විශාල පාෂාණ අතරේ ස්වභාවික පොකුණක් ලෙස නිර්මාණය වී ඇති මෙම ස්ථානය ශාපලත් ස්ථානයක් ලෙස සැලකෙයි. මීට ඉහතදී තම පෙම්වතා තමාගෙන් උදුරාගත් ශෝකයෙන් මෙම ස්ථානයේ ගිලී දිවි නසාගත් ඇබොරිජිනියානු ගෝත්රික කාන්තාවගේ මරණයෙන් පසු මෙම ස්ථානයේ විවිධ අද්භූත සිදුවීම් රැසක්ම සිදුවී ඇත. 1959 වසරේ සිට මෙම ස්ථානයේ අබිරහස් අන්දමින් ගිලී මියගිය පුද්ගලයින් ගණන දාහතකි.











