ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු ස්ථාන මාරු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ අනුව එම්.ඩී ආර්.එස්. දමින්ද දකුණු පළාතේ සිට නැගෙනහිරට, අජිත් රෝහණ අපරාධ සහ රථවාහන දිසාවේ සිට දකුණු පළාතට, එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා නැගෙනහිර සිට අපරාධ සහ රථවාහන දිසාවටත් මාරු කර ඇත.
ADVERTISEMENT
අවශ්‍යතාව මත අදාළ ස්ථාන මාරුවීම් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතිය යටතේ සිදු කර තිබේ.
කෙසේවෙතත් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත් ලිඛිතව ලබා දුන් දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ස්ථාන මාරුව මෙතෙක් සිදුව නොමැත.