• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව වැවිල්ලෙන් ගොඩගන්න සුද්දා කරපු දේවල්…

December 6, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
ලංකාව වැවිල්ලෙන් ගොඩගන්න සුද්දා කරපු දේවල්…
Share on WhatsAppShare on Facebook

වගාව පොහොර දියුණුව මෙවැනි වචන එකිනෙක බද්ධවී ඇසෙන මේ වකවානුව මෙරට වගා කටයුතු සම්බන්ධව යම් ආන්දෝලනාත්මක කතිකාවක් ඇතිවී තිබෙන කාලයකි. අද වගාව සම්බන්ධව විවිධ කතිකාවන් ඇතිවෙද්දී එදා සුදු පාලන යුගයේදී මෙරට වගා කටයුතුවලින් ලද දියුණුව කෙසේද යන්න සොයාබැලීම වැදගත් වේ.
ලංකාවේ මුලින් තිබුණු පදනම අනුව නම් ජනයාට වුවමනා සියල්ල ගමෙහිම නිපදවා එහිම ජනයා විසින් ප්‍රයෝජනයට ගනිමින් ජීවිකාව කරන්නට එදා තිබුණු වැඩවසම් ක්‍රමය අනුව සිදුවී තිබිණි. ඒ ඒ කුලවලට අයත් කාර්ය කළ විට සාමාන්‍යයෙන් වුවමනා කටයුතු සිද්ධ විය. එහෙත් යුරෝපීයයන් පැමිණි පසු ඔවුනට වුවමනා කුරුඳු, ගම්මිරිස්, පොල්, මුතු ආදිය විකුණා ඒ වෙනුවට ඔවුන්ගෙන් බඩු ලබාගත හැකි විය. මේ වැවිලි නිසා පැරැණි ගම්ද වෙනස් විය.

1802දී ඒමියන්ස් සාම ගිවිසුම අනුව ලංකාව තබාගන්නා ලද්දේ ආසියා රටවල් අතර ඇති මුහුදු ගමන් මාර්ගය මැද ලංකාව පිහිටි නිසාත්, ඉතා අගනා ස්වභාවික වරායක් ත්‍රිකුණාමලයෙහි තිබුණු නිසාත්ය. අන්‍ය රටවල් සමග තරගය පැවැති නිසා 1833ට පෙර මෙය වඩා වැදගත් විය. ලංකාවේ කුළුබඩුවලින්ද වෙළෙන්දන් වශයෙන් ප්‍රයෝජනද ඔවුනට එදා නොතිබූයේ නොවේ. දහනව වැනි සියවස වන විට කෝපි, තේ හා රබර් ආදී වැවිලි ලංකාවෙහි ක්‍රමයෙන් ඇතිවිය.

නිතර තිබුණු කැරැලි නිසා සිංහලයාට අයිතිව තිබූ ඉඩම් 1840 මඩු බිම් පනත යටතේ රජයට පවරා ගන්නා ලදී. මෙසේ රජයට අයත් වූ කිරීට ඉඩම් සිලිම් කිහිපයකට යුරෝපීය ව්‍යාපාරිකයන්ට විකුණන ලදින් ඉතා පහසුවෙන් එහි වැවිලි ඇතිකරන ලදී. මේ අමුද්‍රව්‍ය එංගලන්තයට ගෙන ගොස් සෙසු ලෝකයාට විකිණීමෙන්ද නැව්, බැංකු, වෙළෙඳ ආදී සේවා නිසාද බි්‍රතාන්‍යයට තවත් ධනෝපායන මාර්ග ඇතිවිය. තවද පොල් හා රබර් ඇති වූ විට කාර්මික විප්ලවය නිසා ඇතිවූ යන්ත්‍රවලින් බඩු නිපදවීම සඳහා ඉතා ලාභයට අමුද්‍රව්‍ය ලංකාවෙන් ලබාගත හැකි විය. තවද මෙම බඩු නිපදවීම සඳහාද රජයෙන් නිකම්ම වාගේ ඉඩම් ලැබුණොත් බි්‍රතාන්‍ය ව්‍යාපාරිකයාට මේ සඳහා මුදල් යෙදවීම ඉතා ඵලදායී විය.

මේ නිසා ධනෝපායන ව්‍යාපාර සඳහා නිකම් ලැබුණු සරු කෙතක් වශයෙන්ද, අමුද්‍රව්‍ය අඩු මිලට ලබාගැනීමේ ස්ථානයක් වශයෙන්ද ලංකාව සෙසු අධිරාජ්‍ය මෙන්ම වැදගත් වූ අතර, අලුතින් පිහිටුවන ලද කර්මාන්ත ශාලාවල බඩු පහසුවෙන් අනෙක් රටවල් තරගයෙන් තොරව වුවද විකුණාගත හැකි වෙළෙඳාම්පොළක්ද විය. මෙසේ හෙයින් ලංකාව වැනි සශ්‍රීක රටවල් තම අධිරාජ්‍යයේ තිබීම අවට ලෝකයේ ප්‍රබල රාජ්‍ය වීමට අතිශය උපකාරී විය. මෙසේ බි්‍රතාන්‍යයේ ආර්ථික බලවත් බව සපයන කෙතක් ලෙස අප රට පැවැති අතර, ඔවුන්ගේ ඒ ප්‍රයෝජනයට සරිලන සේ ආර්ථික තත්ත්වයද හැඩගස්වන ලදී. ඒ නිසා කාර්මික හෝ ආර්ථික අතින් ලංකාව ශක්තිමත් කිරීම අද මෙන් ප්‍රධාන තැනක් ගත්තේ නොවේ.

වෙළෙඳාම ප්‍රධාන ලෙස සැලකූ ලන්දේසීහු ඔවුන්ට අයත් ප්‍රදේශවල කුරුඳු ඔවුන්ටම අයත් බවට නීති පැනවූහ. කුරුඳු වතුද වැවූහ. ඉංග්‍රීසීන්ගේ පාලනයට ලංකාව යටත් වූ පසුද කුරුඳු වතු පවත්වාගෙන ආහ. 1821 වන තුරු කුරුඳු රාත්තල් 400,000ක් වෙනුවට පවුම් 600,000ක්ද ආදායම් වශයෙන් ලදහ. පසුව 1833 පමණ කාලය වන විට ලන්දේසීන් සාර්ථක ලෙස ජාවා රටෙහි කුරුඳු වවා තිබුණු හෙයින් ලංකාවේ වෙළෙඳාම බැස ගියේය.

1837ට පසු ලංකාවේ මුලින්ද සාමාන්‍යයෙන් වවා තිබුණු කෝපි වගාව දියුණු කරන ලදී, බටහිර ඉන්දීය කොදෙව්වල ලන්දේසීන් කුරුඳු වවා විකුණන ලද බැවින්ද ලංකාව තුළ කුරුඳු නිෂ්පාදනය මිල වැඩිවූ බැවින්ද කැසියා වැනි ද්‍රව්‍ය ඒ වෙනුවට යෙදිය හැකි වූ බැවින්ද කුරුඳු වෙළෙඳාම බැස ගියේය. කෝපි වැවූ රටවල වහලුන් නිදහස් කිරීම නිසා මේ කාලයේ කලබල ඇතිවිය. ආණ්ඩුවේද සහාය හා ධෛර්යත් නිසා කෝපි වැවිල්ල ක්‍රමයෙන් ලංකාවෙහි උඩරට දියුණු විය. විල්මට් හෝට්න් (1831-37) ස්ටුවට් මැකන්සි (1837-41) යන ආණ්ඩුකාරයන්ගේ සහාය ඇතිව එංගලන්තයෙන් පැමිණි ඇත්තෝද රජයේ සේවකයෝද රජයෙන් ඉඩම් ලබාගෙන කෝපි වැවූහ. කෝපි ගම්බදවද වවන ලදී. මේ නිසා කෝපි කර්මාන්තය නිසා අමුතු ආදායමක් රටටද රජයටද වැවූ අයටද ලැබෙන්නට විය. 1847 පමණ වන විට කෝපි වැවිල්ල අවදානම් තත්ත්වයකට මුහුණ පෑවේය. එහෙත් 1850 පමණ වන විට මෙහි වෙළෙඳාම නැවත දියුණු විය. ඉන් පසු අවුරුදු තිහක පමණ කාලය තුළ මෙය ලංකාවේ ප්‍රධාන අපනයන ද්‍රව්‍ය විය.

කෝපි වැවූ ඉංග්‍රීසි ජාතිකයන්ට පහසුකම් දෙනු සඳහා මාවත් හා දුම්රිය මාර්ගයක්ද බැංකුද මෙහි ඇතිවිය. 1858දී පණමේ තැපැල් ක්‍රමයද, විදුලි පණිවුඩ ක්‍රමයද ඇතිවීම නිසා තවද මෙයට රුකුලක් විය. 1870දී ලන්ඩනය හා ලංකාව අතර පණිවුඩ කේබලයක් සවිකරන ලදින් දෙරට අතර ගනුදෙනු හා පණිවුඩද ඉක්මන් විය. තවද 1875දී කොළඹ වරාය දියුණු කිරීම පටන්ගන්නා ලදී. එය හමාර වූ පසු ලොකු නැව්වලටද පැමිණීම පහසු විය. තවද බඩු පිටරට යැවීම හා ගෙන්වීමද ශීඝ්‍ර විය. තවද මේ අතරතුර යුරෝපය තුළ සිදුවූ කාර්මික විප්ලවය නිසා මෙසේ ගමනාගමන හා පණිවුඩ පහසුව ඇතිවූ අතරම අලුත් කර්මාන්තද ඇතිවිය. මේ නිසා 19 වැනි ශතවර්ෂය අග වන විට පොල් තෙල් හා රබර්ද සමහර කර්මාන්ත සඳහා අවශ්‍ය විය. එනිසා 1870දී පමණ කෝපි වගාව රෝග නිසා විනාශ වූ විට පොල්, සිංකෝනා හා රබර් වැනි අමුතු වැවිලිද ලංකාව තුළ පසුව දියුණු විය. කෝපි වෙනුවට උඩරට බිම්වල තේ වැවිල්ලද ආරම්භ කරන ලදින් කෝපි විනාශය නිසා වූ පාඩුව මඟහරවන ලදී. එයින් පසු අද තෙක් ලංකාවේ ප්‍රධාන වැවිල්ල තේ විය. මෙහි විස්තර ඉහත සඳහන් විය. මේ වැවිලි නිසා ලංකාවේ ආර්ථික පදනම වෙනස් විය.

ලංකාවේ වැඩවසම් ක්‍රමය පැවැති දීර්ඝ කාලය තුළ ලංකාව ස්වයංපෝෂිත රටක් වී පැවැතියේය. කෝපි, සිංකෝනා, තේ, පොල්, රබර් ආදිය විශාල වශයෙන් වැවීම ආරම්භ වූ විට ක්‍රමයෙන් ලංකාවේ ස්වයංපෝෂිතභාවය නැතිවන්නට පටන් ගත්තේය. පෙර ආහාර නිපදවීම පිණිස ඉඩම් වගාකරන ලදී. එහෙත් දහනව වැනි ශතවර්ෂයේ මැද භාගයේ පිටරටවලට යැවීම පිණිස කෝපි, සිංකෝනා, තේ ආදිය වැවීම ආරම්භ වූ පසු රටේ ස්වයංපෝෂිතභාවය නැති විය. මෙසේ ලංකාවේ නිපදවූ ද්‍රව්‍ය වෙනුවට පිටරට මුදල්ද ඒ මුදලින් ලබාගත හැකි වූ ආහාර පානද කෙරෙහි ලංකාවාසීන්ට බලාපොරොත්තුවක් ඇතිකර ගැනීමට මංපෑදුණේය.

යුද්ධය හා දේශපාලන කටයුතු ද පහසු වීම පිණිස මුලින් මංමාවත් තැනීම ආරම්භ කරන ලදී. රටේ වැවිලි කර්මාන්තය දියුණු වන්නට පටන් ගත් කල්හි වතු පිහිටි පෙදෙස්වලට නානා දිශාවලින් මංමාවත් කැපීම ආරම්භ විය. ඒ සමගම වැදගත් නගර බොහොමයක් දුම්රිය මංවලින් සම්බන්ධ කරන ලදී. පෙර ගමනාගමනය අතින් ඇතිවූ දුෂ්කරතා නිසා එක් ගමක් තවත් ගමකින්ද, එක් පළාතක් තවත් පළාතකින්ද වෙන්වී තිබිණි. මංමාවත් දුම්රිය මං ආදිය ඇතිවන්නට පටන්ගත් කල්හි පැරැණි වැඩවසම් ක්‍රමයේ සමාජය නැතිවී අලුත් සමාජයක් පහළ විය.

ගැමියාගේ ගොවි ව්‍යාපාර සඳහා තිබූ බිම්වල ප්‍රමාණයද වතු නිසා සීමා විය. ඒ නිසා අමුතු රක්ෂා සෙවීමටද සිදුවිය. පෙර සේ සිංහලයාට තම පුරුදු ගොවිකම කර ජීවිකාව කිරීම අපහසු විය. රටේ ගොවිතැන හා වෙළෙඳාමද බාහිර වශයෙන් දියුණු වීම හේතුකොට ගෙන ගම්මු බොහෝ දෙනෙක් නගරවල රැකී රක්ෂාවලට ගොස් මුදල් උපයන්නට පටන් ගත්හ. ඇතැමෙක් නගරවල මිනිසුන්ගේ ප්‍රයෝජනය පිණිස එළවළු, පලතුරු ආදිය වවා මුදල් උපයන්නට පටන් ගත්හ. අනෙක් අය වෙළෙඳාම් කටයුතුව යෙදුණහ.
වැවිලි කර්මාන්ත දියුණු වීමත් සමගම වෙළෙඳාමද දියුණු වූයෙන් රටේ ආර්ථික තත්ත්වය දියුණු විය. රටේ කාර්යාල හා කර්මාන්ත ශාලාද ඇතිවූ බැවින් බොහෝ දෙනකුට රැකී රක්ෂා ලැබුණේය. හොඳ අධ්‍යාපනයක් ලබාගැනීම පිණිස වත්පොහොසත්කම් ඇතිවූ බොහෝ දෙනෙක් නීතිඥ, වෛද්‍ය, ඉන්ජිනේරු ආදී වෘත්ති ලැබූහ. සමහරු නොයෙක් කර්මාන්ත පිළිබඳ විශේෂඥයෝ වූහ.

වැඩවසම් ක්‍රමය පැවැති කාලයේදී ලංකාවේ මිනිසුන් කුල ගෝත්‍ර වශයෙන් බෙදී සිටියේය. එහෙත් වැවිලි කර්මාන්තය හා වෙළෙඳාමද දියුණු වූ පසු ධනවත්, මධ්‍යම හා කම්කරු යනුවෙන් ජනයා පන්ති තුනකට බෙදිණි. වැවිලි කර්මාන්තයෙහි හා වෙළෙඳාමෙහි යෙදී සිටි ධනවත් පන්තිය ස්වකීය තත්ත්වය තහවුරු කරගැනීම පිණිස තව තවත් දේශපාලන බලතල ඉල්ලන්නට වූහ. නීති, වෙද, ගුරු, ලිපිකරු ආදී වෘත්තීන්වල යෙදී සිටි මධ්‍යම පන්තිකයන්ට අයත් වූ අයද ස්වකීය තත්ත්වය තහවුරු කරගැනීම පිණිස දේශපාලන බලතල පිළිබඳ උද්ඝෝෂණ කරන්නට පටන් ගත්හ.

තවද බටහිර අධ්‍යාපනය ලත් වෙද, රජයේ නිලධාරී, නීතිඥ ආදී උසස් පන්තියක්ද, ඉංග්‍රීසි නොදත් සිංහල වෙද, ගුරු ආදී පන්තියක්ද ලංකාවෙහි ඇතිවිය. පාලන බලතල උද්ඝෝෂණද ඉහළ පෙළේ අයට සීමා විය. මෙයින් සාමාන්‍ය ජනයාගේ සම්බන්ධයක්ද මෙයට තිබුණේ නොවේ.

ස්වයංපෝෂිතභාවයෙන් තොර වැවිලි කර්මාන්තය උඩ රඳා පැවැති ආර්ථික තත්ත්වය ස්ථිර පදනමක් ඇති වූවක් නොවීය. තේ, පොල්, රබර් යන තුන් ද්‍රව්‍යය උඩ රඳා පැවැති ඒ ආර්ථික තත්ත්වයේ අස්ථිරභාවය හොඳින්ම ප්‍රත්‍යක්ෂ වූයේ 1920දී ඇතිවූ ආර්ථික පරිහානියෙනි. ගොවිතැන දියුණු කොට රට ස්වයංපෝෂිත කිරීමද රටේ කර්මාන්ත දියුණු කිරීමද අත්‍යාවශ්‍ය බව අපේ පාලක පක්ෂයට වැටහුණේ ඉතා මෑතකදීය.

ඉහත කී කරුණු පිඬුව ගත් කල වැවිලි කර්මාන්තයෙන් ලක් වැසියාගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට සිදුවුණු උපකාරය සිතාගත හැකිය. එහෙත් එයින් නියම වශයෙන් ලැබුණු ලාභය එංගලන්තයට ඇදීගොස් ඉතුරු වූ ශේෂයට මේ සියලු දියුණුව සීමා විය.

SendShareShare
Previous Post

ආණ්ඩුවෙන් යන්නද? ආණ්ඩුවත් එක්ක ඉන්නද? ප්‍රබල ඇමැතිවරයෙක් මහ රෑ පන්සලක ආශිර්වාද පූජාවක!

Next Post

රට පුරාම LANKAQR ප්‍රවර්ධනය වෙනුවෙන් සම්පත් බැංකුව, දම්රෝ අත්වැල් බැඳගනී…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.