• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ කැලෙන් වට වෙලා, ගමටම ඉන්නෙ එක මිනිහයි, හිටිහැටියෙම දනට වඩින බලවත් හිමිනමක්, කවුරුත් දන්නෙ නැති හැංගිලා තියෙන දංදෙණිකුඹුර කැලේ ගම්මානය…

February 3, 2024
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
මහ කැලෙන් වට වෙලා, ගමටම ඉන්නෙ එක මිනිහයි, හිටිහැටියෙම දනට වඩින බලවත් හිමිනමක්, කවුරුත් දන්නෙ නැති හැංගිලා තියෙන දංදෙණිකුඹුර කැලේ ගම්මානය…
Share on WhatsAppShare on Facebook

ලංකාව ඇතුළේ පැය කිහිපයක් සංචාරය කළොත් විවිධාකාරයේ දේශගුණයන් පවතින ප්‍රදේශවලට අපට ළඟාවෙන්න පුළුවන්. දේශගුණ විවිධත්වය වගේම භූගෝලීය විවිධත්වයෙන් ඉතා සශ්‍රීක රටක් තමයි අපේ මේ රට. මිලියන 22ක ජනතාවගෙන් වැඩි පිරිසක් ජීවත් වෙන කොළඹ වගේ ප්‍රදේශ වගේම ගමකට පවුල් දෙක තුනක් පමණක් ජීවත් වෙන ජන ශූන්‍ය ගම්මානත් අපේ රටේ පිහිටා තිබෙනවා. ඒ කොහොම වුණත් ඔබ අහලා තිබුණද එකම එක මනුස්සයෙක් පමණක් ජීවත් වෙන ගම්මානයක් ගැන? ඒ වගේම ඒ ගමේ කතාවත් හරිම පුදුමාකාරයි. Naifm යූටියුබ් නාලිකාවෙන් උපුටාගත් මේ කතාව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරනවා.

අපි මේ කතාකරන ප්‍රදේශය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කය සහ මාතලේ දිස්ත්‍රික්කය අතර මායිමේ මීමුරේ ග්‍රාමනිලධාරි කොට්ඨාසය කිට්ටුව. මේ ගමේ නම ‘දංදෙණිකුඹුර’. ඉතා දුෂ්කර වුණත්, ලංකාවේ පිහිටා ඇති සොබා සෞන්දර්යයෙන් අනූන පරිසර කලාපයක් විදියට මේ ගම්මානය හඳුන්වන්න පුළුවන්. කඳු වළල්ලකින් වටවෙලා පිහිටා තිබෙන මේ ගම්මානයේ මීට වසර 20කට පමණ පෙර 200 දෙනකු පමණ ජීවත්ව සිට තිබෙනවා. නමුත් අතිශය දුෂ්කර ජීවන රටාව නිසාම මේ වෙනකොට මේ ගම්මානයේ ඉතිරිව ඇත්තේ එකම එක පුද්ගලයෙක් විතරයි. මීමුරේට ළඟා වෙන්න ප්‍රධාන මාර්ගයක් තිබුණත්, දංදෙණිකුඹුර ගම්මානයට ළඟා වෙන්න ප්‍රධාන මාර්ගයක් නෑ. කඳු වළල්ල සහ ගංගාවක් තරණය කිරීමෙන් පමණයි මේ ගමට ළඟාවෙන්න හැකි වෙන්නේ. පිවිසුම් මාර්ග, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම් මේ කිසිවක් මේ ග්‍රාමයේ නැහැ. නමුත් අපි ඉහත සඳහන් කළා වගේම මේ ගමේ එකම එක පුද්ගලයෙක් තවමත් ඉතිරි වෙලා ඉන්නවා. ඒ තමයි පාරම්පරික හෙළ වෙදකමේ යෙදෙන මහරගෙදර හීන් බණ්ඩා වෙද මහතා. මේ වෛද්‍යවරයා හැරුණු කොට කිලෝමීටර් 10කට ආසන්න වපසරියක කිසිදු පුද්ගලයෙක් ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ගම්මානයේ සිට මීමුරේට යෑම සඳහාත් කිලෝමීටර් 05ක දුරක් කඳු හෙල් තරණය කරමින් යා යුතුයි. අනෙක් පසින් සුළුගුණේ කියන ගම්මානයට පිවිසෙන්න කිලෝමීටර් 08ක දුරක් ගෙවා යා යුතුයි. මේ ඕනෑම මාර්ගයකින් දංදෙණිකුඹුර ගම්මානයට ළඟාවෙනවා නම් හීංඔය සහ දිවිගොල්ල කියන ඔයවල් තරණය කරගෙන පැමිණිය යුතුයි.

දංදෙණිකුඹුර ගම්මානයේ ඉන්න එකම පුද්ගලයා වන හීන් බණ්ඩා කියන විදියට මීට කාලයක ඉහතදී ඔහු හැර අනෙක් සියලු දෙනාම ගම්මානය අතහැර දාලා ගිහින් තියෙනවා. ඒත් සමගම ගමේ තිබුණු අක්කර 100කට ආසන්න කුඹුරු ඉඩම් සියල්ල පුරන් වෙලා ගිහින් තියෙනවා. මෑතක් වන තුරුම මීමුරේ වගේ ප්‍රදේශවලින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ඉඳ හිට දෙතුන් දෙනෙක් තමා සොයාගෙන පැමිණෙන බවත් මේ වෛද්‍යවරයා පවසනවා. පෙර රජ දවස ඉදිකරපු ඉපැරැණි විහාරස්ථානයක නටබුන් මේ ගම්මානයේ අදටත් දැකගත හැකියි. මේ විහාරයට වන්දනා කරන එකම බැතිමතා වන්නේ මහරගෙදර හීන් බණ්ඩා වෙදමහතා පමණයි. ඔහු කියන විදියට කාලෙකට කලින් ගම්වාසීන් ගම අතහැර යනකොට තමන්ගේ පුතුන් දෙදෙනාත් ඔවුන් සමග යවලා තියෙනවා. මේ වෙනකොට මීමුරේ ප්‍රදේශයේ දේශීය වෙදකම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඔවුන් දෙදෙනා.

තවත් විශේෂ කරුණක් තමයි හීන් බණ්ඩා වෙද මහත්මයා මේ ගමේ හුදෙකලාව ජීවත් වෙන්න බලපෑ එක වැදගත් හේතුවකුත් සඳහන් කරනවා. ඔහු කියන විදියට මේ ගමේ එක සීමාවක ඉතා ඝන කැලෑවක් මැද භාවනානුයෝගී ස්වාමින්වහන්සේ නමක් වැඩවාසය කරනවා. උන්වහන්සේ කලාතුරකින් වනාන්තරයෙන් එළියට වැඩම කරන බවත්, ඒ අවස්ථාවලදී උන්වහන්සේට දානය පිළියෙල කර පූජා කිරීම සඳහා තමන් එහි නැවැතී සිටින බවත් හීන් බණ්ඩා වෙද මහතා කියනවා. ස්වාමින්වහන්සේ වනාන්තරයෙන් එළියට වඩින්නේ උදෑසන කාලයේදී පමණක් බවත්, උන්වහන්සේට දානය පූජා කිරීමෙන් පසු තමන් නැවත ගම්මානයට පැමිණ භාවනානුයෝගීව සිටින බවත් ඔහු සඳහන් කරනවා.

දංදෙණිකුඹුර ගම්මානයට යෑමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් හොඳින් මතක තබාගන්න, එහි කුළු ගවයන් ඇතුළු විවිධ වන සතුන් විශාල ප්‍රමාණයක් සිටින බව. හීන් බණ්ඩා වෙද මහතා පවසන්නේ එම සතුන්ගෙන් තමන්ට කිසිදු පීඩාවක් නොමැති බවත්, සතුන්ට යම් රෝගයක් වැලඳුණොත් හෝ තුවාල සිදුවුවහොත් තමන් එම සතුන්ට ප්‍රතිකාර ලබාදී සුවපත් කරන බවයි. ඒ වගේම ඔහු කියන විදියට මහනුවර මාර්ගයත්, මාතලේ මාර්ගයත් පිළිසකර කරලා මේ ගම්මානයට එන්න මාර්ගයක් සකස් කරන්න පුළුවන්. නමුත් මේ වනතෙක් කිසිදු ආකාරයකින් ඒ සඳහා වැඩපිළිවෙළක් යොදන්න බලධාරීන් කටයුතු කර නැහැ. ඒ නිසාම දංදෙණිකුඹුර ගම්මානය අද වන විට වනාන්තරයක් බවට පත්වෙලා තියෙනවා. ඔහු සඳහන් කරන විදියට මැතිවරණ පැවැත්වෙන කාලවලදී නම් මේ ගමේ ජීවත් වෙන එකම පුද්ගලයා වුණු තමන්ගේ ඡන්දය ඉල්ලගෙන විවිධ අපේක්ෂකයන් එහි පැමිණ තිබෙනවා. මනුෂ්‍ය වාසය ඉතා අඩු නිසාම අද වන විට දංදෙණිකුඹුර ග්‍රාමය ලෝකයේ ජන ශූන්‍ය ගම්මානයක් සේම සශ්‍රීකම භූමියක් බවටත් පත්වෙලා තිබෙනවා.

මේ ලිපිය කියවන ඔබ සංචාරය කිරීමේ අරමුණෙන් හෝ වෙනත් අරමුණකින් දංදෙණිකුඹුර ගම්මානයට යෑමට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම එහි ඇති සොබා සෞන්දර්යය ආරක්ෂා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ගමේ ජීවත් වෙන එකම පුද්ගලයා වන හීන් බණ්ඩා වෙද මහතා හමුවෙලා ඔහු සමග කතාබහ කරලා එන්නත් අමතක කරන්න එපා.

SendShareShare
Previous Post

(කොටි) හපුවාගේ කොටි නැටුම…

Next Post

ඊජිප්තුවේ ගිහින් ඩාන්ස් කරපු තිත්තගල්ලේ හාමුදුරුවො මතකයි නේද? මෙන්න තවත් මාර වැඩක් කරලා හඬපටත් එක්කම එළියට ඇවිල්ලා! VIDEO

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.