ඉදිරි ජනාධිපත්වරණයේ අපේක්ෂකයකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කරන බව එම පෙරමුණ අද නිවේදනය කළේය.
කොළඹ ගෝල්පේස් පිටියේ පැවැති විශේෂ සමුලුවකදී ලක්ෂ සංඛයාත පාක්ෂිකයන් පිරිසක් ඉදිරියේ මේ බව ප්‍රකාශ කෙරිණි.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ වසර 37කට පසුවය. මීට පෙර ජවිපෙ නායකාය ලෙස රෝහණ විජේවීර මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී තිබුණේ 1982දීය.