• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

(කොටි) හපුවාගේ කොටි නැටුම…

January 25, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
(කොටි) හපුවාගේ කොටි නැටුම…
Share on WhatsAppShare on Facebook

මහින්ද හාමුදුරුවන්ට නැතහොත් මිහිඳු මහරහතන් වහන්සේට ඉන්දියාවේ අශෝක මහරජතුමාගෙන් පැවරුණු ඵසිසදබ එකක් හෙවත් දූත මෙහෙවරක් තිබුණේය. ඒ මෙහෙවර වනාහි ඊට වසර තුන්සියයකට පූර්වයයෙහි බුදුන් දිවමන් (ජීවමාන) කල සැලසුම් කෙරුණු සිරිලංකාද්වීපයේ බුදු සසුන ස්ථාපනය කිරීමේ කාර්යය. එය මේ රටේ රජවරුන් (පාලකයන්) කලින් කලට ආරම්භ කරන වගා සංග්‍රාමයේ දවසින් දෙකෙන් ගලවා දමන බටු පැළයක් මිරිස් පැළයක් හිටවනවා වැනි තාවකාලික කටයුත්තක් නොවන බැවින්ද තමන් වහන්සේ බුදුන්ගේ නියම අනුගාමිකයකු මිස ආවට ගියාට සසුනට රිංගාගත් කෙනකුන් නොවන හෙයින්ද, නියමිත පැවරුම් කාර්යය තත්ත්වූ පරිද්දෙන්ම ඉෂ්ට සිද්ධ කළයුතු අයුරින් අදිටන් කර ගත්හ.

එසේ හෙයින් උන්වහන්සේද බුද්ධ වත් පිළිවෙත් අනුව යන්නෝ සිද්ධාර්ථ ගෞතම නම් බෝසතාණන් වහන්සේ බුදුවීමට පෙර භවයේ තව්තිසාවෙහි ඉපිද සිටි සඳ උන්වහන්සේ කරා දෙවියන් පැමිණ “කාලෝ අයංතේ මහාවීර උප්පජ්ජ මාතු කුච්චියං” (මහාවීරයාණෙනි, මේ මවු කුසක පිළිසිඳ ගැනීමේ කාලයයි) යන පරිදි දේවාරාධනය ලද මොහොතේ අපේ දේසපාලන දෙවිවරුන් සිය නායකකාරකාදීන් කියන දේ එක පයින් භාරගන්නා වන්දිභට්ටයන් සේ ඒ ඇරයුම එකවරම භාර නොගෙන සිතාමතා පිළිතුරක් දෙන්නෙමැයි අධිටන් කර මෙසේ භාරගන්නා කාර්යය සඵල වේද? දරුවන්ට කන්න බොන්නවත් දෙන්න නැති අනාගතයේ උපදින මහින්ද රෙජිමෙලාගේ හෙවත් නිලමෙලාගේ පාලන සමය වන් සමයක ලංකාව වැනි රටක්ද කාලයක්ද, ගොයිගම, හංදුරු, වලව්, හකුරු, පදු, ආදී කුලවලින් සුදුසු කොයි කුලයද? මව වන්නී තිළිණි ප්‍රියමාලි වැනි බඩ්ඩක්ද ආදී වශයෙන්ද, වර්තමානයේ ඇතැමුන් විවාහයක් උදෙසා අපේක්‍ෂිත යුවතිය හා සහ සම්බන්ධ කර බලන්නේ ඉංගිරිසි හෝඩියේ මුල් අකුරු පහම A,B,C,D,E (Age, Beauty, Cast, Dowry, Education) විමසන්නාසේ, සොයන්නාසේ පරීක්‍ෂා කරන්නාසේ නිරීක්‍ෂණය කර සියල්ලෙන්ම පරිපූර්ණ දැනගත්තා සේ තම නැණ පමණින් දැනගැනීමට මිහිඳු මහරහත්හුද පස්මහ බැලුම් බැලූහ.

මහබෝසතාණන් වහන්සේට බැලුම් පහ එකකට එකක් නොපරදින අන්දමට සියල්ල ගැළපුණත් තමන් වහන්සේට නම් එකක් නොගැළපෙන නියාව උන්වහන්සේ පසක් කරගත්හ.
ඒ කාලය පිළිබඳ ප්‍රශ්නයයි.

ඊට හේතු වූයේ ඒ වන විටත් ශ්‍රී ලංකා ද්වීපයේ මහවාසලේ (පාර්ලිමේන්තුවේ) මන්ත්‍රී ඇමැති තනතුරු දරන්නන්ගෙන් සියයට වැඩි කොටසක් හැරමිටියෙන්ද, රෝද පුටුවෙන්ද “ගමං ගච්චන්නාවූ” (යන එන) වල පයයි, ගොඩ පයයි, තබා සිටින්නා වූද, කන් නොඇසෙන, ඇස් නොපෙනෙන, තෙල් අමන්දා (අතුල්ලා) අහවල් කාරණාව පමණක් ක්‍රියාත්මක කැරගැනීමට හෝ තල්ලු ස්ටාර්ට් දමන මට්ටමේ සිටින්නන්ගේ තත්ත්වයේ වෙසෙන පාලකයකු (ජකෙනකුන්) වන “මුටසීව” නරේන්ද්‍රයාණන් රාජ්‍ය විචාරන හෙයින් මේ නොකල්ය, අකල් යැයි ඍද්ධියෙන් දුටු උන්වහන්සේ මේ සිරිලංකාවේ නොවෙතත් මේ නරතෙමේ නම් නුදුරේදීම “වලකජ්ජං” නොහොත් “කූරියා” ගහන නියාව දැන එතෙක් මම නොයම්හයි උකටලීව උන්හ.

නියං සමය ගෙවී වැසි වට සැණින් වෘක්‍ෂලතාවන්හි මල් පල දලු නැගෙන්නා සේ දේවානම්පියතිස්ස නම් නිරිඳාණන් රාජ්‍ය විචාරන්නට වූ කල මේ සුදුසු සමය එළැඹියේ යැයි දැන වදාරා මිහිඳු මහරහතන් වහන්සේ සපිරිවරව ඍද්ධි බලයෙන් අහසින් ලක්දිවට වැඩම කළහ. ඒ දින ඒ අවස්ථාව වන විට නරපතියාණෝ දඩ කෙළියට අවතීර්ණව සිටින නියාව දැන ඒ ඉසව්වට වැඩ මිස්සක පව්ව මත්තේ සිට තම සුහුරු බඩුවාණන් (මස්සිනා) කෙනකුනට ආවුසෝවාදයෙන් (කුළුපගව) අමතන්නා සේ “තිස්ස, තිස්ස” යැයි අතනොපොලා (අත්පුඩි නොගසා) තමන් පැමිණි නියාව ඇඟවූ.

“යකෝ අනාගතයේදී පහළවන්නා වූ ඇතැම් දේශපාලකයන් සේ මා වසල වැඩ නොකරතත් ලංකේශ්වරයාණන් වූ මට “අඩෝ තිස්ස” යැයි පලිච්චි (අපහාස) කරන්නා සේ බණන්නේ මොකාදැයි යන්න සිතෙන්නාහාම “හුප් පදයක්”ද කටට ආයෙන් උහු තෙමේ හැරී බලද්දී කසාවතින් සැරසී ශාන්තදාන්ත ඉරියව්වෙන් උන් තැනැත්තා දුටුයෙන් හිත සන්සුන්ව මවිතයෙන් බලා උන්නේය.

ඒ අවස්ථාවේදී තිස්සයන්ගේ සැකබිය සංකා දුරුකරනු වස් තමන් ඉන්දියාව් සිට අශෝක මහරජාණන්ගේ මෙහෙවර ඉටුකරනු වස් පැමිණි බවත්, මේ අවස්ථාවේදී තෙපි දඩකෙළියේ යෙදී සිටින නියාව දුටු බවත් කීහ. එබස් නිසලව අසා හුන් රජුන්ගේ බුද්ධිය පරීක්‍ෂා කරනු සඳහා අනතුරුව “මෙම ගස කුමක්දැ”යි ඇසූහ.

මොනවා වුවත් මේ මොකාදැයි යන්න “නිච්චියටම” (නිවැරදිවම) කිව හැකි නොවුණත් තමාගේ නම කීමෙන් ටිකක් තදවී සිටි රජු “මේ අඹ ගසක්” යැයි කීයේය.

“මේ අඹ ගස හැර තවත් අඹ ගස් ඇත්ද?”යි විමසුවෙන් රජුගේ හිතේ මඳකට දමනය වී සිටි “ජුවල්” යක්‍ෂයා ඒ පාරනම් නහුතෙටම මල පැන්න ගානට “වයින්” වූවේය.

“ඔහේට ඉන්දියාවෙ ඉඳන් මම ඉන්න තැන හොයාන මේ අනුරාධපුරේ මේ කැලේ මෙතෙන්ට එන්ඩ පුළුහං, මගෙ නම කියල කතාකරන්නත් පුළුහං. දැන් මේ ගහ ඇරුණාම තවත් අඹ ගස් තියෙනවද?කියල අහන්නෙ දැන් උඹ බබා පාට් එක දාගෙන බබා වෙන්නද එන්න හදන්නේ?” යැයි දේවානම් පියතිස්ස රජාණෝ ඇසූහ.

ඉන් පස්සේ මිහිදු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා කොයි ආකාරයෙන් “ෂේප්” (දමනය) කරගත්තාදැයි කිව නුහුණත් මේ අතීත කතාව කියන්නට සිද්ධ වූයේ රාජ්‍ය පරිපාලන හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ලොක්කා පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරනොගන්නා ලෙසට වහාම “රිවෙස් ගියර්” එකට දාගත් පසුවය.

උන්නැහේ මෙසේ කියන්නට යෙදුණේ කොරන්න ගිය “අයිතිහාසික” කිරියාව (ක්‍රියාව) ඉෂ්ට සිද්ධ නොවී අතේපත්තු වූ හෙයින් හෙවත් ඇස්.ඇම්. මරික්කාර් මන්ත්‍රීතුමාගේ වචනයෙන් කියනවා නම් “කෙළවා” ගත් හෙයිනි. නොහොත් පස්ස පැත්තේ “ටිංකිරි” ගාගත් බැවිනි. බැරිවෙලා හරි වැඩේ හරිගියා නම් ඔහොම කියන්නේ නැත. කොල්ලන් (තරුණයන්) පවසන්නේ වැඩේ හරි නොගිය නිසා “බුවා”ය. හරි ගියා නම් එබුවාය. යන්නය.

පරණ ගම්මුන් ඔය වැනි කතාවලදී කියන්නේ “හැටකට නායකයා පුහුල් හොද්දෙන් පස්ස හේදුවා වාගෙයි” යන “හරුපයයි” (කතාවයි)ය.

ඇත්ත වශයෙන්ම දැන්නම් කාට කාටත් (ගැමි වචනයෙන්) හොඳටෝම දෙවෙල් වැදිලාය. හපුහින්න ලොක්කාටත් උතුර දකුණ මාරු වෙලාය. මැතිවරණ කාර්යයයේ ඇප මුදල් පිළිබඳ කටයුතු කරන්නේ තේරීම් භාර නිලධාරීන්ය (Returning Officers). පළපුරුදු අමාත්‍යාංශ ලේකම් කෙනෙක් වූ ඔහුට ඒ බවවත් තේරුම් ගන්නට බැරි වූයේය. හේතුව මොළේ කුරුවල් වෙලාය. හරි දේට පටහැනිව ව්‍යාජ වංචනික දේවල් හෘදසාක්‍ෂියට එරෙහිව කරන්නට ගිය විට කාට කාටත් ඔය සන්තෑසිය සිද්ධ වේ. ඊට හේතුව මේවායින් මොනවා මොනවා වෙයිද යන භීතියෙන් හිතේ ඇතිවන ගින්න නිසාය. සරල උදාහරණ එමටය. පහුගිය කාල කාලපරිච්ජේදයේදී මයිනලා කාක්කලා ගෝඨලා බලයට ගේන්න නයි ඇද්ද, නයි දැම්ම, නයි නටවපු කතා සේම සිල් නොගත්තවුන්ටත් සිල් රෙදි පොරවපු කතා බොහෝය.

උදේට පමණක් අංගලා පමණක් නොව සවසටත් අංගලාද හිරේ විලංගුවේ වැටුණු කතාද තිබේ. ඇයි විලිලැජ්ජා නැති ගමේ අයත් නිකං පරිප්පු නොව බටානා පරිප්පුම කෑමත් සිහිපත් කළ යුතුය. මේවා කාටකාටත් හොඳ හොඳ පාඩම් වුවත් අපේ රටේ කිසිවකු ඒවා ඉගෙන ගන්නේ ද නැත. ඊට බලපාන්නේ කාට වැරදුණත් මට වරදින්නේ නෑ යන සිද්ධාන්තය නිසාය.

එහෙත් එදා පැවති සමාජ සංකල්පවලට වඩා අද තරුණ සංකල්ප ආකල්ප සාධනීය අන්දමටම වෙනස්ය. අපේ මරික්කාර් මන්ත්‍රීතුමා කියන්නේ මේ අයට “ජම්පර්” අන්දවන බවය. එහෙත් මේ අයට ජම්පර් ඇන්දත්, පොම්පර්ලාගෙන් හැම්පර් ලැබෙනවා නම් ඊට වඩා දෙයක් නැත.

නිකුත් කළ චක්‍රලේකයක් ආපසු අකුළා ගැනීමටද අයිතියක් ඇති බවට තර්ක කරන්නෝද සිටිති. එහෙත් මේ කරුණෙහිදී නම් හපුහින්නට එරෙහිව තදින්ම කටයුතු කළ හැකි බව විශ්‍රාමික විගණකාධිපතිවරයෙක් කීවේය.

අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අනුවම ඇප මුදල් බැඳීම වැළැක්වීමේ චක්‍රලේඛය නිකුත් කළ බව කීවද එය කොණ්ඩෙ බැඳපු චීනුන්වත් පිළිගනීවි දැයි සැකයකි. රජයේ සේවය ගැන කිසියම් මට්ටමක දැනුමක් ඇත්තකු නම් ඒ ගජබින්නය පිළිගන්නේ නැත. ඒ කැබිනට් තීන්දුවක් සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදයක් ඇති හෙයිනි.

කිසියම් අමාත්‍යාංශයක ලේකම්වරයකු විසින් ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල සංදේශයක් පිළිබඳ පළමුව අමාත්‍ය ගණයා තීන්දුවක් දුන් කල්හි එය ඊළඟට යැවෙන්නේ අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයටය.

එහිදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව ඊළඟට එළැඹෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ තීරණය ඉදිරිපත් කළ අමාත්‍යාංශයට දැනුම් දෙනු ලැබේ. අනතුරුව අදාළ අමාත්‍යාංශය තීන්දුව පිළිබඳ ක්‍රියාත්මක වෙයි. ඒ ක්‍රියාමාර්ගයෙන් බැහැරව ගහෙන් ගෙඩියක් එන්නාක් මෙන් නැතහොත් බස් රියකට නැගී මුදල් දී ටිකිත්තක් (tricket) ගන්නා සේ අමාත්‍ය මණ්ඩල තීන්දුවක් ගත නොහැකිය.

මේ කෙරී ඇත්තේ පළාත් පාලන මැතිවරණය අහෝසි කිරීමේ දේශපාලන සහ නිලධාරි කුමන්ත්‍රණයකි.

දේශපාලන ක්‍ෂේත්‍රයේ සහ සමාන්‍ය සමාජයේ “මූ” යන පදයෙන් ඇමතුණු ප්‍රසිද්ධ චරිත දෙකකි. ඒ දී.මූ. සහ මූ අරුක්ගොඩ යන දෙකය. දැන් මේ චරිත දෙකම සුජීවත්ව නැත. ඒ නිසා මේ සිද්ධියේ මූ යනු ඒ දෙදෙනාම නොවේ. එහෙත් මේ සිද්ධියේ යටින් සිටින්නේ ද “මූ”ය. “මූ” අරූ නොවේ. අරූ “මූ” ද නොවේ. “මූ” වනාහි “මූ”මය.

එහෙත් “මූලා” කවුරු යටින් සිට නූල් ඇත්දත් (කොටි) හපුවාගේ බෙල්ලට තොණ්ඩුව නම් එන පාටය.

මේ ලේකම් කෙනෙකි. නොසැලකිල්ල සහ විෂමාචාරය යටතේ මේ කර ඇත්තේ දඬුවම් ලැබිය හැකි (Punishable Offence) නොව දඬුවම් දියයුතු වරදකි. කළ යුත්තේ කවුරුන් හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හෝ අධිකරණයට හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම පමණි.

මේ රාජ්‍ය නිලධාරියකු දේශපාලන හයිය කරට ගෙන කළ නින්දිත ක්‍රීයාවකි. මේ අන්දමින් රාජකාරි කළ බොහෝ දෙනකු අන්තිමට “හොම්බෙං” ගොස් තිබේ.

“ලිපගිනි මොළවන තෙක් දිය සැළියේ – සැපයෙන් කකුළුව වළකජු කෙළියේ” යන පරිදි හමදාම “මොර” ය සිතන ලෙසය.

මහජනයා සතු දේට ඇති පෙරේතකමට බලයේ සිටින්නන් බලය රැකගැනීමට ගහන හතරවරං අල්ලන කස්තිරං අහස උසටය.

ලෝවැඩ සඟරාවේ කියැවෙන්නේ “අන්සතු දේකට දැක දළ ලොබිනේ – උන්ට නොවී මට වේවයි සිතිනේ” යන්නය. මේ සෙල්ලම් කරන්නේ ගින්දර සමග බව ඔවුනට අමතකය.

ඔය නඩය 2014 දී දිව්වේ බෙදාගත් බත්පත මේසෙ උඩ දමාය. රජ සැප හැරදා එවර දිව ගොස් නැවතුණේ මැදමුලන පළාතේ ගෙදරක ජනෙල් පළුවක එල්ලීමෙනි.

අරගලයේ බඩුටික වැට කඩුලු පැන්න විට මේ පාර දිව්ව දිවිල්ල “අම්මට උඩි” එල්ල වෙන්න අතළඟ ඇති අනිත් “රන්“ එක ඒවාට වඩා හත්කූරු (භයානක) විය හැකිය.

මුළු ජීවිත කාලපරිච්ඡේදයේම කෑම වෙනුවට අල්ල ලෙවකා කහට කෝප්පය බී විශ්‍රාම ගිය උන් මෙදා විශ්‍රාම වැටුප ගන්න ගොස් ආපසු ආවේ කඳුළු හලමිනි. ඉදිරියේදී රාජ්‍ය සේවකයාගේ වැටුපත් ප්‍රමාද කර දීමට ඇඳිවත අංශක විසිතුන හමාරක් උඩට උහා පියා පිටපොට ගහන හැටි පෙනේ.

මේ සියල්ල මහජන මතයට බියේ මැතිවරණය නොපවත්වා බලයේ එල්ලිලා ඉන්නට ගහන නින්දිත දහංගැටය. (කොටි) හපුවාගේ කුණු බිත්තරේ අතේම පුපුරා තාම ගංදස්සාරේ රටම දෙවනත් කෙරේ. මේ අඩව් ඇල්ලීමට සමාන අනිත් කස්තිරම පාර්ලිමේන්තුවේ මැතිවරණ වියදම් නියාමන පනතය.

පළාත් පාලන මැතිවරණය යට ගැහීමට කරන පොරෝඩාවල් එන්නේ එකපිට එකය. හරියට මුහුදේ රැළ නැගෙන්නා සේය. ඕවා නවතින දවසත් වැඩි ඈතක නොවේ.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

එක නඩුවකින් කබ්රාල් නිදහස් ‌වෙයි! හාමුදුරුවොම නඩුව ඉල්ලා අස්කර ගනී!

Next Post

මහ කැලෙන් වට වෙලා, ගමටම ඉන්නෙ එක මිනිහයි, හිටිහැටියෙම දනට වඩින බලවත් හිමිනමක්, කවුරුත් දන්නෙ නැති හැංගිලා තියෙන දංදෙණිකුඹුර කැලේ ගම්මානය…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.