• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

උමයංගනාගේ ග්‍රහණයෙන් බේරුණු නුවණට අධිපති ගනේෂ

December 28, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
උමයංගනාගේ ග්‍රහණයෙන් බේරුණු නුවණට අධිපති ගනේෂ
Share on WhatsAppShare on Facebook

හින්දු භක්තිකයන්ගේ මහත්වූ පුද පූජාවන්ටත්, ගෞරවයටත් බඳුන්වන හින්දු දේව පුරාණයේ එන දෙවි කෙනෙකි ගණ දෙවිඳුන්. අන් දෙවි දේවතාවුන්ට සාපේක්‍ෂව විශේෂ මුහුණකට හිමිකම් කියන ගණ දෙවිඳුන් පර්යාය නාමයන් රැසකින් හඳුන්වනු ලබයි. ඒ අතර ගණපති, ගණාධිරාජා, විනයාගර්, ගනේෂ්, විග්නේෂ්වරන්, පුල්ලෙයාර් සාමි, විනායක, විග්ණ රාජ, ඝණ දීපන්, චක්‍ර තුණ්ඩන් මූලිකය, ශිව දෙවිඳුන්ගේ හා උමයංගනා දේවියගේ පුතුන් දෙදෙනා අතරින් දෙටු පුත් වූ ගනේෂ ස්කන්ධ දෙවියන්ගේ සොහොයුරා වෙයි.

සියලු දෙවිවරුන්ට සාපේක්‍ෂව විශේෂ රූපයකට හිමිකම කියන ගණ දෙවිඳුන් විශාල උදරයකටත්, බාහු සතරකටත්, ඇත් හිසකින් යුත් මිනිස් සිරුරකටත් හිමිකම් කියයි. මෙහිදී ඇත් හිසේ විශේෂත්වය වනුයේ එක් දළයක් කැඩී කෙටි වීමයි. ගණ දෙවිඳුන් සතු අත් සතරින් දකුණු පස මුල් අතෙහි අංකූෂයක්ද, දෙවැනි අතෙහි දළ කැබැල්ලක්ද, වම් පස මුල් අතෙහි රැහැනක්ද, දෙවැනි අතෙහි කැවුමක්ද වෙයි

ගණදෙවි උපත සම්බන්ධව කතා වස්තු කිහිපයකි. එයින් බහුතර පිළිගැනීම හින්දු දේව කතා පුරාණයට අනුව එන කතා පුවතයි. එය මෙසේය. ගණ දෙවිඳුන්ගේ පියා වූ ශිව දෙවිඳුන් දැන සිටි වටිනා බලගතු මන්තරයක් දැන ගැනීමට පැමිණි බ්‍රහ්මයන් එය ශිව දෙවිඳුන් වෙතින් ඉගෙන ගත් පසු ශිව දෙවිඳුන් විනාශ කර ශිව දෙවිඳුන්ගේ භාර්යාව වූ උමයංගනාවන් විවාහ කර ගැනීමට සිතක් පහළ වී ශිව දෙවිඳුන් මරා දැමීමේ අදහසින් තමා ඉගෙනගත් මන්ත්‍ර අත්ලට මතුරා ශිව දෙවිඳුන් ලුහුබැඳීය. ශිව දෙවිඳුන්ද බ්‍රහ්මයාගෙන් බේරීමට පසු නොබලා දිව ගියේය. මෙය දුටු විෂ්ණු දෙවිඳුන් සුරූපී කාන්තා රුවක් මවා ඔවුහු දිව එන මාර්ගයේ ගසක් මුල වාඩි වී සිටියහ. මුලින්ම ශිව දෙවිඳුන් මෙම සුරූපිනිය දුටුවද මරණ බිය කරනකොට නොනැවැතුණ නමුත් පසු පසින් හඹා පැමිණි බ්‍රහ්මයන් මෙම සුරූපිනිය දැක විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේය. එයට එකඟ වූ සුරූපිනිය සපථයක් ඉල්ලීය. ඒ තමාව කිසි දිනක තනිකර දමා නොයන බවට තම අතම තමාගේ හිස මත තබා දිවුරන ලෙසය. සුරූපිනියට වසඟව සිටි බ්‍රහ්මයන්ට සියල්ල අමතක වී කොටින්ම තමන් විෂ මන්ත්‍රයක් තමාගේ අතට මතුරා ඇති බවද අමතක වී තම හිස මත තම අත තබා සපථය කළේය. එසැණින් විෂ මන්තරය හේතුවෙන් බ්‍රහ්මයන් අළු වී ගියේය. මේ අතර, බ්‍රහ්මයන් තමා ලුහුබඳින්නේ නැති බව වැටහුණු ශිව දෙවිඳුන් ආපසු හැරී පැමිණෙන විට ඔහුද සුරූපිනියකගේ රුව මවාගත් ගසක් මුල වාඩි වී සිටින විෂ්ණු දෙවිඳුන් දැක ඔහුද පෙර බ්‍රහ්මයා සේම සුරූපිනියට වසඟවී ඇය විවාහ කර ගැනීමට ඇයට ආරාධනා කළේය. එවිට ඇය ශිව දෙවිඳුන්ට පවසා සිටියේ ඇයට දාව දරුවන් සත් දෙනෙක් සිටින බවත්, එම දරුවන් සත් දෙනා සමඟ ඇයවද භාරගත යුතු බවය. එපමණක් නොව මෙම විවාහය සඳහා උමයංගනා දේවියගේ අවසරයද ලබාගත යුතු බව පැවැසීය. මින් අනතුරුව ශිව දෙවිඳුන් උමයංගනාව එම ස්ථානයට කැඳවූ විට උමයංගනාව එම දරුවන් සත් දෙනාටම ආදරය කළ අතර, ඔවුන්ව අල්ලා වැලඳ ගැනීමට යෑමේදී දරුවන් සය දෙනෙක් පමණක් අත් දෙකට අසුවූ අතර, එක් දරුවෙක් පමණක් ඉතිරි විය. එම දරුවන් හය දෙනාට එක සිරුරක් පමණක් හිමිව තිබූ අතර, මුහුණු සයක් හා අත් දොළොසක් විය. ඔහු ස්කන්ධ කුමරු නම් වූ අතර, ඉතිරි වූ දරුවා ගණ දෙවිඳුන් ලෙස හඳුන්වයි.
ගණ දෙවිඳුන්ට ඇත් මුහුණක් හිමිවූයේ කෙසේද යන වගටද කතා පුවත් කිහිපයකි. ඒ අතර, කතා දෙකක් ජනප්‍රියය. ඉන් එක් කතා පුවතක් මෙසේය. සෙල්ලකතරගම ඇල්හේනේ වැදි කුමරියක්ව සිටි වල්ලිය සරණපාවා ගැනීමට කැමැති වූ කතරගම දෙවිඳුන් ඒ බව වල්ලි දේවියට ප්‍රකාශ කළද ඇය ඊට අකැමැති වීම හේතුවෙන් වල්ලි කුමරිය බියවැද්ද වීමට ගණ දෙවිඳුන් ඇත් මුහුණක් මවාගත් බවත් ඉන් අනතුරුව වල්ලි කුමරිය බියගන්වා ස්කන්ධ කුමරුන්ට කැමැති කරවා ගත් බවත් සඳහන්ය. එහිදී ගණ දෙවිඳුන් මවාගත් ඇත් මුහුණ වෙනස් කිරීමට නොහැකි වීමෙන් සදා කාලයටම ගණ දෙවිඳුන්ට ඇත් මුහුණම හිමිවූ බව කියැවෙයි.

තවත් කතා පුවතකට අනුව ඇත් හිසක් ගණ දෙවිඳුන්ට ඇති වූයේ මෙසේය. එක් දිනක් සහෝදරයන් වූ ස්කන්ධ හා ගනේෂ අතර තරගයක් ඇති විය. එය කරදිය වළල්ල වටා දිවීමය. මෙහිදී ස්කන්ධ කුමරුන් තම මයුර වාහනය මත නැඟී කරදිය වළල්ල වටා දිවීම ඇරැඹි අතර ගනේෂද තම වාහනය වූ මූෂිකයා පිට නැඟී නිවෙස තුළට ගොස් මුළුතැන්ගෙයි වූ ලුණු පොල් කටුව වටා ගියේය. ඉතා වේගයෙන් කරදිය වළල්ල වටා දිවූ ස්කන්ධ කුමරු ජයග්‍රාහී ලීලාවෙන් නිවෙසට පැමිණියේ තම සොහොයුරා පරාජය කළා යැයි සිතාගෙනය. නමුත් ගනේෂ තමන් ජයග්‍රාහකයා බවත් ස්කන්ධ කුමරුන් පරාද වූ බවත් පැවැසූ විට ගනේෂයන් කළ කපටි ක්‍රියාවේ සියලු තතු දත් ස්කන්ධ කුමරු කෝපයෙන් ගනේෂයන්ට ගැසූ පහරින් ගනේෂයන්ගේ හිස කඳින් වෙන්වී ගියේය. මෙය දුටු උමයංගනාව දරු සෙනෙහසින් හඬා වැලපෙන්නට වූයෙන් ශිව දෙවිඳුන් සේවකයකු ගෙන්වා තමාට මුලින්ම හමුවන තැනැත්තාගේ හිස ගෙනැවිත් දෙන ලෙස නියෝග කළේය. මේ අනුව ඔහුට මුලින්ම හමුවූයේ ඇතකු බැවින් හෙතෙම ඇතාගේ හිස ගෙනැවිත් දුණි. ඊශ්වර දෙවිඳු ඇත් හිස ගනේෂයන්ගේ කඳට බද්ධ කළ විට ගනේෂයන්ට යළිත් පණ ලැබිණි. මේ අනුව ගනේෂයන්ට ඇත් මුහුණක් හිමි විය.
ගණ දෙවිඳුන් හට අවතාර 18ක් හිමිය. මෙම අවතාර 18 සඳහා වෙන වෙනම මූර්තිද වෙයි. නමුත් වර්තමානය වන විට ශේෂව ඇත්තේ මූර්ති 10ක් පමණි. කෙසේ මුත් ගණ දෙවිඳුන්ගේ අවතාර 18 මෙසේය.

  1. සිද්ධ ගනේෂ 2. ශක්ති ගනේෂ 3. වීර ගනේෂ 4. බාල ගනේෂ 5. වල්ලභ ගනේෂ 6. මහා ගනේෂ 7. භේරම්භ ගනේෂ 8. ධරණි ගනේෂ 9. නෘත්‍ය ගනේෂ 10. බුද්ධි ගනේෂ 11. විද්‍යා ගනේෂ 12. භද්‍ර ගනේෂ 13. සත්‍ය ගනේෂ 14. ලක්‍ෂ්මී ගනේෂ 15. ස්කන්ධ ගනේෂ 16. කාල ගනේෂ 17. චණ්ඩි ගනේෂ 18. භක්ති ගනේෂ.
    ගණ දෙවි පිහිට හුදෙක් ඥාන වර්ධනයට පමණක්ම හේතු නොවේ. ඉන් පරිබාහිරව ස්වභාවික විපත්වලින් ආරක්‍ෂාවට, සැප සම්පත් ගෙන දීමට, ග්‍රහ අපලවලින් ආරක්‍ෂාවට, අන-වින, බන්ධනවලින් ආරක්‍ෂාවට, ආදරවන්තයන් මෙන්ම යුවතිපතීන්ගේ ආරක්‍ෂාවට, අසාධාරණකම්වලින් ආරක්‍ෂාවට මෙන්ම ගැඹුරු ශාස්ත්‍රයන් පහසුවෙන් අවබෝධ වීම ආදී කොට ඇති බොහෝ දේ උදෙසා ගණ දෙවිඳුන් පිහිට වන බව පිළිගැනේ.

    ගණ දෙවි අවතාරවලට හිමි මූර්ති ඉහත ආකාරයෙන් නාමිකව හැඳින්වුවද ඒ අතරින් වර්තමානයේ බහුලව භාවිත වන්නේ ශාන්ත රූපය සහිත මහා ගනේෂ මූර්තිය හා රන්, රිදී, මුතු, මැණික් ආදී සර්ව ආභරණයෙන් බබළන බුද්ධි ගනේෂ මූර්තියයි. මෙම ගණදෙවි රූපවල එක් දළයක් කැඩී ඇති අතර, ගණ දෙවිඳුන්ගේ වාහනය වූ මීයාද අසලින් සිටිනු දැකිය හැකිය. මෙහිදී මීයා මඟින් විමසිලිමත්, කඩිසර බව නිරූපණය වන අතර, එක දළයක් කැඩීම මඟින් ගණ දෙවිඳුන් යුක්තිය වෙනුවෙන් සටන් කරන බව විදහාපායි. එසේම සර්ව ආභරණයෙන් සෞභාග්‍යයෙන් සශ්‍රිකත්වයන්ද මූර්තිමත් වෙයි.

    සාමාන්‍යයෙන් ගණ දෙවි පූජාව සඳහා පුර පක්‍ෂය තෝරා ගන්නා අතර, ගණ දෙවිඳුන් වෙතින් පිහිට පැතීම සඳහා ශාන්තිකර්මවලට අතිරේකව යන්ත්‍ර-මන්ත්‍ර ආදියද යොදා ගනී. විශේෂයෙන් ගණ දෙවි පූජාව පිරිසුදුව, කිලිකුණු ආදියෙන් තොරව නිර්මාංසව පේවී සිදුකළ යුතුය. ගණ දෙවි පූජාවකදී නිවෙස සෝදා පිරිසුදු කර කහ දියර ඉස නිවෙසේ හරි මැද ගණ දෙවි රූපයක් තැන්පත් කර පූජාව තැබිය යුතුය. ගණ දෙවිඳුන් උදෙසා පූජා වට්ටිය සකස් කිරීමේදී පූජා වට්ටිය පතුලට බෙලි කොළ ඇතිරිය යුතු අතර, දිවුල්, අඹ, අන්නාසි, කෙසෙල් ප්‍රමුඛ පලතුරු 7 වර්ගයක්, ගෙඩි පූජාව ලෙස තැබිය යුතුය. එසේම කැවුම්, අග්ගලා, පැණි වළලු සහිත කැවිලි වර්ග 7ක්ද තබා ලදපස්මල් වන විලඳ, සුනුසහල්, එළ අබ, ඊතණ, සමන්පිච්ච, කැකුළු ආදිය තැබිය යුතුයි. තවද සීනි, පැණි, මිදි, හකුරු ආදිය මිශ්‍ර රසවත් කිරිබතක්ද පූජා වට්ටියටම තැබිය යුතු අතර, සුවඳ දුම් වර්ග ලෙස කපුරු, හඳුන්කූරු ආදියෙන්ද, අඹ, දඹ, රඹ, ඇටිකෙහෙල්, මිදි, බොරලුදන්, ඕලු, මී ආදී අෂ්ටපානයන්ගෙන්ද එම පූජා වට්ටිය සමන්විත විය යුතුය. එපමණක් නොව රතු පැහැති මල් දමක්ද පූජා වට්ටිය උඩින් තබා මහත් වූ ගෞරවයෙන්, භක්තියෙන් ගණ දෙවියන්ට පිදිය යුතුය.

    මහානුභාව සම්පන්න ගණ දෙවි පූජාව ඔබත් භක්තියෙන්, ගෞරවයෙන්, පිරිසුදුව, නිවැරැදිව සිදුකර ගණ දෙවි පිහිට ලැබගන්න. ගණ දෙවි පූජාවකින් ලද හැකි පල ඔබම ප්‍රායෝගිකව අත්විඳ මෙහි ඇති සත්‍යය වටහාගන්න. එසේම ගණ දෙවිඳුන් උදෙසා පහන් තැබීම රාත්‍රි 10.47 සිට 11.11 දක්වා සිදුකරන්න. ඔබත් ගණ දෙවියන්ට පහන් තබා පිහිට යදින සෑම අවස්ථාවකම ඔබ සිදු කළ සුළු හෝ පිනක් සිහිපත් කර ගණ දෙවිඳුන්ට ඒ පින් අනුමෝදන් කරන්න. ඔබගේ නැණ, ගුණ දිනෙන් දින වර්ධනය වනු ඒකාන්තය.
    මහේන්ද්‍ර පල්ලෙබැද්ද
SendShareShare
Previous Post

වසරම සුබ වෙන්න එළකිරි උතුරවමු

Next Post

දිට්ඨ ධම්ම ‌වේදනීය කර්මය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.