• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දේවාති දේව හනුමාන්

February 29, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
දේවාති දේව හනුමාන්
Share on WhatsAppShare on Facebook

හනුමාන් පිළිසිඳ ගත්තේ ශිව (මහ දෙවි) දෙවියන්ගේ දරු බීජයකින් හෙයින් ශිව දෙවි හනුමාන්ගේ එක් පියෙකි. ශිව දෙවියන්ගේ දරු බීජය හනුමාන්ගේ මව වූ අංජානිගේ කුසෙහි තැන්පත් කළේ වායු දේව බැවින් ඔහු ද හනුමාන්ගේ පියෙකි. අංජානිගේ සැමියා කේසරී හෙයින් ඔහුද හනුමාන්ගේ පියෙකි. ඒ අනුව හනුමාන්ට පියවරුන් තිදෙනෙකි.

රුද්‍රා යනු ශිව දෙවියන්ට නමකි. ඒ නිසා හනුමාන් බිලිඳා රුද්‍රගේය යන අරුතින් හනුමාන්ට “රෞද්‍රේය” යැයි කියත්. ශුක්‍ර බින්දුව ගෙන ඒම නිසා වායු දේව හෙවත් මාරුත හෙවත් පවන් (සුළං)ගේ පුත්‍රයා යන අර්ථයෙන් හනුමාන් වායු පුත්‍ර, පවන් පුත්‍ර සහ මාරුත පුත්‍ර හෙවත් මරුති ලෙසින් ද හඳුන්වනු ලැබේ. (මාරුතය (මරුති) ඉතා වේගයෙන් ධාවනය කෙරෙන බැවින් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථ වර්ගයක් මරුති යනුවෙන් හඳුන්වනු ලබන්නේ හනුමාන්ට ගෞරව පිණිස බැව් දන්නෝ ස්වල්ප දෙනෙක්ය.)

හනුමාන් ඉපදුණේ අංජානියගේ කුසින් බැවින් ඔහු අංජානි සුත (අංජානිගේ පුතා) ලෙසින්ද අංජනේය ලෙසින්ද හැඳින්වේ. අංජානියගේ සැමියා කේසරී බැවින් හනුමාන් කේසරීගේ පුත්‍රයාය යන අර්ථයෙන් කේසරී නන්දන්ද වේ.

හනුමාන් ශිව දෙවියන්ට දාව පාර්වතීගේ කුසින් ඉපදුණු බව ඇතැම් වේද ග්‍රන්ථයක සඳහන්ව තිබේ. ශංකර් යනු ශිව දෙවියන්ට තවත් නමකි. ශංකර්ගේ පුතූ යන අදහසින් හනුමාන්ට “ශංකර් සුවන” යැයිද “ශිව ජීවාත්මන්” යැයිද ව්‍යවහාර කරත්.

හනුමාන් යෝධ බල, යෝධ ශක්තිය සහ දීඝායු ඇත්තෙකි. ඔහුට කිසි දිනෙක ගින්නෙන් ජලයෙන් අනතුරක් සිදුවන්නේ ද නැත. ජීවිත තර්ජනයක්ද නැත. ඒ තත්ත්වය ඔහුට ලැබුණේ දේව වරමකිනි. හනුමාන්ට කුඩා කාලයේදීම ඒ වරම ලැබුණේ වඳුරන් කෙරෙහි පවත්නා වඳුරුගතිය නිසාවෙනි.

පල වැල කෑම වඳුරාගේ සිරිතය. අත්තෙන් අත්තට ගහෙන් ගහට පනිමින් පලතුරු කමින් කෙළි දෙළෙන් කාලය ගතකරන කුඩා හනුමාන් රතු පාටට ඉදී බබළන ලොකු ගෙඩියක් දැක එය කඩා ගැනීමට දැතින්ම අදින්නට පටන් ගත්තේය. ඔහුට වැරදීමක් වී තිබිණි. පලතුරක් යැයි සිතා ඔහු අදිමින් සිටියේ සූර්යයාය. ඔහු කෙතරම් තදින් අදින්නට වූයේද යත් බියෙන් වෙව්ලූ හිරු සිය රශ්මි මාලාව අකුළා ගත්තෙන් දෙව් ලොවද අඳුරුවී ගියේය.

දෙවිවරු තැති ගත්හ. දේව සභාවේ නායක “ඉන්ද්‍ර” (ශක්‍ර) තැති ගත් දෙවිවරුන් සන්සුන් කර දඟකාරයාට පාඩමක් කියා දෙන්නට සිතා සිය වාහනය වූ ඓරාවණ හස්තියා පිට නැඟී ගොස් වඳුරු පැටියා ඇද දමන්නට ඓරාවණයා මෙහෙය වීය. එහෙත් හනුමාන් හිරු අත හැරියේ නැත. ඒ වෙනුවට ඔහු ඓරාවණගේ හොඬවැල එක අතකින් අල්ලා මිරිකුවේය. චූ දැමූ ඓරාවණ දෙව් ලොව වෙව්ලූවමින් මොර දෙන්නට පටන් ගත්තේය. ඓරාවණට කළ හිරිහැරයට කේන්ති ගිය ඉන්ද්‍ර සිය වජ්‍රා යුධයෙන් හනුමාන්ට පහර දුන්නේය. තම පුත්‍රයාට කළ නොහොබිනා වැඬේ ගැන හනුමාන්ගේ පියකු වූ වායු දේවට ඌරු ජුවල් නැග්ගේය. ඔහු ලෝකයට වායුව මුදා හැරීමෙන් වැළකිණි. ඒ නිසා දෙවිවරුන්ට හුස්ම ගන්න පවා නො හැකිවිය. දේවතාවියෝද සුරඟනෝද ළතෝනි දෙන්නට වූහ. සියලුම දෙවිවරු වායු ඉදිරියේ කන්නලව් කරන්නට පටන් ගත්හ. එහෙත් වායු සිය තීන්දුව වෙනස් නොකර තම දරුවාට කළ වරද නිවැරැදි කරන ලෙසට කීහ.
“නුඹලා වරදට සමාව ගත යුතුයි. දරුවා ආරක්‍ෂා කරන බවට පොරොන්දු විය යුතුයි” වායු දේව ඝෝරනාඩු කළේය.

ඉන් පසු දෙවිවරු එකිනෙකා තම තම ශක්තියෙන් හනුමාන්ට ආශීර්වාද කරන්නට වූහ.
හනුමාන්ගේ “ප්‍රඥාව වර්ධනය වේවා” එක් දෙවියෙක් ආශීර්වාද කළේය. ඔහුගේ “අධිෂ්ඨාන ශක්තිය කිසි දින නොබිඳේවා” තවත් දෙවියෙක් පැතූවේය. හනුමාන්ට කිසිදා ජලයෙන් ගින්නෙන් අනතුරක් හෝ ජීවිත හානියක් හෝ නොවේවා. ඔහුගේ ආයුෂ කිසිවකුට ඉක්ම විය නොහැකි වේවා. “දේවාති දේව වේවා” යන අන්දමින් සියලු දෙනාම හනුමාන්ට සෙත් පතා වරම් දුන්හ.
ඒ වරම් ලද හනුමාන් මහා බලවතෙක් වූවේය. ඉන්පසු වායු දේව වායුව මුදා හැරියේය.
හනුමාන්ට අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය විය. තම ආචාර්යවරයා විය යුත්තේ කවරකුද යන්න ගැන ඔහු සිතුවේය. ඒ සඳහා හොඳම තැනැත්තා සූර්ය දිව්‍ය රාජයා බව හෙතෙම තීරණය කෙළේය.

“මම ඔබගේ කීකරු ශිෂ්‍යයා වීමට කැමැත්තෙමි” යැයි සූර්ය දිව්‍ය රාජයා කරා ගිය හනුමාන් කීය.

“මම කොහොමද ඔබට උගන්වන්නෙ, මම මුළු අවුරුද්ද පුරාම එක මොහොතක් හෝ එක තැන නො රැඳී ලෝකය වටා දුවන්නෙක්. ඒ නිසා කොහොමද ඔබට උගන්වන්නෙ” සූර්ය දිව්‍ය රාජයා පෙරළා ඇසුවේය.

“මට උගන්වනව නම් ඒක සුළු දෙයක්. මම ඔබතුමා සමඟ එක ළඟින් ඉන්න හරි හරියට දුවන්නම්. එතකොට ඔබතුමාට මට උගන්වන්න පුළුවන්” හනුමාන් කීය. ගුරුවරයා සිය ගෝලයාගේ කොන්දේසියට එකඟ විය.

හනුමාන් සියලු ශාස්ත්‍ර සූර්ය දිව්‍ය රාජයාගෙන් ඉගෙන ගත්තේ ලොව වටා ධාවනයේ යෙදෙමිනි. සෘග්, යජුර්, සාම සහ අථර්වන් යන චතුර්වේදයද, ෂඞ් දර්ශනයද, සූසැට (හැට හතරක්) කලාද, එක සිය අසූ හතරක් වූ තන්ත්‍රද, අබිරහස් ශාස්ත්‍රයද ගුප්ත විදා්‍යාවේ අෂ්ට කර්මයද හනුමාන් එපරිද්දෙන්ම උගත්තේය. එසේ සියලු ශාස්ත්‍ර දැන උගත් හෙයින් හෙතෙම “විද්වාන්” නම් වන්නේය.

ශිල්ප හැදෑරීම සඳහා සූර්ය දිව්‍ය රාජයාගේ වේගවත් ධාවනයට සමගාමී වේගයෙන්ම ආරක්‍ෂිතව ලෝකය වටා ධාවනයේ යෙදුණු බැවින් ලෝකයේ සියලුම පාහේ ගුවන් සමාගම් සිය මංගල ගමන අරඹන්නේත් සංචාරකයන් වැඩි දෙනකු ගුවන් ගමන් යෑමේදීත් හනුමාන්ගේ ආශීර්වාදය ඉල්ලමින් පුද පූජා පවත්වන්නේද එබැවිනි.

හනුමාන් යනු රාමාගේ (රාම්ගේ) වේශයෙන් පෙනී සිටින විෂ්ණු දෙවියන්ගේ ඉතාම භක්තිවන්ත සේවකයා ලෙසට වෛශ්‍රවණයන් (විෂ්ණු භක්තිකයන්) විසින් සලකනු ලැබේ. එපමණක් නොව විෂ්ණු භක්තිකයෝ ඉමහත් ගෞරව බහුමානයෙන් යුතුව හනුමාන්ට පුද පූජාද පවත්වමින් විෂ්ණු දෙවියන්ගේ භක්තිවන්තම සේවකයාය යන අරුතින් “භක්ත (භක්ති) චක්‍රවර්ති” යන නාමයෙන්ද හඳුන්වති.

රාවණාගේ බලසම්පන්න හමුදා සමග මුහුණට මුහුණලා කළ සටන්වලදී පෙන්වූ අයෝමය ශක්තිය නිසා හනුමාන් කාය ශක්තියේ ප්‍රතිමූර්තිය ලෙස සලකා කාය වර්ධකයන්ගේද, මල්ලව පොර ශූරයන්ගේද දෙවියන් ලෙසට පාත්‍රවී ඇත. හනුමාන්ගේ වස්ත්‍රය ඉතා කෙටි ඇඳුමක් නිසා මල්ලව පොර ක්‍රීඩකයන් (විශේෂයෙන් සුමෝ ක්‍රීඩකයන්) කාය වර්ධකයන් සිය නිල ඇඳුම ලෙස තෝරාගෙන ඇත්තේ හනුමාන්ගේ ඇඳුමයි. ඒ නිසා හනුමාන්ට “කෞපින වස්ත්‍රසිංහ වස්ත්‍ර” නම් පටබැඳී තිබේ.

කාය වර්ධකයන් මල්ලව පොර ශූරයන් කවර කටයුත්තක් ආරම්භ කරන්නේත් හනුමාන් තම දෙවියන් බැවින් ඔහුට බැති පුද තබමිනි. හෙතෙම කාය ශක්තියේ තාරුණ්‍යයේ දෙවියාය යන අර්ථයෙන් “වජ්‍රාංග බාලි” නමින්ද හැඳින්වේ.
චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සීමාසහිත ‘ටයර් හවුස්’ සමාගමේ වෙළෙඳ නියෝජිත හමුව

Next Post

විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ‌අද: ‌‌ව්‍යවස්ථාවට එකගයි: ‌බොහෝදුරට ලකුණේ ‌වෙනසක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.