කම්කරු ප්‍රශ්නයට අමුතු බදු

වගාවන්ට අවශ්‍ය කම්කරුවන් සපයාගැනීමේ ප්රශ්නය නිසා ඊට මෙරට ජනයා යොමුකරවා ගැනීමේ වක්‍ර උපක්‍රමයක් ලෙස බදු අයකිරීමට ටොරින්ටන් ක්‍රියා කළේ බදු ගෙවාගැනීමට මඟක් නොවූ කල ජනයා වතුවල වැඩට ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වෙතැයි යන සැලසුමට අනුවය. එහෙත් එය සිතූ තරම් සාර්ථක උත්සාහයක් නොවූයේ ජනතාව මේ බදු ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
අහලවත් නැති තිරිසන් බද්ද

කිසි දිනෙක අසා නොතිබූ ආකාරයේ බදු වර්ග හඳුන්වා දෙමින් ජනතාව පීඩාවට පත්කර කෙසේ හෝ තම අභිමතය ජයගන්නට කටයුතු කළ ටොරින්ටන් සාමි එලෙස යෝජනා කළ බදු අතර තිරිසන් සතුන් ඇතිකිරීම වෙනුවෙන් පැනවූ බදු ක්‍රමය ජනයා අතර අතිශය අප්‍රසාදයට පත්විය.
බද්දට කලින් ආපු අමුතු පොත

ජනතාවගේ විවිධ තොරතුරු සොයා නිල් පොත නම් ග්‍රන්ථයකට කරුණු එක්රැස් කිරීම රජයේ නිලධාරීන් අතින් සිදුවිය. මෙම පොතට කරුණු දීමෙන් තවත් බදු තමන්ගේ කර මතට වැටෙයිදෝ සිතා ජනතාව මේ පොතට තොරතුරු සැපයීම මඟහැර ඇත.











