෝතිනී නම් කිවිදිය අනුභූතිය කරගත් ශෝකයම ය.නමුත් දැන් ඒ ශෝකයට යතාර්ථයක් හිමී වී ඇත්තේ ‍ය.

කුඩලිගම ,මහගමසේකර යන කවියෝද දිටිමි.මාර්ටින් වික්‍රමසිංහයන් කුමාරතුංග මුනිදාසයන් යන හෙළයේ මහා ගත්කරුවන් දිටිමි.නමුත් උතුරු කොනේ සැගවී ගිය ජෙයබාලන්ගේ, චේරන්ගේ,වෙට්ටිචෙල්විගේ, තමිල්නදී,තාට්චායනී, සාන්තන් ,මැලරණ්නෙයි හා දීපචෙල්ලන් යන අයවලුම්ගේ කෙටිකතා, නවකතා හා කාව්‍යකරණයේ යෙදුණු සාහිත්‍යවේදින් නොදිටියෙමි.

කවිය නම් ගැඹුරුන් අතීතය වර්තමානය හා අනාගතය යන තුන්කල්හි හැගීම් දැනීම් හා ඔද වැඩුණු සියුම් තැන් අසීමාන්තිකව ස්පර්ශ කල හැකි එක් ආකාරය ප්‍රකාශන මාධ්‍යයකි.එවන් ප්‍රකාශන මාධ්‍යයකින් තම ජීවිතයේ විවිධ අවස්ථා හා ගෙතුනු කතාවන් නොහොත් අනුභූතීන් මුල් කරගෙන වාර්තාමය සටහන්වලින් ඔබ්බට ගොස් සත් සමුද්‍රයන් පවා තරණය කිරීමට සමත් විවිධ භාෂාවන්ගෙන් පරිවර්තනයට ලක්වීමට තරම් උසස් වූ කාව්‍යකරණය තම අවියක් කරගත් දෙස් විදෙස්හි සම්මානයට පාත්‍ර වූ උතුරු කොනේ ආදරණීය හිතවතිය නමින් ශර්මිලා විනෝතිනී තිරුනාවකරුසුය.

මහවැලිය ලක්මවගේ ධරණීතලගේ සෑම බිම් අගලක් නෑරම සාරවත් කරමින් සිව්කොන පුරා ගලාගිය නමුදු අසමානතාවය ඉස්මතු කරමින් උතුරුරට නොගලා ගෝකණ්ණයෙන් දියඹට එක්වීමට ආත්මාර්තකාමී වූවා සේම සම්පත් බෙදාදීමේ හැකියාව අල්ප වූ ධනය, බලය හා බලලෝභී සිතින් චාටු බස් දොඩවන චපල රජුන් හා ඇමතීන් අභිමුඛව ගොළු වූ ජාතියක් දෙස නිසොල්මන්ව බලා සිටි දශක තුනක අදුරු මතකයන් හදවතේ දොරගුලු ලාගෙන නව ලොවක් කරා පියමනින පරාර්ථකාමී බවේ තරැණ සංකේතය නොහොත් 2017 වර්ෂයේ ජාතික සාහිත්‍ය උළෙලේදී දෙමළ අංශය නියෝජනය කරමින් ඉදිරිපත්කල “මොට්ටෛ පනමරමුම් මුහමාලෛ කාට්ට්‍රම්” නමැති කෙටි කතා සංග්‍රහයේ වූ එක් කෙටි කතාවකට හොදම ලේඛිකාවට හිමි සම්මානය හිමිකරගත් තරුණ ලේඛිකාවයි.

ඈ විසින් දමිළ බසින් රචිත පසුව සිංහල , ඉංග්‍රීසි , මලයාලම් හා ප්‍රංශ ආදී භාෂා කීපයකටම පරිවර්තනය වූ ” නිවස ” නම කවිය මෙසේ ගෙනහැර දැක්විය හැකී.

කුඩා ගසක අත්තක්,

පාළු ගෙදරක වහලේ මුල්ලක්,

හරිත පැහැය අහිමි වූ ගසක බෙනයක්,

උද්දෝගිමත් ගුවන් පාලමක් යට යම් පැත්තක්

එය කුමක්වුව ද,

කොහේවුව ද

කුරුල්ලාගේ අවශ්‍යතාවය

කුඩා කූඩුවක්…

උක්ත කවිය ඉබ්නූ අසුමත් මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද්දකී.නිවස තම ප්‍රස්තුතය කරගනිමින් ගෙත්තම් කල මේ කාව්‍යයේ හුදෙක්ම ගැබ්වී ඇත්තේ යුද්ධය නිසා පවුලෙන් දුරස්වූ ඈ නිවස තම දෘෂ්ඨියෙන් විචාරය කර ඇති අන්දමයි.බොහෝ සෙයින් අත්දැකීම් පාදක කරගනිමින් රචනා කරන ලද ඇගේ කවි ඉතා සියුම්ව පාඨක හදවත් තුල සංවේගය උපදවමින් ඔවුන්ව ආමන්ත්‍රණය කිරීමටත් පාඨකයා තුළ චමත්කාරයක් දැනවීමටත් සමත් වී ඇති අන්දම නම් අපූරුය.

ඇය නම් පරිකල්පනය කිරිමේ හැකියාව උපරිමයෙන් ලබා ඇත.මන්ද ඇගේ අත්දැකීම් සාහිත්‍ය නිර්මාණ වී හමාරය.සංකල්ප රූප මවමින් පද අමුණන කවි පසිදුරන් පිනවීමට තරම් සමත් ය.භාව නිරූපණයද උසස් ය.විටෙක ඇය ජීවිතය මෙසේ විග්‍රහ කරන්නීය.

” ජීවිතය “

ජීවත්වීමට අයත් වෑයම්

අවසන් වූ බව

දැනුණු මොහොතක

ඉගිල්ලී යන්නට ඇති

පියාපත් කෙටි කරගෙන

මහා ගිරිකුලු අස්සේ

බඩ ගා එන

කුඩා කුරුමිණියෙකු මෙන්

නැගී එන විට දී

පෙනුනි

කුඩා කඳුවලට එපිටින්

විසල් එළිමහනක්.

ඇය සොයා ඇත්තේම අවකාශය ඇති විසල් එලිමහනක්‍ ය.මන්ද එවක වනපෙත් අතරින් රිංගා ආ සුළග පවා අදුරු බියකරු බවක් ගැබ්වී තිබිණ.මන්ද කුඩා සිගිත්තියක ලෙස නිවසේ ඉදිරි උලු අස්සේ ඇන තියාගෙන අම්මා සිටවූ මල් ගස් අතරින් තඹ පින්තාරු කල බෙලෙක් කෝප්පයකින් කිරි බොන ඈට පෙනුනේ මහ කලඹලයෙන් එහා මෙහා යන සෙබළුන් ය.අහස් ගැබ පිසගෙන මහා හඩින් යන්නා වූ අහස් යන්ත්‍රාත්,ඒවාහී දෝංකාරයත් ය.වෙඩි හඩින් බියවී අත් පා හකුලුවාගෙන ඔවුන් අකුරු කර හැටි ඔවුන්ට මතකය.ඔවුන් සතු ආයුධය වූයේම විශ්වාසයයි.ඇගේ පලමු කාව්‍ය සංග්‍රහයේ පලමු කවියේ මෙසේ ඇය පාඨකයා අමතන්නීය.

“නුපුරුදු ගසක් යට

නුපුරුදු ග්‍රහලෝක වැසියන් සේ

තවත් කොපමණ කාලයකට ද “

2016 වසරේ පලවූ ඇගේ පළමු කවි පොත නම් “ඉරප්පාඩිගලින් නාට්කුරිප්පු” නොහොත් නයිටිංගේල් කුරුල්ලාගේ දිනපොතයි .පසුව 2020 වර්ෂයේදී ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය ලෙස “මගලින් වාසම්” හෙවත් දියණියකගේ සුවද නමැති ප්‍රකාශයට පත්විය.එමෙන්ම ඇගේ නිර්මාණ ජීවනදි, පොක්කිසම්, මන්නල්,කල්ගී,ආනන්දවිගඩන්, කාක්කෛසිරහිනිලේ, පූවරසි සහ කතෛසොල්ලි යන දේශීය සහ විදේශීය සඟරා, වෙබ්අඩවි සහ පුවත්පත්වල ද බොහෝ සෙයින් පළ වූයේ ඈ පන්හිද අවියක් කරගත් තරුණ සාහිත්‍ය නිර්මාණශිල්පීනියක් වූවා නිසා විය හැක.

“මලරුම් මන්නාර්” නොහොත් පිබිදෙන මන්නාරම නමැති වාර්ථාමය චිත්‍රපටියක් ද ඇය අධ්‍යක්ෂණය කලේ ඇය මන්නාරම් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී ලෙස කටයුතු කරන සමයේය.සිනමාකරණය කෙරෙහි දැඩි ප්‍රියතාවයක් දැක්වූ ඇය සිනමාකරණයේ තවත් පියවරක් තබන්නේ

2021 වසරේ ළමා මානසේ සියුම් තැන් ස්පර්ශ කරමින් “ඔරු ඔරු පොළුදුම්” නමැති කෙටි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරමිනි.

සාහිත්‍යකරනයේ ඉදිරි පියවරක් තබන ඈ 2022 වර්ෂයේ දමිල සාහිත්‍යකරුවන් ගණනාවකගේ කෙටි කතා එකතුවකින් සම්පාදනය කල ” සමාන අසමානයේ” ග්‍රන්ථය වෙනුවෙන් ඇයද තම දායකත්වය එක් කරන්නේ ඇගේ කෙටි කතා සිංහල පාඨකයාටද සමීපකිරීමේ වාසනාවන්ත වෙමින්‍ ය.

මේ වනවිට ඉදිරි පියවරක් වශයෙන් ඇගේ කෙටිකතා එකතුව වන “මොට්ටෛ පනමරමුම් මුහමාලෛ කාට්ට්‍රම්” කෘතිය සිංහලයට පරිවර්තනය වෙමින් පවතින අතර ඉදිරි මාස තුලදී එලි දැක්වීමේ අපේක්ෂාවෙන් පසුවන්නීය.

පහත පරිවර්තන කාව්‍යද දශක ගණනාවක ඇගේ අත්දැකීම් එක්කොට ව්‍යංග්‍යර්ථයෙන් පාඨකයා අමතන්නේ හුදෙක්ම මේ භූමියේ ශේෂ වූ එකම ප්‍රාණය ඇයයැයි කීමට ය.

” ශෝකය “

දශක ඉක්මවූ ශෝකය

නොසිඳුණු කන්දේ පොකුණු මෙන්

වැහිරී වැටෙන කම්මුලෙහි පිළිස්සෙයි

එහි ශේෂ ජීවිතයක්

තවමත් මෙහි

ඉතිරිව තිබෙන බව

අද දැනගන්නා විට

“කෝ මගේ පොළව?”

“කෝ මගේ නිවස?”

“කෝ මගේ ළිඳ?” යි

ඊයේ වනතුරු මුමුණමින් සිටි

අත්තා මෙහි නොමැත

ඉතින් සොයුරිය මේ ඇරයුම සිංහල පාඨකයන්ව ආමන්ත්‍රණය කිරීමටය.

මුල් රචනය : ෂර්මිලා විනෝතීනී

පරිවර්තනය : ජී ජී ආනන්ද

කවර නිර්මාණය : නදී දිවාකර

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

©️විදුනි බස්නායක | 2022

SendShareShare
Previous Post

වැඩි කරනවා! ඉඩ නොදුන්නොත් කපනවා! කංචන තර්ජනය කරන්නේ මිනිස්සුන්ටද? ඉංජිනේරුවන්ටද?

Next Post

සංවිධායකවරුත් පත් කරනවා! නාමයෝජනාත් කැඳවනවා! ලබන ඉරිදා පත්තරවල දැන්වීමුත් දානවා! ඔක්කොම කරනවා! හැබැයි ඡන්දෙ නම් එපා! එජාප මහලේකම් රංගේ බණ්ඩාරගෙන් හතරබීරි ප්‍රකාශයක්! ඉවර වෙනකම්ම අහන්න! (VIDEO)

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.