• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රාවණා 1818 කැරැල්ල මෙහෙයවූ හැටි

August 14, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
රාවණා 1818 කැරැල්ල මෙහෙයවූ හැටි
Share on WhatsAppShare on Facebook

මුළු ලෝකයේම මෙතෙක් ජීවත්ව ඇති ශ්‍රේෂ්ඨතම නරපතියා සහ බලගතුම පුද්ගලයා මේ බිමේ පහළ වූ රාවණා රජු බවට විශ්වාස කරන බොහෝ දෙනකු අදටත් අප අතර වේ. රාවණා රාජ පුවත සත්‍ය බවට ඔප්පු කළ හැකි කිසියම් හෝ පුරාවිද්‍යාත්මක සාධකයක් මේ වනතුරුම ලැබී නැත. නමුත් රාවණා පුවත් අසත්‍ය යැයි කිසිවකුට තර්ක කළ නොහැක්කේ එය වසර දහස් ගණනක් පුරා මේ පොළෝ තලයේ ජීවත් වූ සියලුම දෙනා විශ්වාස කරන බැවිනි. රාම රාවණා පුවත ලෝකය පුරා ප්‍රචලිත වනුයේ ඉන්දීය ලේඛඛ වාල්මිකී රාමායණය රචනා කිරීමත් සමඟිනි. පසුව රූපවාහිනි නාට්‍ය මාලාවක් බවටද පත් වාල්මිකීගේ රාමායණය තුළදී රාවණා රජු පරාජයට පත්වන්නේ ඉන්දීය රාම රජු වීරයෙකු බවට පත් කරමිනි. රාමායණයෙන් පසුව මෙම මහා කතා පුවත පාදක කරගනිමින් ඉන්දියාව තුළ බිහි වූ සියලුම නිර්මාණ තුළද දක්නට ඇත්තේ මෙම තත්ත්වයමය. නමුත් රාවණා වීරයෙකු බවට පත් කරමින් නිර්මාණය වූ මෙන්ම වර්තමානයේදීද ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වන සියලුම නිර්මාණ සඳහා පවතින්නේ ඉහළ ඉල්ලුමකි.
රාවණා මහ රජු සම්බන්ධ අලුත් අලුත් කතා පුවත් කාලයෙන් කාලයට මතුවීමද සාමාන්‍ය තත්ත්වයකි. එලෙස මතුවන සියලුම කතන්දර ජනතාව ඉමහත් ආදරයෙන් වැළඳගැනීමද සාමාන්‍ය තත්ත්වයකි.
රාවණා රජු සම්බන්ධව ඔබ අසා ඇති කතා පුවත් බොහෝ ගණනක් ඇතිවාට කිසිදු සැකයක් නැත. එමෙන්ම යහන්ගලේ නින්දේ පසුවන, නැවත අවදි වන බව විශ්වාස කරන බොහෝ දෙනකු ඒ අතර සිටින බවටද කිසිදු සැකයක් නැත.

යුද්ධයේදී සිහි මුර්ඡා වූ රාවණා මහ රජු යහන්ගලේ නින්දේ පසුවන බවට පවතින් විශ්වාසය කොයිහැටි වුවද, ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී රාවණා මහ රජු අපේ ලක්දිව බේරා ගැනීම සඳහා උදවු කර ඇති අවස්ථා බොහෝය. අදටත් හෙළයේ මහා ආරක්ෂකයා වනුයේ රාවණා රජුන් බවට ජනතාව තුළ අචල විශ්වාසයක් ගොඩ නැඟී ඇත්තේද ඒ නිසාය. දේශයේ ආරක්ෂාව වෙනුවෙන් විදේශීය බලවේගයන් සමඟ පැවැති සියලුම යුද්ධවලදී දේශීය යුධ සේනාව ඉදිරියට ඇදුනේ රාවණා කොඩිය පෙරටු කරගනිමිනි. යුද සෙබළුන්ගේ ආත්ම විශ්වාසය වැඩිකිරීම පමණක් නොව හෙළයේ මහා ආරක්ෂකයාගේ නොපෙනෙන ආශීර්වාදය ලබාගැනීමද එහි අරමුණ විය. රාවණා රජු සම්බන්ධයෙන් අලුත්ම පුවත වාර්තා වන්නේද නොපෙනෙන බලවේගයක් වී මේ ආකාරයෙන් සිංහල හමුදා සඳහා ශක්තිය ලබාදීම සම්බන්ධවය. මේ ආකාරයේ සිදුවීම් කිහිපයක් ගැනම අසන්නට ලැබුණත් ඒ අතරින් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇත්තේ 1818 ඌව වෙල්ලස්ස මහ කැරැල්ල සඳහා රාවණා රජුගේ සහාය ලබාගත් ආකාරය සම්බන්ධවය.
උඩරට ප්‍රධානීන් නොමඟ යවමින් 1815 ගිවිසුම අස්සන් කීරීමත් සමඟ කන්ද උඩරට රාජධානිය මහා බි්‍රතාන්‍ය කිරීටයේ අණසකට යටත් විය. ඊට පෙර ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ පෘතුග්‍රීසි සහ ලන්දේසි ජාතියකන් විවිධ උප්පරවැට්ටි යෙදුවද උඩරට රාජධානිය යටත් කර ගැනීම ඔවුනට සිහිනයක් පමණක් විය. නමුත් කොයි ආකාරයෙන් හෝ උඩරට සිංහල නායකයන්ගේ දුර්වලකම් හඳුනා ගත් ඉංග්‍රීසි ජාතිකයන් එම සිහිනය යථාර්ථයක් කර ගැනීමට සමත් විය.

තමන් උපන් බිමේදීම අනෙක් ජාතියකගේ අණසකට යටත් වී ජීවත්වීමේදී සිංහලයන් තුළ වූ පීඩනය පුපුරා යන්නේ 1818 මහා කැරැල්ල ඇති වීමත් සමඟින්ය. විටෙක ඉංග්‍රීසීන් පරාජයේ අන්තය පෙනෙන තැනටම පත් කළ එම මහා කැරැල්ල සඳහා සිංහල නායකයන් සූදානම් වූයේ 1815 උඩරට ගිවිසුම අස්සන් කළ දිනයේ සිටමය. මේ පින් බිමෙන් පරසතුරු ඉංග්‍රීසින් පලවා හැරිය යුතු බවට තීරණය කළ සිංහල නායකයන් අතර ප්‍රධාන තැනක් හිමි වන්නේ හැපලෝගම මොහොට්ටාලටය. ඉංග්‍රීසීන්ට යටත් වී ජීවත් වනවාට වඩා මියයෑම සුදුසු යැයි තීරණය කළ හැපලෝගම මොහොට්ටාල තම තීරණය පිළිබඳ අනෙක් සිංහල රදළ ප්‍රධානීන්ද දැනුවත් කිරීමට කිහිප වරක්ම පියවර ගත්තේය. තම උත්සාහය මල්පල ගන්වමින් වසර තුනක් ගතවන විට ඉංග්‍රීසීන් පන්නා ගැනීමේ සටනට බොහෝ සිංහල නායකයන් පිරිසක් එකතුකර ගැනීමට හැපලෝගම මොහොට්ටාලට හැකි විය. බූටාවේ රටේ රාළ ඇල්ලේපොළ දිසාව මෙන්ම කොහුකුඹුරේ. කට්ටල, කළුකුඹුර, බොරවැව, මැදගම, පස්සර, වත්තල, බකිනිවෙල, පොල්ගහගෙදර, හේවාපොළ, රොම්බාව, අරම්පොළ, යාල්ගම, උඩුමැදුර, කටකෑල, පලාගොල්ල, වෑගිරිය, අදාවල, කඩගම ඇතුළු තවත් බොහේ ප්‍රදේශවල මොහොට්ටාලවරුන්ද එලෙස ඒ සටන සඳහා එකතු වූහ. මෙලෙස උඩරට සියලුම ප්‍රදේශවල ප්‍රධානීන් එකතු වී සිටියද ඌව වෙල්ලස්ස කැරැල්ලේ සටන් කටයුතු සංවිධානය භාරව සිටි සුවිශේෂ පුද්ගලයා වූයේ කිවුලේගෙදර මොහොට්ටාලය.

ඉතිහාස වාර්තාවන්ට අනුව ඌව වෙල්ලස්ස කැරැල්ලේදී කිවුලේගෙදර මොහොට්ටාල ඉටුකළ ප්‍රධාන කාර්යය ලෙස සඳහන් වන්නේ එතෙක් ඉංග්‍රීසි ජාතිකයන් සමඟ එකතු වී සිටි කැප්පෙටිපොළ නිළමේ සිංහල සේනාව සමඟ එකතු කරගැනීමය. නමුත් කිවුලේගෙදර මොහොට්ටාල මෙම කැරැල්ල අතරතුර ඊටත් වඩා විශාල මෙහෙයක් ඉටුකර ඇත. ඉංග්‍රීසි සේනා බල බිඳිමින් සිංහල සේනාව සමඟ අභීතව ඉදිරියට ගිය කිවුලේගෙදර මොහොට්ටාල යනු පරාජය කළ නොහැකි පුද්ගලයකු ලෙස ඉංග්‍රීසි හමුදා ප්‍රධානීන් පවා හඳුන්වා දී ඇත. මේ ආකාරයෙන් පරාජය කළ නොහැකි අද්විතීය බලයක් සහිත පුද්ගලයකු බවට පත්වීමට කිවුලේගෙදර මොහොට්ටාල හැකියාව ලැබී ඇත්තේ ඔහු සහ රාවණා මහරජු අතර පැවැති අදෘශ්‍යමාන සම්බන්ධයක් මතය.

එම අදෘශ්‍යමාන සම්බන්ධය මත ආරෝපණය කරගත් බලය හේතුවෙන් ඉංග්‍රීසි හමුදාවන් විමතියට පත් කරමින් කිවුලේගෙදර මොහොට්ටාල මෙහෙයවූ සියලුම සටන්වලින් සිංහලයන්ට ජයග්‍රහණය හිමිවිය. අනාවරණ වන තොරතුරු අනුව කිවුලේගෙදර මොහොට්ටාල සහ රාවණා මහ රජු අතර අබිරහස් ගනුදෙනුව සිදුවී ඇත්තේ මොනරාගල මාරගල කන්දේ පිහිටා ඇති භූගත ගුහාවක් තුළදීය. මේ ගුහාවට ඇතුළු වීමේ හැකියාව තිබී ඇත්තේද කිවුලේගෙදර මොහොට්ටාලට පමණක් බවද අනාවරනය වන අතර යුද්ධය අතරතුර ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම එම උමඟ තුළ බොහෝ වේලාවක් ගතකිරීමට මොහොට්ටාල කටයුතු කර ඇති බවද සඳහන්ය. එම උමග තුළදී රාවණා මහරජුට පුද සත්කාර කිරීම පමණක් නොව අදෘශ්‍යමාන බලවේගයක් සමඟ අංගම්පොර වැනි සටන් ක්‍රම පුහුණු වීමද කිවුලේගෙදර මොහොට්ටාල සිදු කර ඇත. උමඟ තුළදී භාවනාවේ යෙදීම මඟින් යුද උපක්‍රම සහ සතුරාගේ දුර්වල තැන් හඳුනා ගැනීමේ අවස්ථාව කිවුලේගෙදර මොහොට්ටාලට උදා වී තිබුණු අතර ඉංග්‍රීසීන් පරාජය කිරීම සිතන තරම් අපහසු දෙයක් නොවන බව මොහොට්ටාල තම හිතවතුන් සමඟද පවසා ඇත.
කෙසේ නමුත් මුදලට සහ බලයට ලොබ කමින් රට ජාතිය පාවාදුන් මේ බිමේම උපන් දේශද්‍රෝහීන්ගේ ඔත්තු මත කිවුලේගෙදර මොහොට්ටාල සහ මොනරාගල මාරගල කන්ද අතර ඇති සම්බන්ධය දැනගැනීමට ඉංග්‍රීසීන්ට අවස්ථාව උදා වී ඇත.
ඉන් පසු කිවුලේගෙදර මොහොට්ටාල අල්ලා ගැනීම සඳහා තමන් සතු සියලුම උපක්‍රම භාවිත කළ ඉංග්‍රීසීන් මොහොට්ටාල අබිරහස් උමඟ තුළ සිටියදීම මාරගල කන්ද වටලා ඇත. එහෙත් තමන් සතු අද්භූත බලය යොදාගනිමින් එතැනින් පැන ගැනීමට මොහොට්ටාල සමත් වූ නමුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඉංග්‍රීසි භට සේනා එම අභිරහස් උමඟ තුළ වූ රාවණා පිළිමය පැහැර ගෙන ගොස් ඇත. එම කටයුත්ත නියමාකාරයෙන් සිදුකිරීමට අවශ්‍ය සියලුම තොරතුරු සිංහල දේශද්‍රෝහීන් ඉංග්‍රීසීන් වෙත ලබා දී ඇත. එබැවින් මොහොට්ටාල උමඟට පැමිණෙන වෙලාව සහ ඉන් පසු සිදුකරන කාර්යයන් මෙන්ම ඉන් පිටවන වේලාව පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් ඉංග්‍රීසීන් සතුව තිබී ඇත. එමෙන්ම මොහොට්ටාල අල්ලා ගැනීමට නොහැකි වුවද භූගත දේවාළය තුළ වූ පිළිමය පැහැර ගැනීමෙන් ඔහු සතු සියලුම බලය විනාශ කළ හැකි බවද ඉංග්‍රීසීන් කල් තියාම දැනුවත් වී ඇත.

සිංහල දේශද්‍රෝහීන් ඉංග්‍රීසි හමුදාව දැනුවත් කළ ආකාරයෙන්ම තම ජීවිතය බඳු වූ රාවණා පිළිමය අහිමි වීමත් සමඟ කිවුලේගෙදර මොහොට්ටාල සතු වූ සියලුම මානසික ශක්තීන්ද හීන වී ගොස් ඇත. එම පිළිමය අහිමි වීමෙන් පසු තමන් සතු සියල්ල අහිමි වී ගිය ආකාරයෙන් කටයුතු කළ මොහොට්ටාල සටන් කටයුතුවලින් ඉවත් වී ඉබාගාතේ ඇවිද යන තත්ත්වයට පත් වී ඇත. මේ ආකාරයෙන් බල රහිත වූ කිවුලේගෙදර මොහොට්ටාලගේ නිසල දේහය පසුව ඉංග්‍රීසීන්ට හමු වී ඇත්තේ බිබිලේ ප්‍රදේශය ගල් තලාවක් මත තිබියදීය. නමුත් ඉංග්‍රීසීන් ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ කිවුලේගෙදර මොහොට්ටාල තම අත්අඩංගුවට පත් වූ බවය. අත්අඩංගුවට පත් මොහොට්ටාල එල්ලා මැරූ බව ප්‍රකාශ කළ ඉංග්‍රීසීන් එම මළ සිරුර බදුල්ලේදී ජනතාවට ප්‍රදර්ශනය කර ඇත.
කෙසේ නමුත් කිවුලේගෙදර මොහොට්ටාලගේ මරණයත් සමඟ කැරැල්ල කෙමෙන් අභාවයට ගිය අතර එයට නායකත්වය දුන් බොහෝ සිංහල නායකයෝ මරණයට හෝ ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත්වූහ. ඉන් පසු කිහිප වරක් ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහල නායකයන් පෙළ ගැසුනද ඒ සියලුම නැඟිටීම් පාලනය කිරීමට පිටරැටියන්ට හැකි විය. අවසානයේ අප රට සතුව තිබූ වටිනා සියල්ල විනාශ කර මෙරටින් පිටව යන තුරුම ඉංග්‍රීසීන් යටතේ පාලනය වීමට සිංහලයන්ට සිදු විය. ඇතැම් විට රාවණා මහා රජු සමඟ එකතුව කිවුලේගෙදර මොහොට්ටාල ගත් උත්සාහය සාර්ථව වූවා නම් මේ කතාව මීට වඩා වෙනස් එකක් වීමටද ඉඩ තිබිණි. පුදුමයට කරුණ නම් ඒ උත්සාහය ව්‍යර්ථ කර ඇත්තේද මේ බිමේම උපන් සිංහලයන් වීමය. තුන් හෙළය බේරා ගැනීම සඳහා පිටරැටියන්ට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය බලය ලබාදීමට රාවණා රජු සූදානම් වුවත්, උපන් බිමට නිගා දුන්නද කිසිම හේතුවක් මත මේ හෙළබිමේ උපන් පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට රාවණා මහ රජුගේ කැමැත්තක් නොමැති වීමද ඇතැම් විට එයට හේතු වන්නට ඇත.

SendShareShare
Previous Post

ජපන්නු මැරෙන්න යන අමුතුම වනාන්තරය

Next Post

කතරගම දෙවියො පෙරහැරට ආපු විදිහ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.